විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමී මහතා කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී හමු වූ අතර එහි දී රාජ්‍ය තාන්ත්‍රික කතා බහකට එහා ගිය සාකච්ඡාවක් සඳහා දෙපාර්ශ්වය එක්විය.Sri Lanka Latest News
මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ උපත ලැබූ වල් අලි පැටවෙකුගේ ඡායාරූපයක් එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමී මහතා වෙත තෑග්ගක් ලෙස ලබා දෙන ලදී.
දිට්වා සුළි කුණාටුවට මුහුණ දීමත් සමඟ ශ්‍රී ලංකාව ගැටලු රැසකට මුහුණ දී ඇති බවත් එය මෙරට ආර්ථික අස්ථාවරයත්වය, දේශගුණික කම්පන සහ ජනතාව කෙරෙහි විශාල ලෙස බලපා ඇති බවත් මෙහි විශාල බලපෑමක් වන ජිවීන්ට ද මුහුණ දීමට සිදු වූ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය. අලි මිනිස් ගැටුම නිසා සෑම වසරකම අලි ඇතුන් 400 කට අධික සංඛ්‍යාවකගේ සහ පුද්ගලයින් 150 කට වැඩි පිරිසකගේ ජීවිත අහිමි කරන ඛේදජනක දෛනික යථාර්ථයක් බවට පත්ව ඇති බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා මෙම ගැටලුව විසඳීම සඳහා තවදුරටත් තාවකාලික විසඳුම් සහ අක්‍රමවත් අරමුදල් මත විශ්වාසය තැබීම සිදු කළ නොහැකි බව පෙන්වා දුන්නේය.
ඒ අනුව “සංරක්ෂණ රාජ්‍ය තාන්ත්‍රිකභාවය” දෙසට මාරුවීමක් සිදුවිය යුතු බවට යෝජනා කළ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ විද්‍යාත්මක සැලසුම්කරණය සහ ප්‍රජා ආරක්ෂාව සඳහා හවුල් වීමට එක්සත් රාජධානියට ආරාධනා කරන බවත් මෙහි ඉලක්කය වන්නේ ජාතික අර්බුදය බෙදාගත් ගෝලීය මෙහෙවරක් බවට පත් කිරීම බවත්ය. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ආසියානු අලි ඇතුන් බේරා ගැනීම ශ්‍රී ලංකාවේ බරක් පමණක් නොව, අප සැම බෙදා ගන්නා වගකීමක් බව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවසාන වශයෙන් පැවසීය.












