• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙනස – පොරොන්දුව සහ යථාර්ථය! ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම් ඔස්ටේ්‍රලියාවේ සිට ලියයි! Sri Lanka Latest News

February 7, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
වෙනස – පොරොන්දුව සහ යථාර්ථය! ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම් ඔස්ටේ්‍රලියාවේ සිට ලියයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2025 අවසානය කරා ළඟාවෙත්ම පැවතුණ පාලනයේ අසමත්වීම්වලට අමතරව, ආර්ථික චිත්‍රය දැඩි ලෙස කැළඹිලිසහගතව පැවතිණි. දරිද්‍රතා මට්ටම් නොවෙනස්ව සියයට විසිපහක් පමණ විය. ඉන් අදහස් වූයේ සෑම නිවාස හතරකින්ම එකක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දුන් බවයි. මවුපියන්ට තම දරුවන් පෝෂණය කිරීම දුෂ්කර විය. පවුල්වලට ඖෂධ සහ ආහාර අතර නොකළ හැකි තේරීම් කරන්නට සිදුවිය. එන්.පී.පී.ය බලයට පත්කිරීමට උදව් වුණු ආර්ථික සහන පිළිබඳ පොරොන්දුව, මිලියන සංඛ්‍යාත පුරවැසියන් සඳහා තවමත් ඉටු නොවී පැවතිණි. Sri Lanka Latest News

2025 අයවැය අධ්‍යාපනය වෙනුවෙන් වාර්තාගත ප්‍රතිපාදන වෙන්කර ඇති බව ප්‍රකාශ කළ නමුත් ගණන් හිලව් පවසන්නේ වෙනස් කතාවකි. ඉදිරි වසරවලදී අරමුදල් නොකඩවා ඉහළ යනු ඇතැයි නිලධාරීන් අවධාරණය කළේ වුවද, ප්‍රතිපාදනය පොරොන්දු වූ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයක ඉලක්කයට වඩා අඩු වූයේය. වැඩිවන තෙරපුම යටතේ මහජන සේවාවන් පීඩාවට ලක්වුවද, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන වියදම් සැබවින්ම කප්පාදු කිරීම්වලට ලක් විය. ගුරුවර ගුරුවරියෝ යල්පැනගිය උපකරණ සහිත ජනාකීර්ණ පන්ති කාමර තුළ කටයුතු කළහ. රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ හිඟ වී ගියේය. සමාජ සේවාවන් වෙත වාචිකව කැපවීම සහ සැබෑ සම්පත් වෙන්කිරීම අතර පවතින පරතරය, ආණ්ඩුවේ ප්‍රමුඛතා සම්බන්ධයෙන් පවතින මහජන විශ්වාසය අඩපණ කර තිබේ.

මේ අතර, 2026 අයවැය ආරක්ෂක වියදම් ඉහළ මට්ටමක පවත්වා ගෙන යයි. එයින් සියයට අසූපහක් වෙන්කර ඇත්තේ නවීකරණය හෝ අත්‍යාවශ්‍ය සමාජ සේවාවන් සඳහා ආයෝජනය කරනවා වෙනුවට, වැටුප් වැනි පුනරාවර්තන වියදම් ආවරණය කිරීම සඳහාය. පාසල් සහ රෝහල් යන්තමින් ජීවිතය ගැටගසා ගන්නා අතර හමුදා අයවැය ආරක්ෂිතව පවතී. මෙම වෙන්කිරීම් රටාව පිළිබිඹු කරන්නේ එන්.පී.පී.යට පරිණාමනීය වරමක් තිබුණේ වුවද, එයට අභියෝග කිරීමට නොහැකි බව හෝ එය එසේ කිරීමට අකැමැති බව සනාථ කර ඇති මුල් ඇදගෙන තිබෙන ආයතනික ප්‍රමුඛතායි.

