• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පටු මානසිකත්වය-වෛරය-මහන්තත්තකම පැත්තකින් තියන්න! ප්‍රශ්නවලට උත්තර හොයන විදිහ ගැන නාමල්ගෙන් ආණ්ඩුවට උපදෙසක්!  I Sri Lanka Latest News

February 19, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

අප ඉල්ලන්නේ ඔබ තමුන්නාන්සේලාගේ ඔය පටුමානසිකත්වය වෛරය ඔය මහන්තත්තකම පැත්තක තියලා මේ වෘත්තිය සමිති වලට වෛද්‍යවරුන්ට ඇහුම්කන් දෙන්න.ඒ වගේම තමයි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පුද්ගලයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් තියෙනවා.පාතාලය හිස ඔසවලා තියෙන්නේ.මිනිසුන්ව මරනවා ඉතිං ඒක නවත්තන්න වළක්වන්න යම් සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලත් ඉල්ලනවා යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුව අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ.Sri Lanka Latest News

ආනයනය සම්බන්ධයෙන් බදු ගැන කතා කරනකොට ඉතින් ඕක තමුන්නාන්සේලාගේ ආණ්ඩුව බලයට ආවේ ගොවියා ශක්තිමත් කරලා මිනිස්සුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරනවා කියලා.ඉතින් අද ගොවියා ධීවරයාගේ ශක්තිමත් කරන එක කෙසේ වෙතත් පිටරටින් කන්න ගෙනල්ලා ව්‍යාපාරිකයාගේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිල්ලක් නම් යනවා. පිටරටින් ගේන ආහාර වල එලවළු පලතුරු වල බදු අඩු කර කර ලංකාවේ ගොවියට යන එන මං නැති කිරීමක් නම් කරන බවක් පේනවා.හැබැයි ඔබතුමාලා බලයට ආවේ කොහොමද දේශීය ගොවියා ආරක්ෂා කරනවා ගොවි සංවිධාන හදලා ගොවියන්ට කතා කරනවා දැන් වීමිලදී ගන්න බිලියන දහයක් වෙන් කරා කිව්වා ආණ්ඩුව. හැබැයි අද වෙනකොටත් ගොවියන්ට සාධාරණ මිලකට වී ටික අලෙවි කරගන්න බැරිවෙලා තියෙනවා.ඒකට ගොවි සංවිධාන කතාකරනවා.ගොවි සංවිධාන ඒ පිළිබඳව අහනවා ආණ්ඩුවෙන්.විපක්ෂට කියනවා.හැබැයි ඔබ මොකක්ද උත්සාහ කරන්නේ අප සුපුරුදු මර්දනයට ගෙනල්ලා ගොවිය පාගලා දාලා හරි කමක් නැහැ තමන්ගේ ව්‍යාපාරිකයෝ ටික ලව්වා හාල් පිටරටින් ගෙන තැනට ඔබ පරිවර්තනය වෙලා තියෙනවා.එක පෑන් පාරෙන් මාෆියාව නැති කරන්න තමයි බලයට ආවේ.හැබැයි අවසානේ මාෆියාව ගැන මම කතා කරන්න යන්නේ නෑ . මට වඩා හොඳට ඔබතුමලා ආශ්‍රය කරනවනේ.හැබැයි බයිසිකලයක්වත් ගන්න බැරි ගොවියෙක් අන්තිමට මහපාරටම ඇදලා වැටෙන තැනට ආර්ථිකය කඩන් වැටිලා තියෙනවා.පොහොර ටික වෙලාවට දුන්නේ නැහැ.