අභාවප්‍රාප්ත තිස්ස විතාරණ ගරු අමාත්‍යවරයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොදුජන නායකයෙක් බවත් එතුමා සතු අගය කළ යුතු ප්‍රධානම ලක්ෂණය වූයේ සමාජ සාධාරණත්වය හා දුගී දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන් පොදු ජනයාට යුක්තිය සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් ශක්තිමත් ස්ථාවරයක සිටි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අභාවප්‍රාප්ත ගරු තිස්ස විතාරණ මහතාට අවසන් ගෞරවය දැක්වීමට පැමිණි අවස්ථාවේදීය.
එතුමාගේ මේ අභාවය රටටත් පොදු ජනතාවටත් සාමාන්‍ය ජනතාවටත් පාඩුවක් බවත් නැනෝ තාක්ෂණ ක්ෂේත්රය දියුණු කිරීමේ මිට ඉහළ තාක්ෂණ සාක්ෂරතාවක් ඇති කිරීමේ ගමනේ එතුමා පුරෝගාමී වැඩ කොටසක් ඉටු කළ බවත් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
















