ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (16) පස්වරුවේ දිවයිනට පැමිණියහ. Sri Lanka Latest News
කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිස විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහිදී නියෝජිත කණ්ඩායම පිළිගනු ලැබීය.
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය සහ එහි බලපෑම සෘජුව නිරීක්ෂණය කිරීමේ අරමුණින් IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ඇතුළු නියෝජිත පිරිස මෙරට සංචාරයක නිරතවන අතර ඔවුන් අද (17) පෙරවරුවේ ගම්පොළ ප්‍රදේශයේ සංචාරයක නිරත වීමටද නියමිතය.
අනතුරුව කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ආපදා තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සහ සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ශක්තිමත් අනාගතයක් ගොඩනැඟීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දිය හැකි සහාය පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.







මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා AI Impact Summit 2026 සඳහා සහභාගි වීමට අද (17) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 19 වන දා සමුළුව ඇමතීමට නියමිතය.
දින 05ක් පුරා පැවැත්වෙන සමුළුව සඳහා රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ රටවල් 45කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් සහභාගි වීමට නියමිතය. එමෙන්ම, මෙම සමුළුවේදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ අනාගත ගමන්මඟ සහ ගෝලීය අභියෝග ජය ගැනීමට එය භාවිත කළ හැකි ආකාරය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.
මෙම ඉන්දියානු සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
ජනාධිපති මාධ්‍ය අංශය
2026-02-16