පොහොර සහනාධාරය දෙන්න පොරොන්දු වුණා. මිලදී ගන්නේ නැහැ.වගා හානි දිට්වා සුළි සුළඟේ කුණාටුවෙන් වගා හානි වුණා භූමිය හානි වුණා ඒවට වන්දි ගෙවන්නේ නැහැ.දැන් ගෙවල් දෙනවයි කිව්වා ඉඩම් බලලා කිව්ව තියෙන්නේ අපි ගියාම ඔබතුමන්ලාගේ පක්ෂයේ අය.හැබැයි කෝ අන්තිමට.තවම මේ ජනතාව කොතනද ඉන්නේ කියලා කොතෙන්ටද යන්න ඉන්නේ කියලා අවබෝධයක් නෑ තහඩුවකට ලක්ෂ දහයක් දෙනවා කිව්වා.ඉඩමට පනහයි ගෙදරට පනහයි ලක්ෂ සීයයි.ලක්ෂ සීය බලාපොරොත්තුවෙන් ජනතාව තමන්ගේ ජීවිත බේරගෙන ගියේ ජනාධිපතිවරයා විශ්වාස කරලා. හැබැයි ඊට සතියකට කලින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවද කිව්වේ බොරු කියන්න ඕනනම් පාර්ලිමේන්තුවේ කියන්න ඇත්ත කියන්න ඕනනම් එළිය කියන්න ඕන කියලා.ඒ දෙකම වුණා බොරුවකුත් කිව්වා පාර්ලිමේන්තුවේදිත් කිව්වා.අඩු ගානේ ඔබ තමුන්නාන්සේලාට ඔය පිටරටින් ගේන ව්‍යාපාරිකයන්ගෙන් හෝ යම්කිසි අවශ්‍යතාවයක් තිබුණා නම් බදු අඩු කරාට කමක් නෑ.සාමාන්‍ය මනුස්සයන්ට බදු වැඩි කරනවා පිටරටින් ගේනකොට බදු අඩු කරනවා.ඒක ඔබේ ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්.හැබැයි අපි කරුණාකරලා ආණ්ඩුවටට කියන්නේ ඔබ ගොවියා ආරක්ෂා කරන්න ධීවරයව ආරක්ෂා කරන්න.ගොවියා ධීවරයා ආරක්ෂා නොකර ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගන්නේ නැතුව ඔබතමුන්නාන්සේලාට ඉදිරියට ගමනක් නැතිවෙනවා.රටට ගමනක් නැති වෙනවා.ඒ හින්දා ඒ අවධානය බිලියන දහයක් වෙන්කරල අර ට්‍රිලියනයක් ගිණුමේ තියෙනවා කිව්වා ඕන වෙලාවක වන්දි ගෙවන්න පුළුවන් කිව්වා.ට්‍රිලියනයක් තියෙනවා කියලා වන්දි ගෙවන්න ආවා දීපු චෙක් ටිකත් රිටන් වුණා.දීපු චෙක් ටිකත් ආපස්සට ඇවිල්ලා.ඉතිං ඔය ට්‍රිලියන දහය තියාගෙන ගිණුමේ තියාගෙන ඉන්නේ නැතුව, ඒ ගිණුමේ තියෙනවද වෙන කාගේ හරි ගිණුමකට බැර වෙලාද කියලා අපි දන්නේ නැහැ.හැබැයි අපි ඔබෙන් කරුණාකරලා ඉල්ලන්නේ ගොවියන්ගේ ප්‍රශ්නෙට ඔබ මැදිහත් වෙන්න.පහුගිය දවසේ මාදැල් ධීවරයෝ ආවා.උපාධිධාරීන් ආවා ජනාධිපතිතුමා හම්බුනාම ජනාධිපතිතුමාට හොඳ කියාගෙන යනවා.දැන් අපි බලන් ඉන්නේ ඔබ තමුන්නාන්සේලා දීපු පොරොන්දුව ඉටු කරනවද ඔය මැතිවරණ කාලේ මේ හැමෝම ඔබ වෙනුවෙන වැඩ වැඩ කරපු අය.ඔබට ඡන්දෙ දීපු අය ඔබට හම්බෙන්න අයිතියක් තියෙනවා.ඔබට හම්බවෙන්න යුතුකමක් තියෙනවා සහ ඔබ වෙනුවෙන් ඡන්දයට වැඩ කරානම් ඡන්දෙ දුන්නනම් ඒ අයගේ අහිංසක බලාපොරොත්තු ඉටු කරන්න ඔබට වගකීමක් තියෙනවා.

