• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීති රෙගුලාසිවලට එරෙහිව එන ප්‍රාදේශීය දේශපාලඥයන්ගෙන් බලපෑම් වැඩියි! සීනි සමාගමේ දෙවන සභාපතිත් ඉල්ලා අස්වෙයි! ප්‍රධාන විධායක නිලධාරිනියත් ඉල්ලා අස්වීමේ ලියුම යවලා!  I Sri Lanka Latest News

February 18, 2026
in Exclusive
Reading Time: 7 mins read
A A
නීති රෙගුලාසිවලට එරෙහිව එන ප්‍රාදේශීය දේශපාලඥයන්ගෙන් බලපෑම් වැඩියි! සීනි සමාගමේ දෙවන සභාපතිත් ඉල්ලා අස්වෙයි! ප්‍රධාන විධායක නිලධාරිනියත් ඉල්ලා අස්වීමේ ලියුම යවලා!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් රජය පත්වීමෙන් පසු ලංකා සීනි පුද්ගලික සමාගම සඳහා පත් කළ දෙවන සභාපතිනිය වූ නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.Sri Lanka Latest News

ලංකා සීනි සමාගමේ සභාපතිවරයා ලෙස පත් කරන ලද රුක්ෂාන් ගුණතිලක ද කෙටි කලකින් එම ධූරයෙන් ඉල්ලා අස්වූ අතර ඔහු එම ධූරයට පත් කරන ලද්දේ ද, වර්තමාන ආණ්ඩුව විසිනි.

විෂය භාර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති වෙත වහා ම සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නීතිඥ සඳමාලි චන්ද්‍රෙස්කර පෙබරවාරි 17 වන දා ලිඛිතව දන්වා තිබේ.

ඉල්ලා අස්වීමෙන් දන්වා ඇති කරුණු මොනවා ද?

පාඩු ලබන, රාජ්‍ය හිමිකාරීත්වය දරන ලංකා සීනි සමාගම දැඩි පාලනය සහ මූල්‍ය නියාමනය යටතේ පාලනය වන බැවින් වගවීම සහ පාලනය සහතික කිරීම අවශ්‍ය බැවින් බාහිර ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට අනිවාර්ය සීමා පනවා ඇති බවත් අමාත්‍යවරයා වෙත නීතිඥවරිය යවන ලද ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියේ දැක්වේ.

සිය සේවා කාලය තුළ අදාළ සීමා, චක්‍රලේඛ, රෙගුලාසි සහ නීතිමය ක්‍රියා පටිපාටිය උල්ලංඝනය වන ඉල්ලීම් රැසක් ලැබුණ බව දන්වා ඇති නීතිඥ සඳමාලි චන්ද්‍රෙස්කර, අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම තමන් ද අදාළ නීතිමය බැඳීම්වලට තදින් ම බැඳී සිටි බැවින් එම ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි වූ බවත් පෙන්වා දී තිබේ.

තමන් ඇතුළු ආයතන ප්‍රධානීන් දරන ලද එම ස්ථාවරය ඇතැම් දේශපාලඥනයන් සමග ගැටුම් ඇති කර ගැනීමට හේතුවක් වූ බව අවධාරණය කර ඇති හිටපු සභාපතිනිය, එම පුද්ගලයන්ට ආයතනයේ නීති රාමුව පැහැදිලි කිරීමට දරන ලද උත්සාහයන් අසාර්ථක වූ බව ද සිය ඉල්ලා අස්වීමේ ලිපියේ දක්වා ඇත.

‘මගේ රාජකාරී ඉටු කිරීම දුෂ්කර වී ඇත’

“නීතිය, රෙගුලාසි සහ චක්‍රලේඛවලට පටහැනිව කටයුතු කිරීමට ප්‍රාදේශීය දේශපාලඥයින්ගෙන් ලැබෙන අඛණ්ඩ පීඩනය හේතුවෙන්, යහපාලනය සහ ආයතනික නීතියට අනුකූලව මගේ රාජකාරී ඉටු කිරීම දුෂ්කර වී ඇත.”

එම තත්ත්වය යටතේ ආයතනයේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට අපහසුවීම හේතුවෙන් වෘත්තීය ආචාර ධර්මවලට අනුකූලව තනතුරෙන් ඉල්ලා අස්වන බව නීතිඥ සඳමාලි චන්ද්‍රෙස්කර, අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති වෙත යවන ලද සේවයෙන් ඉවත් වීමේ ලිපියේ සටහන් කර තිබේ.

