සෞඛ්‍ය අමාත්‍යාංශය ‘පාලනය’ ගැන මිනිස්සුන්ට උගන්වන්න කලින්, තමන්ගේ දේශපාලන ගැතිකම පාලනය කරගත්තා නම් අද මෙහෙම රෙදි ගැළවෙන්නේ නැහැ. උපත් පාලනයට වඩා අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ රාජ්‍ය ආයතනවල ඉන්න ‘දේශපාලන වහල්භාවයේ ව්‍යාප්තිය’ පාලනය කරන එකයි.Sri Lanka Latest News
මෙන්න අමාත්‍යාංශයේ ‘වෙබ් අඩවි මෙහෙයුමේ’ ඇතුළාන්තය.
මොළේ පාලනය (Brain Control)
මහජන මුදලින් නඩත්තු වෙන සයිට් එක, විපක්ෂයට මඩ ගහන්න පාවිච්චි කරපු එකෙන් පේන්නේ මුන්ගේ මොළේ වැඩ කරන්නේ Safe මෝඩ් එකේ නෙවෙයි, Slave (වහල්) මෝඩ් එකේ කියලා. පවුල් සැලසුම් කොපු වෙනුවට මුන්ට දෙන්න ඕනේ කොන්ද පණ එන විටමින් වර්ගයක්
ප්‍රචාරණ පාලනය (Self-Control
ඇඩ් එක දැම්මා, චාටර් වුණා, හොරෙන් එඩිට් කළා, ඒත් අහුවුණා. අන්තිමට ඇඩ් එකම හැංගුවා. ලේකම්තුමනි, ඔයාලා හැංගුවේ ඇඩ් එක නෙවෙයි, තමන්ගේම අමනෝඥකමයි. හැබැයි මතක තියාගන්න, ඩිජිටල් පැල්ලම් කොන්ඩම් එකකටවත් වහන්න බැහැ.
ලේකම්තුමාට සහ IT විශාරදයන්ට කෙටි පණිවුඩයක්
දැන්වීම්Delete කළාට Screen Shot අරන් ඉවරයි මහත්තයෝ. උපත් පාලනය කියන්නේ විපක්ෂ නායකයාගේ රූපේ දාලා ආණ්ඩුවේ හිත සතුටු කරන එක නෙවෙයි. කොන්ඩම් එකක් ගැලවිලා ගියාම වෙන්නේ පවුලක් අමාරුවේ වැටෙන එකයි. හැබැයි අමාත්‍යාංශයක කොන්දඬ ගැලවිලා ගියාම මුළු රටක්ම අමාරුවේ වැටෙනවා.
අනතුරු ඇඟවීම:
මහජන මුදල් කියන්නේ කාගේවත් බූදලයක් නෙවෙයි. මඩ ගහන්න ගිහින් අන්තිමට තමන්ගේම මඩ නාගෙන හැංගෙන්න වෙච්ච එක ගැන දැන්වත් ලැජ්ජා වෙන්න. ඊළඟ පාර ඇඩ් එකක් දාද්දි රූපේ ගැන නෙවෙයි, තමන්ගේ වෘත්තීය ගරුත්වය ගැන හිතන්න.
ඇඩ් එක හැංගුවට ඩිජිටල් පැල්ලම් හැංගෙන්නේ නෑ. අපි බලාගෙනයි ඉන්නේ.
චරිත් අබේසිංහ










