ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඳපොළ සහ රාගල මහ ඌව වතු ආශ්‍රිතව ජීවත් වන පවුල් 408ක ප්‍රතිලාභීන් සඳහා අවශ්‍යතාවයන් පරිදි වෙන්කර හඳුනාගැනීමෙන් අනතුරුව පාසල් උපකරණ හා සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදා දීම ඉන්දීය සහකාර මහ කොමසාරිස් (මහනුවර) සරන්‍යා වී.එස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරින ,Sri Lanka Latest News
මෙහිදී කඳපොළ ප්‍රදේශයේ පාසල් දුවා දරුවන් 157ක් සදහා සදහා පාසල් උපකරණ හා රාගල මහ ඌව වතුකර පවුල් 251ක් සඳහා සනිපාරක්ෂක ද්‍රව්‍ය බෙදා දීම මෙහිදී සිදු විය ,
අන්‍යෝන්‍ය ගෞරවය සහ “පළමුව අසල්වැසියා” ප්‍රතිපත්තිය මගින් මෙහෙයවනු ලබන ආර්ථික හා සනීපාරක්ෂක අවශ්‍යතාවයන්ගෙන් අවදානමට ලක්විය හැකි පවුල්වලට සහාය වීම ප්‍රජා ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම පුළුල් මානුෂීය ප්‍රයත්නයේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන් මාලාවේ එක් අදියරක් වශයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණ.
මෙම වැඩසටහන් මාලාව සඳහා නුවරඑළිය ප්‍රාදේශිය සභාවේ සභාපති වේළු යෝග රාජ් මහතා , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඩී.එම්.එස්.දිසානායක මහතා , වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (සැලසුම්) කේ.එම්.ජී.බී.කැකුලන්දර මහතා , වලපනේ ප්‍රාදේශීය සභාවේ ලේකම් නන්දන ඩයස් මහතා නුවරඑළිය හා වලපනේ ප්‍රාදේශීය සභා නිලධාරීන් ප්‍රතිලාභී ප්‍රදේශවාසීන් පාසල් දුවා දරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.










