ඉරානය සහ ඇමරිකාව අතර අර්බුධ වැඩි වෙමින් තිබුණත්,ඉරානය වෙනුවෙන් තම හමුදා යැවීමට හෝ වෙනත් මිලිටරි සහයන් යැවීමට රුසියාව සූදානම් නැති බව රුසියානු ජනාධිපති පුටින් පැහැදිළි කර ඇත.Sri Lanka Latest News
රුසියාව සහ ඉරානය මිත්‍ර රටවල් වුවද,එක්සත් ජනපදය ඉරානයට පහර දුන්නොත් රුසියාව අනිවාර්යයෙන් මිලිටරි ලෙස මැදිහත් විය යුතු බවට නීතිමය බැඳීමක් නැති අතර,ඉරානය හා රුසියාව අතර පවතින්නේ සම්පුර්ණයෙන්ම මුදල්මය මත ආර්ථික හා අවි ගණුදෙණු පමණක් බව පුටින් පවසයි.
රුසියානු ජනාධිපති පුටින් යුද්ධයට වඩා රාජ්‍ය තාන්ත්‍රික හා දේශපාලන විසඳුම් වැදගත් බව අවධාරණය කරමින්,රුසියාව දැන් යුක්රේනයේ යුද්ධය වැනි තමන්ගේම ප්‍රධාන ගැටලු කෙරෙහි වැඩි අවධානය යොමු කරන නිසා ඇමරිකාව හෝ නේටෝ සමඟ නව මිලිටරි ගැටුමකට ඇද වැටීමට කැමති නැති බවත් පැහැදිලි කරයි.
මුලාශ්‍රය | රොයිටර්










