අම්බලන්ගොඩ , ගලගොඩ ටොටරි සුනාමි ගම්මානයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.Sri Lanka Latest News
මේ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ,ගලගොඩ ,පදිංචි දිමුතු සම්පත් නමැති තිස් හැවිරිදි තරුණයකුට බවද පොලීසිය කියයි.
මේ පුද්ගලයාට වෙඩි තැබීමට වෙඩික්කරු පැමිණ ඇත්තේ පාගමනින් බවත් පොලීසිය කියයි.
වෙඩික්කරු යතුරු පැදියකින් පැමිණ එය මඟ දමා විත් මේ වෙඩි තැබීම සිදුකොට පලා යන්නට ඇතැයි පොලීසිය සැකකරයි.










