• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකෙටම 25ක් විතරක් තියෙන රෝල්ස් රොයිස් එක ගෙන්වද්දී ගහපු කෝටි 7ක දඩය ගැන ඩඩ්ලි කතාකරයි! I Sri Lanka Latest News

January 24, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දවස් වල මම ගෙන්වපු රෝල්ස් රොයිස් Phantom 8 රථය සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකා රේගුව සම්බන්ධයෙන් කියවෙන කතා බොහෝ තැන්වල සංසරණයවන නිසා, ඒ ගැන මගේ ප්‍රතිචාරය ඔයාලට එක්ක බෙදා ගන්න මට ඕන වුණා. ( මොකද කිසි දෙයක් හරියාකාරව නොදන්නා පරිසරයක වැරදි පුවත් සමාජගතවන එක ඉක්මණටම සිදු වෙනබව අපි හැමෝම දන්න නිසා )Sri Lanka Latest News

කතාව මේකයි. මීට මාස කිහිපයකට කළින් මම Rolls-Royce මාදිලියට අයත් Phantom 8 කියන සුඛෝපභෝගී වාහනය ලංකාවට ආනයනය කරන්න සියලු දේවල් සූදානම් කළා. ඉතින් ඒකට අවශය බැංකු ණයවර, එහෙමත් නැත්නම් LC ආදිය විවෘත කරලා අදාළ මෝටර් රථයත් ලංකාවට ගෙනාවා.

මේ මෝටර් රථය Airfreight කරල ලංකාවට ඇවිත් ටික දිනක් ගතවූණාට පස්සෙයි අපි දැනගත්තෙ cross boardering වලට අදාළ රටේ නීති රෙගුලාසි 2013 වගේ පසු නැවතත් රේගුව විසින් පණගන්වලා කියලා. එතකල් වාහන දහස් ගණනක් ලංකාවට ආනයනය කළේ සාමාන්‍යයෙන් මේ ක්‍රමය හරහා තමයි.( cross bordering කියන්නෙ වාහනයක් නිෂ්පාදිත රටෙන්ම එයට අදාළ LC විවෘත වෙන්න ඕන. මෙහි නිෂ්පාදිත රට වුණේ එක්සත් රාජධානිය ).

ඉතින් ඒ සිදුවීම නිසාම මේ මෝටර් රථය නිදහස් කරගන්න විශාල මුදලක් අපිට අතිරේකව ගෙවන්න වෙන නිසා මම කළේ අදාල ප්‍රතිඅපනයන ගාස්තු ගෙවලා ඒක ඒ ආයතනයටම නැවතත් යවපු එක. ඉතින් ඒ සිදුවීමෙදි මම සහ ඒ ආයතනය අතර ඇතිකගත්ත එකඟතාවයකදි නැවතත් ඉදිරියේදී එම රථයක් ලංකාවට ගෙන එන්න ගිවිසගත්තා.

ඔය අතරෙදි තමයි මට ආරංචි වුණේ Rolls Royce සමාගමේ 100 වෙනි සංවත්සරය වෙනුවෙන් විශේෂ මාදිලිවල සීමාසහිත නිෂ්පාදනයන් ( Limited Edition ) පෙළක් ඒ අය හඳුන්වා දෙන්න යනව කියලා. ඉතින් ඒ අනුවයි මම පසුගිය දිනෙක ලංකාවට ගෙන්වපු Rolls Royce Phantom series 8, EWB කියන මෝටර් රථය ලංකාවට ගෙන්වන්නෙ. මොකද ඒක කළින් ගෙන්වපු රථයට වඩා තාක්ෂණය වැඩිදියුණු කළ ( Upgrade ) එකක්.

ඉතින් මිත්‍රවරුනි, මෙවර මම වාහනය ආනයනය කරන්න බාරදුන්නෙ දිවයිනේ ප්‍රකට අතරමැදි වාහන ගෙන්වීමේ සමාගමකට. ඉතින් ඒ අය ක්ශේත්‍රයේ පළපුරුදු ප්‍රවීණයො නිසාම මට තිබුණෙ ඒ අයට ගෙවන්න තියන සම්පූර්ණ මුදල ගෙවලා පාඩුවෙ පැත්තකට වෙලා බලාගෙන ඉන්න එක.

ඉතින් හිතුවත් වගේම මීට ටික දවස් කිහිපයකට කළින් එම ආයතනය විසින් මගේ වාහනය ලංකාවට ආනයනය කළා. ඊට පස්සෙ ඒ වාහනයට අදාළ බදු ඇතුලු සියලුම රේගු ගාස්තු ගෙවලා වාහනය නිදහස් කරගත්ත එම ආයතනයේ අය එය ගෙනැවිත් මට බාරදුන්නා. ඉතින් මගේ පාර්ශවයෙන් මෙයට අදාළ ගණුදෙණුව සම්පූර්ණ වුණ නිසාම, මම වාහනය බාරගෙන පහුවෙනිදම රාජකාරී සංචාරයක් වෙනුවෙන් විදෙස්ගත වුණා.

