වාහන ආනයන බදු වැඩිකිරීම සම්බන්ධයෙන් පැතිර යන සාවද්‍ය ප්‍රකාශවලට නොරැවටෙන ලෙස ගැනුම්කරුවන්ගෙන් මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ඉල්ලා සිටී.Sri Lanka Latest News
වාහන ආනයන බදු වැඩි කර නොමැති අතර, කිසිදු අතිරේක බද්දක්ද පනවා නැති බව අමාත්‍යවරයා පැවසීය.
පවතින මිල වෙනස්වීම්වලට හේතුව වී ඇත්තේ සමාජ ආරක්ෂණ බද්ද වාහන අලෙවියේදී නොව, රේගු අවස්ථාවේදී අයකිරීමට තීරණය කිරීම බව සඳහන් කළේය.
සාවද්‍ය තොරතුරු වාහන විකිණීමේ උපක්‍රම ලෙස භාවිත විය හැකි බැවින්, සත්‍ය තොරතුරු මත පදනම්ව තීරණ ගැනීමට අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.