දැන් ඊශ්‍රායලය රැකියාවට යන අය විශේෂයෙන්ම නිෂ්පාදන ක්ෂේත්‍රයේ.ආණ්ඩුවේ කෝටා එක පෞද්ගලික අංශයට දෙනව. ඒ 750කට යන්න ලෑස්ති වෙන්න කිව්වා ඊශ්‍රායලයට යන්න.ඔබතුමන්ගේ නිලධාරීන් ඇමතිවරයා.අද වෙනකොට ඇමැතිවරයා හම්බෙන්න බැරිවෙලාා තියෙනවා.නියෝජ්‍ය ඇමතිවරයාගෙන් වෙලාවක් ගන්න බැරිවෙලා තියෙනවා.බියුරෝ එකට ගියාම බැනලා එලවා ගන්න තත්වයට පත්වෙලා තියෙනවා.මේ ඊශ්‍රායල් එක කණ්ඩායමක් පමණයි හත්සීය පනහ.ඒ අතරේ තවත් ලෑස්ති කරනවා ආණ්ඩුවෙන් යවන්න.දැන් ට්‍රේනින් එක ඉවර කරලා යන්න ලෑස්ති වෙන්න කියලා ඒ අය යන්න බලාගෙන ඉන්නවා අවුරුද්දක් මාස දහයක් දොළහක් යාගන්න බැරිවෙලා තියෙනවා.ඔබ මොකද්ද කරන්නේ තවත් කට්ටිය පිටිපස්සෙ එකතුු කරගන්නවා ආයේ යවනවා කියලා.හැබැයි විශාල මුදලකට පෞද්ගලික අංශයෙන් යවනවා.දැන් ආණ්ඩුවෙන් වැදිච්ච කෝට් එකෙන් යන්නේ නැහැ හැබැයි සල්ලි තියෙන කෙනාට ඔබ තමුන්නාසෙලා සම්බන්ධද නැද්ද කියන්නේ මම දන්නේ නෑ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉන්න කීප දෙනෙක්ගේ වෙන්න පුළුවන්.මේක හරි අසාධාරණයි සහ ගරු සභාපතිතුමිය මේක වෙන්න දෙන්න එපා.ආණ්ඩුවට කියන්නේ මේක වෙන්න දෙන්න එපා මේ 750ට සාධාරණයක් ඉෂ්ට කරන්න.අර රස්සාවලිනුත් අයින් වෙලා.ඔබට සහයෝගය දීපු යම් ඒජන්සි තියෙනවා නම් ඒ කට්ටියට යවා ගන්න එක ප්‍රශ්නයක් නෑ.හැබැයි මේ 750ට සාධාරණයක් ඉෂ්ටකරන්න.මේ එක ක්ෂේත්‍රයක් විතරයි.කොරියාව යන අයටත් මේ හා සමානව ගැටලුවක් පෙන්නලා තියෙනවා. මේවට අඩුම ගානේ ඇහුම්කන් දෙන්න.

