• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකා දූපතේ සිට ඔස්ටේ්‍රලියා මහද්වීපයේ ලොකුම රහස් පුටුවට ගිය කැතී ක්ලග්මන්! Sri Lanka Latest News

February 7, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ලංකා දූපතේ සිට ඔස්ටේ්‍රලියා මහද්වීපයේ ලොකුම රහස් පුටුවට ගිය කැතී ක්ලග්මන්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ යුද ගිනි නිවීගිය අතිශය තීරණාත්මක යුගයක, මෙරට රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ මෙන්ම, අද වනවිට ඔස්ටේ්‍රලියාවේ සමස්ත බුද්ධි තොරතුරු පද්ධතියේ ‘මොළකරු’ බවට පත්ව සිටින අපූරු කාන්තාවකගේ කතාවයි මේ. 2008 සිට 2012 දක්වා ශ්‍රී ලංකාවේ ඔස්ටේ්‍රලියානු මහකොමසාරිස්වරිය ලෙස කටයුතු කළ කැතී ක්ලග්මන් (Kathy Klugman), ඔස්ටේ්‍රලියානු ඉතිහාසයේ ප්‍රථම වරට එරට ජාතික බුද්ධි අධ්‍යක්ෂ ජනරාල් Director General of National Intelligence) ධුරයට පත්වෙමින් නව පරිච්ඡේදයක් සනිටුහන් කර තිබේ. මෙය හුදෙක් පත්වීමක් පමණක් නොව, දශක ගණනාවක රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් සහ බුද්ධි තොරතුරු විශ්ලේෂණය කිරීමේ ප්‍රශස්ත හැකියාව වෙනුවෙන් ලද උපරිම ගෞරවයකි.Sri Lanka Latest News

ක්ලග්මන් ශ්‍රී ලංකාවේ සේවය කළේ මෙරට ඉතිහාසයේ අතිශය සංවේදී මෙන්ම අභියෝගාත්මකම කාලසීමාවකය. උතුරු නැගෙනහිර තිස් වසරක කුරිරු යුද්ධය අවසන් වී රට යළි ගොඩනැගෙමින් තිබූ ඒ අවධියේ, ඔස්ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා හුදු තානාපති සබඳතාවලින් ඔබ්බට ගෙන යාමට ඇය සමත් වූවාය. විශේෂයෙන්ම යුද්ධයෙන් පීඩාවට පත් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල මානුෂීය සහාය ලබාදීමේ වැඩසටහන් මෙන්ම, එම ජනතාවගේ ජීවනෝපාය නැවත නගාසිටුවීමේ වගකීම ඇය කරට ගත්තාය. යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් ජාත්‍යන්තර පීඩනය හමුවේ වුවද, ආරක්ෂාව, මුහුදු සීමා පාලනය සහ අනවසර සංක්‍රමණයන් වැළැක්වීම සම්බන්ධයෙන් ලාංකීය රජය සමග ඍජු හා විනිවිද පෙනෙන සාකච්ඡා පවත්වාගෙන ගිය සැබෑ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක ලෙස ඇය කැපී පෙනුණි. ඉන්දු-පැසිෆික් කලාපයේ දේශපාලන සහ ආරක්ෂක ගතිකයන් පිළිබඳ ඇය සතු ගැඹුරු අවබෝධයට පදනම වැටුණේ ශ්‍රී ලංකාවේ අත්දැකීම් පන්නරයක් කරගනිමින් බව නොරහසකි.

ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය පසු ඔස්ටේ්‍රලියානු රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු හොබවමින් ඇය පෙන්වූ දක්ෂතාව අතිමහත්ය. විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ DFAT) නියෝජ්‍ය ලේකම්වරිය ලෙසත්, අගමැති සහ කැබිනට් දෙපාර්තමේන්තුවේ අන්තර්ජාතික අංශයේ නායිකාව ලෙසත් ඇය කළ මෙහෙය එරට ප්‍රතිපත්ති සම්පාදනයට විශාල බලපෑමක් එල්ල කළේය. විශේෂයෙන්ම ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය සඳහා ඔස්ටේ්‍රලියාවේ විශේෂ නියෝජිතවරිය ලෙස කටයුතු කරමින් කලාපීය ආරක්ෂාව වෙනුවෙන් ඇය කළ මැදිහත්වීම ඇයව බුද්ධි අංශයේ ඉහළම තනතුර කරා ගෙන යාමට මාවත විවර කළේය. ඔස්ටේ්‍රලියාවේ ‘පැසිෆික් පියවර’ (Pacific Step-up) ඉදිරියට ගෙන යාම සඳහා විශේෂ පැසිෆික් කාර්යාලය පිහිටුවීම අධීක්ෂණය කරමින් ඇය පෙන්වූ උපායමාර්ගික නායකත්වය, ඔස්ටේ්‍රලියාවේ කලාපීය බලය තහවුරු කිරීමට ඉමහත් පිටිවහලක් විය.

කැතී ක්ලග්මන්ගේ මෙම නව පත්වීම ඔස්ටේ්‍රලියානු බුද්ධි ලෝකයේ නව පිටුවක් පෙරළීමකි. ජාතික බුද්ධි කාර්යාලයේ (Office of National Intelligence) හෝ එහි පූර්වගාමියා වූ ජාතික තක්සේරු කාර්යාලයේ ප්‍රධානියා ලෙස පත්වූ ප්‍රථම කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක්වන විට, එය මුළුමහත් කාන්තා පරපුරටම මහා අභිමානයකි. බුද්ධි තොරතුරු එක්රැස් කිරීම පමණක් නොව, ඒවා රටක ජාතික ආරක්ෂාව වෙනුවෙන් උපායමාර්ගිකව යොදාගැනීමේ අතිශය බැරෑරුම් වගකීම දැන් පැවරී ඇත්තේ ශ්‍රී ලංකාවේ අහුමුළු ගැන පවා හොඳින් දන්නා මේ අභීත කාන්තාවටය. යුද සමය සහ පසු යුද සමය වැනි සංකීර්ණ දේශපාලන හා ආරක්ෂක වටපිටාවන් තුළ කටයුතු කර ලද අත්දැකීම්, ඔස්ටේ්‍රලියාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධ තීරණ ගැනීමේදී ඇයට ප්‍රබල ශක්තියක් වනු ඇත.

අවසානයේදී, කැතී ක්ලග්මන්ගේ මෙම ගමන ලෝකයටම දෙන පණිවුඩය වන්නේ, රාජ්‍යතාන්ත්‍රික සේවයේදී ලබන ක්ෂේත්‍ර අත්දැකීම් රටක ඉහළම ආරක්ෂක තීන්දු තීරණ ගැනීමට කෙතරම් බලපාන්නේද යන්නයි. ශ්‍රී ලංකාව වැනි කුඩා දූපතක සිට ඔස්ටේ්‍රලියාව වැනි මහාද්වීපයක බුද්ධි නායකත්වය දක්වා ඇය ආ ගමන, කැපවීම සහ බුද්ධිමය මෙහෙයුම්වල විශිෂ්ටත්වය කියාපාන ජීවමාන සාක්ෂියකි. ඇයගේ නායකත්වය යටතේ ඔස්ටේ්‍රලියානු බුද්ධි අංශය නව මාවතක ගමන් කරනු ඇති බවත්, එම තීරණ පිටුපස ලාංකීය පොළොවෙන් ලද පන්නරය සැමදා පවතිනු ඇති බවත් සහතිකය.

ඇන්ටන් ප්‍රනාන්දුපුල්ලේ

SendShareShare
Previous Post

රහස් දොර වහලා බෙල් සීගිරිය කොල්ල කෑවාද? සීගිරියම එළිය කරපු තාක්ෂණය! පුස්කොළ පොත් – රහස් ලේඛන – රන් පත්ඉරු – පුරාවස්තු හෙළයන්ගේ ගුවන් තාක්ෂණය! Sri Lanka Latest News

Next Post

නිදහස් සමරුවට මේ වර ගියේද? Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.