• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කරු අනුරට ලියයි! I Sri Lanka Latest News

January 23, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කරු අනුරට ලියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සම්බන්ධව හිටපු කථානායකවරයෙකු වූ කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.Sri Lanka Latest News

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය නියෝජනය කරමින් එහි අනුශාසකවරයා ලෙස ඒ මහතා අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

අදාළ ලිපිය මගින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ මෙරට නිදහස ලබන විට ඉඩම් හිමි උගත්, ධනවත් ප්‍රභූ පන්තියට දේශපාලනය සීමා වී ඇති බවත් 1956 වසරෙන් පසු සාමාන්‍ය පොදු මිනිසාට දේශපාලනයෙන් ඉඩ ලැබුණු බැවින් විශාල සමාජ විපර්යාසයක්ද ඇති වූ බවය.

එම තත්ත්වය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් අහිමි කිරීම වැනි කරුණු හේතුවෙන් ධනවතුන්ට, ව්‍යාපාරිකයින්ට හා අයුතු ලෙස මුදල් උපයන පුද්ගලයින්ට සහ ධනවත් දේශපාලන පක්ෂවලට පමණක් දේශපාලනය සීමා වන බවත් මේ තුළින් අවංක සමාජ සේවකයන්ට  දේශපාලන ක්ෂේත්‍රයට ඉදිරිපත්විය නොහැකි වනු ඇති බවත් එම ලිපිය මගින් හිටපු කතානායකවරයා පෙන්වා දී තිබේ.

තවද තමන් ඇතුළුව ඉතා සුළු පිරිසක් මෙම විශ්‍රාම වැටුප සමාජයීය හා පුණ්‍ය කටයුතු සඳහා යෙදවුවද අති බහුතරයක් මන්ත්‍රීවරුන් ජීවත් වන්නේ මෙම විශ්‍රාම වැටුපෙන් බවත් පෙන්වා දෙන කරූ ජයසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අදාළ ලිපිය මගින් ඉල්ලා ඇත්තේ ඉදිරියේදී නව ව්‍යවස්ථාවක් සඳහා පියවර ගැනීමට රජය අදහස් කරන බැවින් එහිදී මෙම කරුණ කෙරෙහි අවධානය යොමු කර සුදුසු පියවරක් ගන්නා ලෙසය.

හිටපු කතානායකවරයා ජනාධිපතිවරයා වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින්,

ගරු ජනාධිපති,
අනුර කුමාර දිසානායක මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි

දිට්වා ව්‍යසනයෙන් පසු දේශය ගොඩනැගීමට හා ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ගරු ජනාධිපතිතුමා විශාල කැපවීමකින් ක්‍රියාකරන අවස්ථාවක වෙනත් කරුණක් කෙරෙහි අවධානය යොමුකිරීමට සිදුවීම පිළිබඳව කණගාටු වෙමි. එහෙත් හිටපු මැති ඇමතිවරුන් හා ඔවුන් අතරින් ඇතැමෙකුගේ වැන්දඹුවන් ආදී පන්සියයකට ආසන්න කණ්ඩායමක් වෙනුවෙන් මෙම ඉල්ලීම කරනුයේ දැඩි මානුෂිය හැඟීමෙනි.

හිටපු මැති ඇමතිවරුන් කෙරෙහි දැඩි මහජන අප්‍රසාදයක් පසුගිය වකවානුව තුළ ගොඩනැගී තිබිණි. සෑම මන්ත්‍රීවරයෙකුම වංචාකාරයකු, දූෂිතයෙකු ලෙස හංවඩු ගැසී තිබිණි. සමස්තයක් ලෙස සලකා බලන කල්හි එය සාධාරණ නොවන බව අපගේ හැඟීමයි. ඉහත සඳහන් හිටපු මහජන නියෝජිතයින් අතර වමේ ගෞරවනීය දේශපාලන නායකයින් සහ 30 කට ආසන්න හිටපු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙන්ම දේශපාලනයෙන් තම දේපළ නැති කරගත් අවංක මහජන නියෝජිතයින් රාශියක් ද සිටිති.

එමෙන්ම තරුණ වියේ දේශපාලනයට ඇතුළු වී මැතිවරණවලට ඉදිරිපත්වීම සඳහා රාජ්‍ය සේවයෙන් අස්වීමේ හේතුවෙන් අද වන විට විශ්‍රාම වැටුප් නොලබන හිටපු රාජ්‍ය සේවකයන් පිරිසක් ද ඒ අතර වෙති. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් අහිමි කළහොත් එම මන්ත්‍රීවරුන්ට ද එමගින් බලවත් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. වර්තමාන පාර්ලිමේන්තුවේ ද සිටින එවැනි මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු අනාගතයේදී එම තත්වයම උරුම වනු ඇත.

එමෙන්ම එම වරප්‍රසාද අහෝසි කිරීම සඳහා වත්මන් රජයට මහජන වරමක් ද ලැබී ඇති බව ද අපි පිළිගනිමු. එහෙත් රටේ ප්‍රධාන පුරවැසියා වන රාජ්‍ය නායකයා ලෙස එම කරුණ පිළිබඳව සානුකම්පිකව සලකා බැලිය හැකි බව අපගේ විශ්වාසයයි. එහිදී පහත සඳහන් කරුණු කෙරෙහිද ඔබතුමාගේ අවධානය යොමුවනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.

අප නිදහස ලබන විට ඉඩම් හිමි, උගත්, ධනවත් ප්‍රභූ පන්තියට දේශපාලනය සීමා විය. එහෙත් 1956 පසු සාමාන්‍ය පොදු මිනිසාට දේශපාලනයට ඉඩ ලැබිණි. ඒ මගින් විශාල සමාජ විපර්යාසයක් ඇති විය.

