ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
බගවන්තලාව, පොයිස්ටන් වතුයායේ කම්කරු ජනතාව අද (10) වැඩ ආරම්භ කළේ අලුත් සතුටක් සැමරමින්. ඒ වසර ගණනාවක සිහිනයක් වූ රු. 1750 දෛනික වැටුප කිසිදු උද්ඝෝෂණයකින් තොරව තමන්ගේ වැටුප් පත්‍රිකාවට ලැබීම නිමිත්තෙන්.Sri Lanka Latest News
වතු සමාගමෙන් රු. 1550 ක් සහ රජයේ පැමිණීමේ දීමනාව ලෙස රු. 200 ක් සමග මෙම වැටුප හිමිව තිබේ.
මෙම සතුට වෙනුවෙන් වතු ජනතාව කිරිබත් උයා, රතිඤ්ඤා දල්වා ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජයට සිය ප්‍රණාමය පුද කළහ.
එහිදී අදහස් දක්වමින් වතු කම්කරු ජන්තාව කියා සිටියෙ වතුකම්කරුවන්ට දේශපාලන පොරොන්දු දේ නොමග යවන ක්‍රමවේදයට තිත තබා දුන්නු පොරොන්දු එලෙසම ඉටු කිරීමට වත්මන් රජයේ කටයුතු කිරීම ගැන සිය සතුට ප්‍රකාශ කරන බවයි.






















