2026 පෙබරවාරි 5 දින ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක (IRGC) නාවික බලකාය විසින් පර්සියානු ගල්ෆ් කලාපයේ,ඉරානයට අයත් ෆාර්සි දූපත (Farsi Island) ආසන්න මුහුදු සීමාවේදී විදේශීය රටවලට අයත් ඉන්ධන නෞකා දෙකක් අත්අඩංගුවට ගෙන ඇත.Sri Lanka Latest News
මෙම නෞකා වලින් විදේශීය කාර්‍යමණ්ඩල සාමාජිකයින් 15කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර,විශාල ප්‍රමාණයක ඉන්ධන ද පැහැරගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.නෞකා අයත් රටවල්,නෞකා වල නාම සහ කාර්ය මණ්ඩල ජාතිකත්වය පිළිබඳ විස්තර මෙතෙක් ඉරානය නිළ වශයෙන් ප්‍රකාශ කර නොමැත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් නීතිමය පියවර සඳහා ඉරාන අධිකරණ අංශවලට භාර දී ඇති බව ඉරානය පවසයි.මෙම සිදුවීම පර්සියානු ගල්ෆ් කලාපයේ නාවික ආරක්ෂාව සහ කලාපීය ආතතිය තවදුරටත් ඉහළ නැංවිය හැකි බව හා ඉරානයට සාමයක් අවශ්‍ය නොමැති බව ඔවුන් ලෝකයට පෙන්වන බව විශ්ලේෂකයින් සඳහන් කරයි.
මුලාශ්‍රය: Reuters