හැබැයි ඔබ තමුන්නාන්සේලාට ජාතික ආරක්ෂාව ගැන කියන්න හදනවා ක්‍රිකට් ලෝක කුසලානය සම්බන්ධයෙන්.ඔව් අපේ රටේ ඉතිහාසයේ ඉඳන්ම හැම අවස්ථාවකම යුද්දෙ පවතින වෙලාවකදීපවා අපිත් ජාත්‍යන්තර තරගාවලි පැවැත්තුවා.ආරක්ෂිතව පැවැත්තුවා.අපේ කණ්ඩායම එකපාරක් පකිස්ථානයට ගිහිල්ලා අපේ කණ්ඩායමට වෙඩි තිබ්බා.හැබැයි ඒ තියෙද්දිත් අපි පුන පුනා පකිස්ථානයට ගියා.අනුර කුමාර ජනාධිපතිතුමාගේ කාලසීමාවේදී පවා පකිස්ථානයට ගියා.එතකොටත් පකිස්ථානයේ බෝම්බයක් පිපිරුවා.අපේ කණ්ඩායම ලංකාවට ගෙන්නුවේ නැහැ.ආණ්ඩුව මැදිහත් වුණා ක්‍රිකට් බෝඩ් එක මැදිහත් වුණා ඒ තමන්ගේ තියෙන සබඳතාවය ආරක්ෂා කරා. ඒක වෙන්න ඕනේ.සහ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමත් තියෙනවා නම් ක්‍රිකට් බෝඩ් එකේ මැදිහත්වීමත් තියෙනවා නම් ඒක වෙන්න ඕනේ ඒක හොඳයි හැබැයි ඔබ තමුන්නාන්සේලා ජාතික ආරක්ෂාව තහවුරේ පුරවැසියාගේ ආරක්ෂාව තහවුරුයි කියලා ඔබතුමන්ලාගේ පක්ෂකාර්‍යාලයට යන පාරේ එහා පැත්තේ අකුරෙගොඩ කෑම්ප් එක එහා පැත්තේ නීතිඥවරයෙක් සහ බිරිඳක් ඝාතනය වෙනකොට ඒකට දෙන උත්තරේ මොකක්ද.හමුදා මූලස්තානෙ ගාව ඒකට දෙන උත්තරේ මොකක්ද.විනාඩි දහය පහළොවක් යන්න කලින් විෂය භාර ඇමතිවරයා මොකක්ද කියන්නේ.මේ පාතාල ක්‍රියාකාරකම් කරන පාතාල සංවිධාන අතර පිරිසක්.ඒ නීතිඥවරයා සංවිධානාත්මක අපරාධකරුවෙන් වෙනුවෙන් පෙනී ඉන්නවා මෙන්න ආණ්ඩුවේ උත්තර.අපි අහනවා හර්ෂණ නානයක්කාර අධිකරණ අමාත්‍යවරයා නීතිඥවරයෙක්.එතුමාගේ සේවා දායකයෝ දිහා බැලුවම කියන්න පුළුවන්, හැබැයි මම කියන්නේ නැහැ. ඒක මම කියන්නේ නැත්තේ ගෞරවය නිසා.නීති වෘත්තියට තියෙන ගෞරවය නිසා.හැබැයි ඉතින් එතුමත් සංවිධානාත්මක අපරාධකාරයෝ ආශ්‍රය කරල තියෙනවනේ.දැන් එතකොට ඔබතුමන්ලා මහලොකුවට ප්ලේන් එකේ කරේ තියාගෙන ආපු අයට පෙනී හිටියේ නැද්ද කියලා.අහල බලන්නකෝ හැබැයි ඒක වෘත්තිය.ඒ හින්ද අපි අභියෝග කරන්නේ නැහැ.හැබැයි ඔබ තමුන්නාන්සේලා මොකක්ද කරන්නේ නීතිඥවරයා ඝාතනයට ලක් වුණාට පස්සේ සම්පූර්ණයෙන් සාධාරණීකරණයට ලක් කරන උත්සාහාහ කරනවා සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ඇඟට දාලා.ඒ කියන්නේ පැහැදිලිවම සමහර සංවිධානාත්මක අපරාධ කල්ලි පිටිපස්සේ ආණ්ඩුව ඉන්නවා.ඒක පැලවත්තේන් පාලනය වෙනවද ජනාධිපති කාර්යාලයෙන් පාලනය වෙනවද අගමැති කාර්යාලයෙන් වෙනවද අපි දන්නේ නැහැ.

