ආහාරවලින්ද කොරෝනා වයිරසය බෝ වන බව මේ වනවිට අනාවරණය වී තිබේ.
රොයිටර් පුවත් සේවය වාර්තා කොට ඇත්තේ බ්‍රසීලයේ සිට චීනය වෙත රැගෙන ආ කුකුළු මස් තොගයක මතුපිට කොරෝනා වයිරසය තිබී සොයාගෙන ඇති බවකි.
මීට අමතරව ඉක්වදෝරයේ සිට රැගෙන ආ කූනිස්සන් තොගයකද කොරෝනා වයිරසය තිබී සොයාගැනීමට සෞඛ්‍ය අංශ සමත්ව ඇත.
මේ තත්ත්වය යටතේ ආහාර පාන අපනයනය හා ආනයනය කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දීී ඇත.
චීන බලධාරීන් පෙන්වා දී ඇත්තේ ශීත කළ ආහාර මගින් වයිරසය බෝවීමේ ප්‍රවණතාවක් ඇති බවකි.










