සිංගප්පූරුවේ අධ්‍යයන සංචාරයක නිරත වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තාක්ෂණික, වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රයේ හොඳ ම භාවිතයන් කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් සිංගප්පූරුවේ තාක්ෂණික අධ්‍යාපන ආයතනයට (ITE) පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන ITE අධ්‍යාපන සේවා (ITEES) ආයතනය වෙත ගොස් තිබිණ.Sri Lanka Latest News
2003 දී පිහිටුවන ලද ITEES, රන් ප්‍රමිතියෙන් යුත් TVET අධ්‍යාපනය ලබා දීම සහ කර්මාන්ත අවශ්‍යතා සමඟ පෙළගැස්වූ විශිෂ්ටතා මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම සඳහා පූර්ණ මැදිහත්විමක් සිදු කරයි. මෙම සංචාරයේදී, වෘත්තීය අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය සඳහා ITE හි ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රවේශය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව දැනුවත් කරන ලදී.
1992 දී සිංගප්පූරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පිහිටුවන ලද ITE සිංගප්පූරුවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනයේ ප්‍රධාන සැපයුම්කරු වන අතර එය One ITE System, Three Colleges ආකෘතිය යටතේ ක්‍රියාත්මක වේ. එහි තාක්ෂණික අධ්‍යාපනයේ පරිවර්තනයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබී ඇති අතර, එයට සිංගප්පූරුවේ විශේෂ ප්‍රශංසා සහිත තත්ත්ව සම්මානය සහ හාවඩ් IBM නවෝත්පාදන සම්මානය ද ඇතුළත් වේ.
දක්ෂ, අනාගතයට සූදානම් ශ්‍රම බලකායක් ගොඩනැගීමේ දී සහ දිගුකාලීන ආර්ථික වර්ධනයට සහාය වීමේ දී ජාත්‍යන්තරව මිණුම් සලකුණු කරන ලද TVET පද්ධති සහ විශිෂ්ටතා මධ්‍යස්ථානවල වැදගත්කම මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.