ඔය අග්‍රාමාත්‍යවරිය ගියා මන්නාරමේ.ගිහිල්ලා යුද්දෙ ඉවර කරේ එතුමියගෙන් අහලා නෙවෙයිලු.එතකොට 88/89 මේ සිද්ධි උනෙත් අහලද.යුද්ධයක් තිබ්බා ත්‍රස්තවාදයක් තිබ්බා ඒක ඉවරයි.හැබැයි තවදුරටත් ඔබතුමාලා ජාතිවාදය අවුස්ස ගෙන ඒ පැතිවලට ගිහිල්ලා මිනිස්සුන්ගේ හදවත් එක්ක සෙල්ලම් කරන්න උත්සාහ කරනවා නම් ඒක සාධාරණ නැහැ.ඔබතුමන්ලාට කටක් කරලා රණවිරුවට රණවිරුව කියන්න බැහැ.නිදහස් දිනයට රණවිරුවා කරපු කාර්ය ගැන කතා කරන්න බැහැ.හැබැයි ආණ්ඩුවේ ආයතනයක උද්ඝෝෂණයක් යනවා නම් ඒකෙ කෝච්චි පෙට්ටිය එලවන්න රණවිරුව පාවිච්චි කරන්න හොඳයි.හැබැයි රණවිරුව කියන්න බැහැ.යුද්ධ ජයග්‍රහණය කරපු ගැන කතා කරන්න තහනම්.ලැජ්ජයි ඔයාලට.මට ලැජ්ජ නැහැ ඔයාලට ලැජ්ජයි.හැබැයි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කුණාටුවක් ආවොත් සුළි සුළඟක් ආවොත් කෝච්චි ස්ට්‍රයික් කළොත් බස් ස්ට්‍රයික් කරොත් දුවගෙන යන්නේ කා ගාවටද ත්‍රිවිධ හමුදාවටයි පොලිසියටයි.ගිහිල්ලා කියනවා අපිට මේකට උදව් කරන්න කියලා.හැබැයි ඒ අයට ගෞරවයක් දෙන්න ඒ අය වෙනුවෙන් කතා කරන්න ඔබට හැකියාවක් නැහැ.ඔබ උත්සාහ කරන්නේ මොකක්ද මර්ධනය කරලා බය කරලා ඔබගේ ආණ්ඩුව අරගෙන යන්න. අපි දැක්කා වෛද්‍යවරුන්ට ඔබගේ මතය වෛද්‍යවරුන්ගේ අයිතියක් ගැන ඔවුන් කතා කරා ඔවුන්ගේ ඉල්ලීම් තියෙනවා.ඒවට ඇහුම්කන් දෙන්න ඕනේ.ඒවට ඇහුම්කන් දෙන්න ඔබතුමන්නාසේලාට වගකීමක් තියෙනවා.හැබැයි ඇහුම්කන් දෙන්නැතුව මොකක්ද කරන්නේ වෛද්‍යවරුන්ට කියන්න උද්ඝෝෂණය කරලා බලන්නකෝ කියලා,එහෙමත් නැත්නම් වෘත්තිමය ක්‍රියාමාර්ගය ගැන අපි බලාගන්නම් කියලා ජනතාව බලාගනීයි කිව්වා.ඔහොම තමයි ඔබ තමුන්නාන්සේලා අරගලය වෙලාවෙත් උසිගන්වලා දොළොස් දෙනෙක් පෝරකයට යැව්වේ.අරගලේ වෙලාවෙත් ඔහොමම තමයි ඔයාලා උසි ගන්වලා මිනිස්සු පාරට බස්සලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මරාගෙන අද දොළොස් දෙනෙක් එල්ලුම් ගස් ගියා මෙහයවපු කට්ටිය රජවුනා.කතා කරන්න කෙනෙක් නෑ ඒ මිනිස්සුන්ට ඊට පස්සේ.ඒ හින්දා කරුණාකරලා ඔබ තමුන්නාන්සේලා පටු මානසිකත්වයකින් මේ දිහා බලන්න එපා.මේ රටේ ආර්ථිකය ගොඩනගන්න සමාජය ගොඩනගන්න ජන ජීවිතය ගොඩනගන්න පැහැදිලි දැක්මක් එක්ක යන්න.දැන් ඔබතුමාලා වල් පැල අයින් කරලා මල් පැලනේ ගෙනාවේ එකසිය පනස්නවයක්.ඒ කාලේ කිව්වේ කදිරිගාමර් මහත්තයා වගේ එකසිය පනස් නවයක් පාර්ලිමේන්තු ආව කිව්වේ.පාස්පෝට් දාහතක් හදන් ගියා තාම දන්නෙ නෑ හදන් ගියේ මොකාද කියල.හැබැයි එන්නේ හොරු අල්ලන්න.තමන්ගේ අමාත්‍යංශයේ පාස්පෝර්ට් ටිකක් හොරාට හදන් ගියා ලේකම් කෙනෙක් ආණ්ඩුව අවා විතරයි.දැන් අද වෙනකන් ඇල්ලුවද කවුද පාස්පෝට් හදන් ගියේ කියලා.නෑ කන්ටේනර් 323පැන්නුවා වරායේන් අපි අහනවා අදටත් අර කුඩු කන්ටේනර් දෙකක් වරායෙන් එළියට දැම්මා කිව්වා කුඩුකන්ටේනර් දෙකක් එළියට දාලා මිද්දෙණියට ගියා කිව්වා.අපි ආණ්ඩුවෙන් අහනවා කවුද ඒ කුඩු කන්ටේනර් දෙක එළියට දාන්න ආණ්ඩුවෙන් ලියුම දුන්නෙ කියලා.ජාත්‍යන්තර බුද්ධි අංශයෙන් තොරතුරක් තියෙනව නම් කිසි දවසක මේ රටේ කස්ටම් එකට හෝ වරායට ලිඛිත දැනුම් දීමකින් තොරව ඒ කන්ටේනර් දෙක එළියට දාන්න බැහැ.අපි අහනවා ලියුම දුන්නේ ජනාධිපතිතුමාද ලියුම දුන්නේ පොලිසිය භාර ඇමතිවරයද ලියුම දුන්නේ පොලිස්පතිවරයද.මේ තුන්දෙනාගෙන් කවුද කුඩු කන්ටේනර් දෙක එළියට දාන්න අවසර දුන්නෙ.

