රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම්වලට අනුව ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් 50 දෙනෙකු මෙම සතිය තුළ එකවර ඉවත්වීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා.Sri Lanka Latest News
එම රෝහලේ අධ්‍යක්ෂවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරන බව කියන ඇතැම් ද්වේශ සහගත ප්‍රකාශ ද ඊට හේතුවී ඇති බවයි එම සංගමයේ විධායක සභික ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ.
මේ අතර, අද පෙරවරු 8:00 සිට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සියලු විශේෂඥ වෛද්‍යවරුන් ආවරණ රාජකාරීවලින් ඉවත්වීමත් සමග දිවයින පුරා විශේෂඥ වෛද්‍ය ඒකක 164ක සේවා අඩාල වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එම සංගමය දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව මෙම තීරණය ගෙන ඇති අතර, මේ හේතුවෙන් රෝහල්වල ශල්‍යාගාර, දැඩි සත්කාර, විකිරණ, නිර්වින්දන සහ ප්‍රසව හා නාරි, මානසික ඇතුළු විශේෂඥ වෛද්‍ය ඒකකවල කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සංජිව තෙන්නකෝන් කියා සිටියේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණී රෝගීන් අදත් අපහසුතාවකට පත්වුණා.