එම තත්වය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් අහිමි කිරීම වැනි කරුණු හේතුවෙන් ධනවතුන්ට ,ව්‍යාපාරිකයන්ට හා අයුතු ලෙස මුදල් උපයන පුද්ගලයින්ට සහ ධනවත් දේශපාලන පක්ෂවලට පමණක් දේශපාලනය සීමා වනු ඇත. අවංක සමාජ සේවකයකයන්ට ද මේ හේතුවෙන් දේශපාලන කේෂ්ත්‍රයට ඉදිරිපත් විය නොහැකි වනු ඇත.

සිය කාලය හා ශ්‍රමය යොමු කරන මහජන නියෝජිතයෙකුට සැනසීමේ ජීවත්වීමට යම්කිසි පහසුකමක් සැලකීම ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කරන පාර්ලිමේන්තු සම්ප්‍රදායකි . ඊට අදාළ තොරතුරු අප සතුව ඇත. එමෙන්ම මහජන නියෝජිතයන් ලෙස පෙනීසිටින දූෂිතයන් වෙනුවෙන් අප ඉදිරිපත් නොවෙමු. එවැනි පුද්ගලයින් ඇත්තේ සුළු පිරිසකි. එමෙන්ම මෙම කරුණ අධ්‍යනය කිරීම සඳහා ජනාධිපතිතුමා පත් කළ ඉහළ පෙළේ කමිටු වාර්තාව මගින්ද මෙම නීති අතීතයට බලපෑම සුදුසු නොවන බව වාර්තා කර ඇති බව ප්‍රකාශ වී ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය පිහිට වූයේ පවත්නා රජයටත් ඉදිරියේදී බලයට පත්වන රජයන්ටත් පැරණි මන්ත්‍රීවරුන්ගේ දැනුම හා අත්දැකීම් ලබාදීම වෙනුවෙනි. 2021/2022 අවිනිශ්චිත දේශපාලන සමයේ දී සංගමයේ බිහිවීම සිදුවිය. ලෝකයේ බොහෝ රටවල මෙවැනි සංගම් පවතින අතර පවතින රජයන් සමඟ මෙම සංගම් ඉතා සුහදව කටයුතු කරයි. එවැනි සංගම් නැත්තේ රටවල් කිහිපයක පමණි.

ඒ අනුව 2023 වර්ෂයේ දී අප සංඝමය පාර්ලිමේන්තු පරිශ්‍රයේදී නිල වශයෙන් ආරම්භ කරන ලද අතර හිටපු කතානායකවරයා අනුශාසක ලෙස පත්කරන ලදී. එමෙන්ම මේ සඳහා සහාය වීමට නිලධාරිවරයකුගේ සේවයද ලබාදීම සිදු විය. ඒ අනුව වගකිව යුතු සංවිධානයක් ලෙස අප ඔබතුමාගේ කාරුණික අවධානයට යොමුකරන්නේ,

යම් හෙයකින් විශ්‍රාම වැටුප ගෙවීම් අත්හිටවුවහොත් ඔවුන් ඉතාමත් ම අසරණ තත්ත්වයකට පවත්වනු ඇත. දකුණු ආසියාවේ මෙන් ම ලෝකයේ බොහෝ රටවල හිටපු මහජන නියෝජිතයින්ට සම්ප්‍රදායක් වශයෙන් මෙම සහන ලැබේ. එමෙන්ම පවතින රජයන් ඔවුන්ගේ දැනුම අත්දැකීම් ප්‍රයෝජනයට ගනු ලබයි. ජාතික ප්‍රශ්නවල දී මෙම සංකල්පය විශාල වශයෙන් ප්‍රයෝජනවත් වනු ඇත.
අපත් ඇතුළුව ඉතා සුළු පිරිසක් විශ්‍රාම වැටුප සමාජයීය හා පුණ්‍ය කටයුතු සඳහා යෙදවූවත් අති බහුතරයක් මන්ත්‍රීවරුන් යැපෙන්නේ මෙම මුදලිනි.

එහෙයින් ගරු ජනාධිපතිතුමන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම පනත ක්‍රියාත්මක කිරීමට පෙර සර්වපාක්ෂික නියෝජිත පිරිසක් හමු වී මේ පිළිබඳව සාකච්ඡා කර මානුෂිකව මෙම ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමුකර විසඳුමක් ලබා දෙන ලෙසයි.

එමෙන් ම ඉදිරියේ දි නව ව්‍යවස්ථාවක් සඳහා පියවර ගැනීමට රජය අදහස් කරන බව දැනගැනිමට ඇති හෙයින් මෙම කරුණු ද එහිදි අවධානයට ලක් කර සුදුසු පියවරක් ගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු. අප සංගමයේ නව ව්‍යවස්ථාවේ පිටපතක් ද මේ සමඟ එවා ඇත. ඔබතුමාට යොමු කරන මෙම ලිපියේ පිටපත් අදාල මන්ත්‍රිවරුන්ට ද යවා ඇති බව කාරුණිකව සළකන්න.

මෙයට,
විශ්වාසී,

ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසුරිය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායක

SendShareShare
Previous Post

කෝටි හතරහමාරක් ගැන කියන්න බැරි වෙලා! අල්ලස් කොමිසම අනූෂ පැල්පිටව අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Next Post

බලපෑම් එපා! ස්වාධීනව වැඩ කරන්න අවස්ථාව දෙන්න! නීතිපති ගැන ආන්දෝලනයට විපක්ෂනායක සජිතුත් මැදිහත් වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.