ඉතින් ඔහොම ටික දවසක් යද්දි තමයි මට ආරංචි වෙන්නෙ මගේ වාහනයට අදාළ රේගු ගාස්තු නිසියාකාරව නොගෙවපු නිසා අදාල ආනයනකරුගෙන් කෝටි 07 ක දඩ මුදලක් (penalty එකක්) රේගුව විසින් අයකරගෙන කියලා.

ඔයාල හැමෝම දන්නවනෙ අපි වාහනයක් ආනයනය කරද්දි ඒක යම් කිසි තැරැව්කාර ආයතනයක් හරහා සිදුකළොත් වාහනය අපේ අතට ගන්නකල් සිදු වෙන ක්‍රියාවලියට අපි මැදිහත් වෙන්නෙ නෑ කියලා. ඉතින් මෙතනත් වුණේ ඒ වගේ දෙයක්. මම මගේ ආනයනකරුට ගෙවන්න ඕන සම්පූර්ණ මුදලම ගෙවලා මගේ වාහනය ලබාගත්තා මිසෙක, එතතින් එහාට ඔහු කළ දේවල් මට අදාළ කරගත්තෙ නෑ.

ඒත් අවසානෙදි වෙලා තිබුණෙ මගේ වාහන ආනයනකරු විසින් මේ වාහනය ආනයනය කරද්දි මෙහි මාදිලිය ලෙස ‘ Phantom LWB’ ලෙස සඳහන් නොකිරීම නිසා දඩයකට ලක් වීම. මෙම සිදුවිමෙදි මගේ ආනයනකරු අතින් එය අතපසුවීමකින් වුණාද එහෙමත් නැත්නම් අමතර ලාභයක් ලබා ගැනීමේ චේතනාවෙන් කළාද කියන එක මට අදාළ දෙයක් නොවන්නේ මා විසින් ආනයනය කල වාහනයක් මිලට ගැනීම පමණක් සිදුකළ නිසයි. මෙහිදී වාහනය ආනයනය කරන්න පෙර ඔහුට ඒ සඳහා වූ පොරොන්දු වූ සම්පූර්ණ මුදල ගෙවා වාහනය ලබාගැනීම පමණක් මා සිදුකළා.

මිත්‍රවරුනි, මේ සුඛෝපභෝගී මෝටර් රථය Rolls- Royce සමාගමේ 100 වෙනි සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ සුවිශේෂ මෝටර් රථයක් වීමත්, මෙය විශේෂ EWB කියන මාදිලියට අයත් එකක් වීමත් සමඟ අපේ අය කළේ මෙහි තොරතුරු ලබා ගන්න අන්තර්ජාලයේ පිහිට පැතීම.

ඉතින් Rolls – Royce Anniversary Model කිව්ව ගමන් ඉහළින්ම එන්නෙ මෙම මෝටර් රථයට සමගාමීව නිර්මාණය කළ ඩොලර් මිලියන 3 ක් වටිනා Phantom-8 centenary රථය. ඉතින් මගේ මෝටර් රථයත් සුවිශේෂී Anniversary Model එකක් නිසාම ගොඩක් අයට වුණේ ඒ වාහන මාදිලි දෙක පැටලීම.

ව්‍යාපාරිකයෙක් වශයෙන් කොච්චර මිල මුදල් තිබුණත්, මෝටර් රථයක් වැනි දෙයක් වෙනුවෙන් රුපියල් බිලියන ගණන් වියදම් කරන්න තරම් මම මෝඩ නැහැ කියල මාව ළඟින් අඳුරන ඔයාල හැමෝම දන්නවා. මොකද ව්‍යාපාරයක් ගොඩනඟන්න තියන අමාරුව වගේම අද කාළෙ ව්‍යාපාරයක් රැකගන්න තියන අමාරුවත් මම හොඳින්ම දන්නවා.

ඉතින් මේ වගේ දේවල් වලට උත්තර දෙන්න මම ලංකාවෙ ඉඳපු නැති නිසාම, ගොඩක් අයට හිතෙන හිතෙන දේවල් සමාජගත කරලා තියනවා දැක්ක නිසයි අටෝරාසියක් වැඩ නවත්වලා තකහනියක් මේ වචන ටික වුණත් ලිව්වෙ. ඉතින් මිත්‍රවරුනි, සරලවම Rolls Royce එකේ Custom Penalty කතාව ඕකයි..!

SendShareShare
Previous Post

අනුරගෙ මීටරෙත් අවුට් යයිද? Sri Lanka Latest News

Next Post

දේශපාලන සතුරන්ට කිසිම සමාවක් නෑ! අපිට ගැහුවොත් අපිත් ආපිට ගහනවා! ඒක සිවුරද-සුදු ඇඳුමද – කළු කබායද අදාළ නෑ! නීත්‍යතුකූල නැද්ද – ෆවුල් ෂොට්ද අදාළ නෑ! ලාල්කාන්තට ‘ලෙනින්’ ආරූඪ වෙයි ! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.