මේ මතක් කිරීම සමහරුන්ට ටිකක් රිදෙන සහ මට බැණුම් අසන්න සිදුවන එකක්.Sri Lanka Latest News
එදා ගෝල්ෆේස් අරගල භූමියට ගිය සජිත් ප්‍රේමදාසගේ දිවි ගැලවුණේ අනූනවයෙන්. එතැන ඇතිවූ මොබ් එක වේයන්ගොඩදී අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයා ඝාතනයට ලක්වූ අවස්ථාවටත් වඩා දරුණුයි.
එහි සිටි අය ගල්, මුගුරු, පොලුවලින් සජිත් ප්‍රේමදාස මහතාට හතර වටින් පහර දුන්නා. ආරක්ෂකයන් කෙසේ හෝ ඔහු වාහනයට නංවාගත්තා. ඒ ජීප් රථය පවා කුඩු කළා.
සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම අනුර කුමාර දිසානායක මහතාද 2022 මැයි 09 දා අරගල භූමියට යනවා. අරගලකරුවන්ගෙන් දෙදෙනාට ලැබෙන්නේ දෙවිදියක සැලකිලි. සජිත් නූලෙන් සියදිවි ගලවාගනිද්දි අනුරට උණුසුම් පිළිගැනීමක් ලැබෙනවා. ඊට හේතුව අරගල භූමියත් දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩකිරීම විය හැකියි. ඒ බවට හොඳ සාක්ෂියක් තමයි, සජිත්ට එල්ලවූ ප්‍රහාරය පිළිබඳ එදා කියවුණු දේවල් මෙන්ම අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ධානිෂ් අලී, චමුදිත සමරවික්‍රම සමග පසුව පැවැත්වූ සාකච්ඡාවකදී කියූ දේවල්.
ඔහු කෙළින්ම කියූ දෙයක් තමයි සජිත්ට ප්‍රහාරය එල්ලකිරීමට මූලික වුණේ මාලිමාවේ ජගත් මනුවර්ණ බව. ඔහු එතැන සිටින අයුරුත් පේන්න තිබුණා.
ඒ වගේම එදා අරගල භූමියේ සිටි අයගෙන් අප දැනගත් දේ තමයි සජිත් සහ අනුර අරගල භූමියට ඇතුළු වන්නේ ස්ථාන දෙකකින්. අරගලකරුවන් කණ්ඩායමක් අනුර සැලසුම්සහගතව එහි කැඳවාගෙන තිබුණත් සජිත් එලෙස එතැනට ගොස් තිබුණේ නැහැ.
දේශපාලන ඉලක්කයක් රහිත අරගලයක් ඵලක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණ මුලදී කීවත් අවසානයේ එහි උපරිම වාසිය ලබාගන්න ඔවුන් සමත්වුණා. ‘ගෝල්ෆේස් අනුරාගමනය’ එවැන්නක්.
සජිත්ට ප්‍රහාරයක් එල්ලවීම සුළුපටු දෙයක් නොවන්නේ ජනාධිපතිවරණයේදී ඔහු ඒ වනවිට අනුරගේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට පත්වෙමින් සිටීමයි. ප්‍රහාරයෙන් ඔහුගේ දිවි ගලවාගැනුණද සංකේතාත්මකව ගත්විටත් එය අනුර කුමාර දිසානායකට වාසිසහගත තත්ත්වයක් බව නොඅනුමානයි. එය මනාව සැලසුම් වී තිබුණේද එනිසාම විය යුතුයි.
වේයන්ගොඩදී අමරකීර්ති අතුකෝරල ඝාතන සිදුවීමට මාලිමාව ඍජුව සම්බන්ධ නොවන්නට ඇති. එහෙත් ගෝල්ෆේස්හි සජිත්ට එල්ල වූ ප්‍රහාරය කියන්නේ කුමක්ද? මේ දෙකම එකම ආකාර බවයි.
එනයින් සජිත් ඝාතන තැතකින් මෙන්ම ගෝල්ෆේස්හි ඇතැම් අරගලකරුවන් දඬුවම් ලැබීමකින්ද බේරී් ඇත්තේ අනූනවයෙනි.

මහින්ද රූබසිංහ
(ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ)