දිට්වා සුළි කුණාටුව සහ අයවැය අභිලාෂ
2025 අගභාගයේ දිට්වා සුළි කුණාටුව හමාගිය විට සොබාදහම තවත් විනාශකාරී පහරක් එල්ල කළේය. එය ඩොලර් බිලියන හතක් දක්වා තක්සේරු කර තිබෙන විනාශකාරී හානියක් සිදුකළේය. යටිතල පහසුකම් බිඳවැටුණි. කෘෂිකාර්මික ඉඩම් ජලයෙන් යටව ගියේය. මෙම ව්‍යසනය, ඒ වනවිට පැවතුණ දුෂ්කර තත්ත්වය තවත් සංකීර්ණ කරලීය. එය, සංවර්ධන ප්‍රමුඛතාවලින් සම්පත් හදිසි ප්‍රතිචාර දැක්වීම් සහ ප්‍රතිසංස්කරණය කිරීම් වෙත යොමු කළේය. සුළි කුණාටුව හෙළි දරව් කළේ දේශගුණික විපර්යාසයන්ට ශ්‍රී ලංකාව ගොදුරු වීමට තිබෙන අවදානම සහ අනෙකුත් කැපවීම් පවත්වා ගනිමින් ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට ආණ්ඩුවේ ක්‍රම පද්ධතිවලට ඇති සීමිත ධාරිතාවයි.

ආණ්ඩුව සහ පාලිතයන් යන දෙකොටසම මුහුණ දෙන ප්‍රශ්නය ගැඹුරු එකකි. ප්‍රායෝගික අඛණ්ඩතාව නියෝජනය කරන්නේ කඩකළ නොහැකි සීමාවන් යටතේ පවතින බුද්ධිමත් භාරකාරත්වයක්ද, නැතහොත් එහි අඩංගු වෙන්නේ මූලික වශයෙන් පරිණාමනීය වෙනසක් සඳහා ලැබූ ජනවරම පාවා දීමක්ද? එම ප්‍රශ්නයට ලැබෙන පිළිතුර බොහෝ විට, ආණ්ඩුවේ දේශපාලන පැවැත්ම පමණක් නොව, රටේ ආර්ථික අනාගතය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කෙරෙහි පවතින මහජන විශ්වාසයද තීරණය කරනු ඇත.

මෙම පසුබිමට එරෙහිව, 2026 අයවැය කැපීපෙනෙන අන්දමේ අභිලාෂකාමී ඉලක්ක තබා ඇත. ඒවා නම්, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.5ක ප්‍රාථමික අතිරික්තයක් සහ සියයට හතකට ආසන්න ආර්ථික වර්ධනයකි. බොහෝ විශ්ලේෂකයන්ට මෙම සංඛ්‍යා පිළිගත නොහැකි බවක් පෙනුණේය. අයි.එම්.එෆ්. අරමුදලේ වඩාත් ගතානුගතික සියයට 3.1ක වර්ධනයක් පිළිබඳ ප්‍රක්ෂේපණය, විශේෂයෙන් නිෂ්පාදන ධාරිතාව කෙරෙහි දිත්වා සුළි කුණාටුව ඇතිකර තිබෙන විනාශකාරී බලපෑම සැලකිල්ලට ගත් විට, වඩාත් යථාර්ථවාදී බවක් පෙනුණි. ආණ්ඩුවේ ප්‍රක්ෂේපණ සහ ස්වාධීන තක්සේරු කිරීම අතර පවතින විසන්ධිය, ප්‍රතිපත්ති සම්පාදකයින් ආර්ථික යථාර්ථයන් සමග සම්බන්ධ වී සිටියේද නැතහොත් දුෂ්කර මූල්‍ය තෝරා ගැනීම් සාධාරණීකරණය කිරීම සඳහා ශුභවාදී උපකල්පන මත විශ්වාසය තැබුවේද යන්න පිළිබඳ ප්‍රශ්න මතුකරයි.

දේශපාලන වාග්ලංකාරය සහ සාම්ප්‍රදායික ප්‍රතිපත්ති අතර මෙම වර්ධනය වන විසන්ධි වීම පිළිබිඹු කරන්නේ එන්.පී.පී. ආණ්ඩුව මුහුණ දී සිටින මූලික අභියෝගයකි. ඔව්හු අතීතයෙන් බිඳීයාමට පොරොන්දු වෙමින් බලය අත්පත් කරගත්හ. එහෙත් ජාත්‍යන්තර කැපවීම්, මූල්‍ය යථාර්ථයන් සහ සමගාමී බහුවිධ අර්බුදවලට මුහුණ දෙන කුඩා දූපත් ආර්ථිකයක් උපායිකව හසුරුවන්නට ඇති සීමිත ඉඩකඩ විසින් ඔවුන්ව කොටු කරනු ලැබ ඇති බව ඔවුන්ට පෙනීගියේය.

