මහියංගණය ප්‍රාදේශීය සභාවේ සභාපති වයි. එම්. කේ. වීරරත්න සහ හපුතලේ ප්‍රාදේශීය සභා විපක්ෂ නායක ආර්.කේ රාමනායක යන මහත්වරුන් සමගි ජන බලවේගය සමග එක් වූහ.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ දී එහි නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බන්ඩාර මහතා හමුවූ ඒ දෙදෙනා ඉදිරියේදී සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරන බවට සහතික විය.











