ඇමැති ධුර නොලැබීමෙන් කලකිරීමට පත්ව සිටින ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හිත් හදන මෙහෙයුමක් ආරම්භ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කර තිබේ.
ඒ අනුව ඇමැති ධූර නොලැබුණු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් ඇතුලු ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඉදිරියේදී වෙනවෙනම කැදවා ඔවුන් සමග සාකච්ජා කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇත.
මෙවර කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී ශ්‍රී ලනිප ජ්‍යෙෂ්ඨයන් රැසකට ඇමැති තනතුරු නොලැබුණු අතර ඒ හේතුවෙන් ඔවුන් දැඩි කලකිරීමට පත්ව සිටින බව දැනගන්නට ඇත.
විශේෂයෙන්ම තනතුරු ලැබුණු රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකු වූ ලොහාන් රත්වත්ත, විමලවීර දිසානායක සහ ප්‍රිංයකර ජයරත්න ජනාධිපතිවරයා සමග සමූහ ජායාරූපයට හෝ පෙනී නොසිට පිටව ගිය බව මාධ්‍ය වාර්තා කර තිබිණ.
මීට අමතරව විජයදාස රාජපක්ෂ මහතා අඹේපුස්ස ප්‍රදේශයෙන්ම සිය රථය හරවාගෙන ඇමැති දිවුරුමට නොපැමිණ යළි කොළඹ පැමිණී බවද වාර්තා වී තිබිණ.










