• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රතන හිමිට-ඥානසාර හිමිට අගමැති පොඩි එකක් දෙයි

August 16, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
රතන හිමිට-ඥානසාර හිමිට අගමැති පොඩි එකක් දෙයි
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ ඇතැම් භික්ෂූන්වහන්සේලා පාර්ලිමේන්තු අසුනක් ලබා ගැනීම සඳහා අරගල කරද්දී, උගත් බුද්ධිමත් සඟ පරපුරක් බිහි කිරීම උදෙසා ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය දැක්වූ දායකත්වය සුවිශාල බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා එසේ පවසා සිටියේ අංක 70, ගාලු පාර, කොළඹ 06 යන ස්ථානයේ දී අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාල ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එම අවස්ථාවට සහභාගී වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් මෙසේ ද පැවසීය.

අමරපුර නිකාය  මීට වසර 217කට පමණ පෙර අරම්භ කරනු ලැබුවත් මෙම නිකායේ සංඝ සභාව වෙනුවෙන් ස්ථීර ගොඩනැඟිල්ලක් තිබුණේ නැහැ. මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා භූමිය පරිත්‍යාග කිරීමට මා හට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් මම මේ අවස්ථාවේ අතිශය සතුටට පත් වෙනවා. අමරපුර නිකායේ දායක සභාවේ උප සභාපති අජිත් ද සොයිසා මහතා අඩුවක්ව පැවතුණු ගොඩනැඟිල්ල සාදා නිම කිරීම ද මා මේ අවස්ථාවේ ඉතා අගය කරනවා. ඒ වගේම මෙම රමණීය මන්දිරය විවෘත කරන අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීමට ලැබීම ගැන මම සතුටට පත් වෙනවා.

මහනුවර යුගයේ දී පැවිදි උපසම්පදාව සමාජයේ එක් කොටසකට පමණක් සීමා වුණා. මේ නිසා සියලු ශ්‍රී ලාංකික කුලපුත්‍රයන්ට පැවිදි උපසම්පදාව ලබාගත හැකි ලෙස අමරපුර නිකාය බිහි වුණ බවටයි ශාසනික ඉතිහාසයේ සඳහන් වන්නේ. උගත් බුද්ධිමත් සඟ පරපුරක් බිහි කිරීමට අමරපුර නිකාය දායක වුණා. ඒ අනුව වස්කඩුවේ ශ්‍රී සුභූති හාමුදුරුවෝ,  පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ, මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවෝ, පිංවත්තේ දේවානන්ද හාමුදුරුවෝ, බම්බලපිටියේ නාරද හාමුදුරුවෝ, වජිරාරාම විහාර වාසී පියදස්සී හාමුදුරුවෝ, හීනටියන ධම්මාලෝක හාමුදුරුවෝ, දවුල්දෙන ඥානිස්සර හාමුදුරුවෝ වගේ කීර්තිමත් යතිවරයන් වහන්සේලා විශාල පිරිසක් අමරපුර නිකායෙන් බිහි වුණා.

අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හාමුදුරුවෝ තමයි අමරපුර නිකායේ වර්තමාන උත්තරීතර මහනායක හිමිපාණන්වහන්සේ. උන්වහන්සේ උත්තරීතර මහනායක පදවියට පත් වන්නේ 2017 වර්ෂයේ දී. උන්වහන්සේ දහස් ගණනින් ධර්ම දේශනා පවත්වනු ලැබුවා. අපේ මහනායක හාමුදුරුවෝ විශාල ශාසනික සේවාවක් ඉටුකරමින් සිටිනවා. උන්වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

වර්තමානයේ ඇතැම් භික්ෂූන්වහන්සේලා පාර්ලිමේන්තු අසුනක් ලබා ගැනීම සඳහා අරගල කරද්දී මෙවැනි ශාසනික සේවාවන් සිදුවනු දැකීම පවා සතුටට කරුණක් බව වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා අභිනවයෙන් විවෘත කරනු ලැබූ අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාලය මෙරට සුවිශාල ශාසනික සේවාවක් සිදු කරන කේන්ද්‍රස්ථානයක් වේවා යැයි ප්‍රාර්ථනා කරන බවද සඳහන් කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්රීතර මහා නායක අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමි, අමරපුර මහා සංඝ සභාවේ ප්‍රධාන සභාපති ශාස්ත්‍රපති ගන්තුනේ අස්සජි හිමි, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහෝත්පාධ්‍යාය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමි, අමරපුර සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර අනුනාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උප සභාපති අහුංගල්ලේ සිරි ශීල විසුද්ධි නායක හිමි, සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමි, ශ්‍රී රාමාඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී අත්තන්ගනේ ශාසන රතන හිමි ඇතුළු මහා සංඝරත්නය සහ හිටපු කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

SendShareShare
Previous Post

ජයෙන් පසු බැසිල්ගේ පළමු ප්‍රකාශය

Next Post

ප්‍රභාකරන් මරා දැමූ තැනට විග්නේෂ්වරන්-ගජේන්ද්‍රන් යයි: දිවුරුමකුත් දෙයි

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.