ප්‍රධාන විධායක නිලධාරිනියත් ඉල්ලා අස්වෙයි

ලංකා සීනි සමාගමේ මතුව තිබෙන තත්ත්වය පිළිබඳව සිය අනන්‍යතාව හෙළි නොකර ලෙස ඉල්ලමින්, සමාගමේ ඉහළ පෙළේ නිලධාරියෙකු බීබීසී සිංහල වෙත කියා සිටියේ, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ දීපිකා ගුණතිලක ද සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව ය.

මුදල් අමාත්‍යංශය ලබා දී තිබූ මාර්ගෝපදේශ සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව කටයුතු කරමින් හිටපු සභාපතිනියට සහ හිටපු විධායක නිලධාරිනියට සීනි සමාගම පියවර කිහිපයක් ඔසවා තැබීමට හැකි වූ බව ද එම ප්‍රකාශකයා කියා සිටියේ ය.

‘නීති රාමුව ඇතුළේ කරන්න බැරි දේවල් ඉල්ලුවා’

“රජයේ නීති රාමුව ඇතුළේ කරන්න බැරි දේවල් ඉල්ලුවා. ඒක කළොත් අධ්‍යක්ෂ මණ්ඩලයට යි, ඉහළ නිලධාරීන්ට යි තමයි ප්‍රශ්න එන්නේ,” යැයි ආයතනයට පිටස්තර ප්‍රාදේශීය දේශපාලඥනයින්ගෙන් එල්ල වන බලපෑම් සම්බන්ධව එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.

එල්ල වන බලපෑම් සම්බන්ධව නිරන්තරයෙන් විෂය භාර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති දැනුවත් කළ බවත් සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ සීනි සමාගමේ අදාළ නිලධාරියා පැවසීය.

එම දැනුවත් කිරීම්වලට අමාත්‍යවරයාගෙන් ලැබුණ ප්‍රතිචාර සහ ගන්නා ලද ක්‍රියාමාර්ග සම්බන්ධව බීබීසී සිංහල විමසීමක් කළ අතර ප්‍රකාශකයා ඊට පිළිතුරු දිය නොහැකි බව පැවසීය.

දේශපාලන බලපෑම් ගැන ‘මම දැනුවත් වෙලා නැහැ’ ඇමති කියයි

දේශපාලන බලපෑම් හේතුවෙන් ලංකා සීනි සමගමේ සභාපතිනිය ඉල්ලා අස්වූ බවට වන ප්‍රකාශ සම්බන්ධව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයාගෙන් බීබීසී සිංහල විමසීමක් කළේ ය.

“එහෙම නම් එකක් නැහැ. අපි ආයතන ගණනාවක ම සභාපති ධූර වෙනස්කම් කීපයක් කරනවා, රාජ්‍ය ව්‍යවසායන්වල. එහෙම සිද්ධ කරපු වෙනස්කමක් තමයි,” අමාත්‍යවරයා පිළිතුරු ලෙස සඳහන් කළේ ය.

සභාපතිනිය ඇතුළු පිරිසට එල්ල වී තිබෙන දේශපාලන බලපෑම් සම්බන්ධව දැනුවත් කර තිබේ දැයි අප අමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර එහිදී අමාත්‍යවරයා, “මම දැනුවත් වෙලා නැහැ,” යි කියා සිටියේ ය.

නීතිඥ සඳමාලි චන්ද්‍රෙස්ක ලංකා සීනි සමාගමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණ බවත් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති බීබීසි සිංහල වෙත පැවසීය.

රජයේ ආයතනවල සභාපති, අධ්‍යක්ෂ මණ්ඩල සහ ප්‍රධානීන් ඇතුළු තනතුරු ගණනාවක වෙනස්කම් ඉදිරි දින කිහිපයේදී සිදුකිරීමට රජය අදහස් කරන බවත් ඊට අදාළ වෙනස්කම් ඉදිරියේදී දැනුම් දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පෙබරවාරි 10 වන දා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේ ය.

BBC සිං

SendShareShare
Previous Post

ආණ්ඩුව කාන්තා කොමිසම අවුල් ජාලාවක් කරගෙන! ආණ්ඩුව නෑ කියලා කියපු ගැසට් එක සජිත් සභාගත කරයි!  VIDEO I Sri Lanka Latest News

Next Post

වාහන විකුණගන්න ගහන බොරුවක්! කිසිම බද්දක් ගහලා නෑ! මිල වැඩිවීමක් වෙන්නේ නෑ! මුදල් නියෝජ්‍ය ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්!  I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.