අපි අවසාන වශයෙන් ඉල්ලන්නේ ඔබ තමුන්නාන්සේලාගේ ඔය පටුමානසිකත්වය වෛරය ඔය මහන්තත්තකම පැත්තක තියලා මේ වෘත්තිය සමිති වලට වෛද්‍යවරුන්ට ඇහුම්කන් දෙන්න.ඒ වගේම තමයි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පුද්ගලයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් තියෙනවා.පාතාලය හිස ඔසවලා තියෙන්නේ.මිනිසුන්ව මරනවා ඉතිං ඒක නවත්තන්න වළක්වන්න යම් සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලත් ඉල්ලනවා.

SendShareShare
Previous Post

‘දැට්ස් ද මෑන්..! මෑන් ඔෆ් ද මැච්..!’ කඩ්ඩෙන් කතා කරලා එක රැයින් රටම දැනගත් මාතර මාලිමා මන්ත්‍රී පාර්ලිමේන්තුවේදීත් දෙන ‘කඩ්ඩ’ කොහොමද? ‘දිස් ඊස් නොට් ජස්ට් ගවර්මන්ට්..! දිස් ඊස් ද පීපල්ස් පවර් ඉන් ඇක්ෂන්..! VIDEO I Sri Lanka Latest News

Next Post

සංඝ රත්නයට සිදුකරන ගැරහුම් ගැන ඇමැති සමන්ත විද්‍යාරත්නත් හිටපු උත්සවයේදී අස්ගිරි අනුනාහිමියන්ගෙන් සැර කතාවක්! මේවාට උත්තර දෙන්න ගියොත් සිංහයාගෙයි ඌරාගෙයි සටනක් වගේ අසූචි තවර ගන්න වෙනවා! මේවාට වැඩිකල් නොගොස් ගිහි ජනතාව උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.