ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) උදෑසන නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී අවට වතුයායන්හි වතු සේවකයින් පිරිසක් හමුවී ඔවුන් සමඟ සාකච්ඡාවක නිරත විය.Sri Lanka Latest News
ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණි අවස්ථාවේ වතු සේවකයින් විසින් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිළිගත් අතර, තමන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ස්තූතිය ද පළ කර ඇත.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වතු කම්කරුවන් සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමන්ගේ වැටුප් වැඩි කිරීමට පමණක් නොව, වතු කම්කරුවන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා පැමිණි එකම ජනාධිපතිවරයා බවය.










