ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා මහා සංඝරත්නය අළලා කළ ප්‍රකාශයන් කිහිපයකට ප්‍රතිචාර දැක්වීමට පූජ්‍ය දඹර අමිල හිමියෝ ඊයේ කටයුතු කළහ. Sri Lanka Latest News
මිහින්තලේ රජමහා විහාරස්ථානයේදී ඊයේ (31) පැවති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.
ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපතිව සිට අපවත් වී වදාළ පූජ්‍ය වලවාහැංගුනවැවේ ධර්මකීර්ති ශ්‍රි රතනපාල හිමියන්ගේ තිස්පස්වන ගුණානුස්මරණය වෙනුවෙන් සියක් නමක් උදෙසා පැවති සංඝගත දක්ෂිණාව මිහින්තලේ රජමහා විහාරස්ථානයේදී ඊයේ දිනයේදී පැවැත්වුණි.
ඊට සමගාමීව වත්මන් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් විසින් රචිත ” සිව් බුදුවරුන්ගේ සිරිපා පහස ලැබූ සේල චේතිය ” කෘතිය දොරට වැඩුමද සිදු විය.