ආණ්ඩුව සහ පාලිතයන් යන දෙකොටසම මුහුණ දෙන ප්‍රශ්නය ගැඹුරු එකකි. ප්‍රායෝගික අඛණ්ඩතාව නියෝජනය කරන්නේ කඩ කළ නොහැකි සීමාවන් යටතේ පවතින බුද්ධිමත් භාරකාරත්වයක්ද, නැතහොත් එහි අඩංගු වෙන්නේ මූලික වශයෙන් පරිණාමනීය වෙනසක් සඳහා ලැබූ ජනවරම පාවාදීමක්ද? එම ප්‍රශ්නයට ලැබෙන පිළිතුර බොහෝ විට, ආණ්ඩුවේ දේශපාලන පැවැත්ම පමණක් නොව, රටේ ආර්ථික අනාගතය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කෙරෙහි පවතින මහජන විශ්වාසය ද තීරණය කරනු ඇත.
දේශපාලන ක්‍රම පද්ධති බිඳවැටීම

භෞතික විද්‍යාවෙන් ලැබෙන ප්‍රබල රූපකයක් එන්.පී.පී. ආණ්ඩුව මුහුණ දෙන අභියෝග තේරුම් ගැනීමට අපට උපකාරී වේ. තාප ගති විද්‍යාවේ දෙවන නියමය පවසන්නේ ඕනෑම හුදකලා වූ ක්‍රම පද්ධතියක, ව්‍යුහය සහ පිළිවෙළ පවත්වා ගැනීම සඳහා ශක්තිය නොකඩවා යොදවන්නේ නම් මිස, අපිළිවෙළේ මිනුම වන බිඳවැටීම, කාලයත් සමග සෑම විටම වැඩිවන බවයි. මෙම මූලධර්මය රසායනාගාරයෙන් ඔබ්බට පාලනය දක්වා විහිදේ. භෞතික පද්ධති මෙන්ම දේශපාලන ක්‍රම පද්ධතිද, නිරන්තර අලුත් කිරීමෙන් සහ උත්සාහ දැරීමෙන් තොර වූ විට ස්වභාවිකවම බිඳීයෑම හා ක්ෂය වී යෑම දෙසට ඇදී යයි.

දේශපාලන ආයතනවලට ඵලදායී ලෙස ක්‍රියාත්මක වීම සඳහා නොකඩවා පවතින සිවිල් ශක්තියක් අවශ්‍ය වේ. මෙම ශක්තිය ප්‍රකාශයට පත්වන්නේ මහජන විශ්වාසය, ක්‍රියාකාරී සහභාගීත්වය, ප්‍රමාණවත් සම්පත් සහ පැහැදිලි ලෙස බෙදාහදාගත් දැක්මක් ලෙසයි. මෙම මූලාංග දුර්වල වනවිට, දේශපාලන බිඳවැටීම වැඩි වෙයි. බෙදීයාම සහ ධ්‍රැවීකරණය, ප්‍රගතිය මන්දගාමී කරමින්ද, ක්‍රම පද්ධතික අක්‍රමිකතා ඇති කරවමින්ද, යන්ත්‍රයක ගැටීම මෙන් ක්‍රියාත්මක වෙයි. වුවමනාවට වඩා සංකීර්ණ ක්‍රියාවලි විසින් අධික නිලධරවාදය සහ අවහිරතාව ඇතිකෙරේ. ඒවා පිරිහී යන පිළිවෙළක දෘශ්‍යමාන ප්‍රකාශනයන් වේ. නැවුම් බලශක්ති යෙදවීමක් නොමැතිව, යහපත් චේතනාවෙන් යුත් ක්‍රම පද්ධති පවා අකාර්යක්ෂමතාව දෙසට ඇදී යයි.

ලයනල් බෝපගේ

SendShareShare
Previous Post

සජිත් මෙහෙම මිනිහෙක්! Sri Lanka Latest News

Next Post

වැඩිහිටියන් රවට්ටලා ඡන්ද ගත්තා! 15%ක පොලියක් දෙනවා කිව්වා! දැන් දෙන්නේ 7%යි! කෝ ඉතුරු 8%..? සජිත් ආණ්ඩුව කඩකළ පොරොන්දුවක් මතක් කර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.