හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරදී මල්වතු සහ අස්ගිරි උභය පාර්ශ්වයේ මහා නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.Sri Lanka Latest News
එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තිබේ.
මෙහිදී මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමයන් හමුවූ අවස්ථාවේදී උන්වහන්සේ කියා සිටියේ වයෝවෘද්ධ වනවිට අන් අයට තැන දිය යුතු බවකි.
මෙම හමුව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි නොවූ අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේ තමා මේ වන විට සක්‍රීය දේශපාලනයේ නිරත නොවන බවයි.










