• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරගෙ මීටරෙත් අවුට් යයිද? Sri Lanka Latest News

January 24, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
අනුරගෙ මීටරෙත් අවුට් යයිද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ දේශපාලකයෝ හැම වෙලාවකම පොරොන්දු දෙනවා. ලංකාවේ තියෙන්නේ පොරොන්දු දේශපාලනය. පොරොන්දු දීලා පොරොන්දු කඩකරන එක අපේ රටේ මිනිස්සු පුරුද්දකට අරගෙනයි තියෙන්නේ. ඇත්තටම අපි දන්නවා සමහර දේශපාලන පොරොන්දු එකවරම, එක මොහොතෙන්, එක දවසෙන් ඉෂ්ට කරන්න බැහැ. පොරොන්දුවක් ඉෂ්ට කරන්න යම්කිසි සැලකිය යුතු කාලයක් ගතවෙනවා. සමහර දේවල් තියෙනවා සතියෙන් දෙකෙන් මාසෙන් ඉෂ්ට කරන්න බැහැ. ගෝඨාභයත් මෙහෙම මීටරයක් අපි දැක්කා පසුගිය කාලේ ඉදිරිපත් වුණා. ඒ වගේම අපි දැක්කා මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධවත් මෙහෙම මීටරයක් ඉදිරිපත් වුණා.Sri Lanka Latest News

දැන් අපි බලමු ජනාධිපතිතුමාගේ අනුර කුමාර දිසානායකගේ අනුර මීටරය ගැන. අනුර මීටරයේ ගණනය කිරීම් කරලා තියෙන්නේ පොරොන්දු 30ක් සම්බන්ධව. එතුමන් දීපු මේ පොරොන්දු 30න් 10ක් ඉටුකර ඇත කියලත්, 10ක් ක්‍රියාත්මක වෙමින් පවතින බවටත්, ඉන් 9ක් ප්‍රගතියක් නොමැති නිකම්ම නිකම් පොරොන්දු බවටත්, එකක් කරන්න බැරිවෙලා තියෙන බවටත් මේ අනුර මීටරයේ සඳහන් වෙලා තියෙනවා.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 10,000ක මාසික මූල්‍ය දීමනාවක් ලබාදීම කියන පොරොන්දුව ඔවුන් ඉටුකරලා තියෙනවා. එය ඉටුකළ පොරොන්දුවක් විදිහට සඳහන් වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන බදු රහිත වාහන බලපත්‍ර ඉවත් කිරීම කියන පොරොන්දුවත් මේ ආණ්ඩුව විසින් ලබා දුන්නු පොරොන්දුවක්. ඒ පොරොන්දුවත් ඉටුකළ පොරොන්දු ගණයට අයිති වෙලා තියෙනවා. වසරක් තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඔවුන් පොරොන්දු වුණා. දිවයිනේ පළාත් පාලන ආයතන 341ක් අතරින් ආයතන 339ක් සඳහා සභිකයන් තෝරා පත්කර ගැනීම සඳහා වූ ඡන්දය 2025 මැයි මාසේ 06 වැනිදා පවත්වන්නට ඔවුන් සමත් වුණා. ඒ නිසා එය ඉටුකළ පොරොන්දුවක් බවට පත්වෙලා තියෙනවා.

රාජ්‍ය ව්‍යවසායන්හි මෙහෙයුම් පිළිබඳ පූර්ණ තොරතුරු ප්‍රසිද්ධ කරන බවට ඔවුන් පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දුව ඔවුන් විසින් සිද්ධ කළ බවට තමයි මේ වාර්තාවේ සඳහන් වෙලා තියෙන්නේ. මෙහිදී 2023 වර්ෂය සඳහා ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52ක හිමි වාර්තා නිකුත් කරලා තියෙනවා. ඒ වගේම ඉන් විගණනය කිරීමට ඉතිරිවෙලා තියෙන්නේ වාර්තා පහක් විතරයි මේ වාර්තාව නිකුත් කරන කොට. 2024 වර්ෂයට අදාළව ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52ට හිමි වාර්තා ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ඉන් 14ක් පමණයි විගණනය කරලා නැත්තේ. 2025 නොවැම්බර් මාසේ වෙනකොට පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳවත් පැහැදිලි කිරීම් ඔවුන් කරලා තිබුණා. ඒ නිසා එම පොරොන්දුවත් ඉටුකළ පොරොන්දුවක් බවට පත්වෙනවා.

අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත පුද්ගලයන් සඳහා රුපියල් 10,000ක මාසික මූල්‍ය ආධාරයක් ලබාදෙන්න ඔවුන් පොරොන්දු දීලා තියෙනවා. ඒ පොරොන්දුවත් ඉටුකළ පොරොන්දු අතරට එකතු වෙලා තියෙනවා. අවශ්‍යතාව මත නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් සඳහා රුපියල් 10,000ක මාසික මූල්‍ය ආධාරයක් ලබාදෙන බවට ඔවුන් පොරොන්දු වුණා. නිදන්ගත වකුගඩු රෝගීන් සඳහා වන මාසික ගෙවීම රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වා වැඩි කරන්නට ඔවුන් කටයුතු කරලා තිබුණා.
අවශ්‍යතාව මත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබාදෙන බවට ඔවුන් පොරොන්දු වුණා. එතැනදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන මාසික ගෙවීම රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වා ඉහළ නංවන්නට ඔවුන් සමත් වෙලා තියෙන බව තමයි සඳහන් වෙන්නේ. 2026 සවිස්තරාත්මක අයවැය කෙටුම්පත් ඇස්තමේන්තුවට අනුව අස්වැසුම වැඩසටහන යටතේ අවුරුදු 70ට වැඩි ආදායම් අඩු ආදායම්ලාභී වැඩිහිටි පුද්ගලයන් සඳහා මුදල් ආධාර ලෙස රුපියල් බිලියන 54.2ක් වෙන් කර ඇති බව අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. මේ මගින් 2025 සංශෝධිත අයවැය ඇස්තමේන්තුවේ රුපියල් බිලියන 37.4ක් වෙන්කිරීම සිදුවෙලා තියෙනවා. අවුරුදු 100ට වැඩි වැඩිහිටි පුද්ගලයන් සඳහා 2025දී වෙන්කළ රුපියල් මිලියන 30ක අතිරික්ත වෙන් කිරීම අත්හිටුවා ඇත කියලා මෙහිදී සඳහන් කරන්න සිද්ධ වෙනවා.

සමස්ත අමාත්‍ය සංඛ්‍යාව 50ක් නොඉක්මවීම සහ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 25ක් බවට පත්කිරීමේ පොරොන්දුවක් තිබුණා මේ ආණ්ඩුවේ. මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 වැනි වගන්තිය යටතේ කැබිනට් අමාත්‍යවරුන් 30කට සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් 40කට සීමාකර ඇති අතර, සමස්ත උපරිම සංඛ්‍යාව 70ක් බව සඳහන් වෙනවා. එයත් පොරොන්දු ඉෂ්ට කිරීමක් ලෙස අපිට සලකන්න පුළුවන්. 2025 ඔක්තෝබර් මාසේ 10 වැනි දින සිදුකරන ලද පත්කිරීම් සමග කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව දැනට ඉන්නේ 23ක්. එය පොරොන්දු වූ උපරිම සීමාව වන 25 තුළ පවතිනවා. නියෝජ්‍ය අමාත්‍යවරුත් 32 දක්වා වැඩිවෙලා තියෙනවා. ඒ අනුව මුළු අමාත්‍ය සංඛ්‍යාව 55ක් විදියට තමයි සඳහන් වෙන්නේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සාමාන්‍ය බැංකු පොලී අනුපාතවලට වඩා 5%කින් වැඩි ස්ථාවර තැන්පත් පොලී අනුපාතයක් ස්ථාපිත කිරීමට ඔවුන් පොරොන්දු වුණා. ඒ පොරොන්දුවත් ඉෂ්ට කරලා තියෙනවා. එම පොරොන්දුව නිශ්චිත පොරොන්දුවකට වඩා වෙනස් ආකාරයකින් වුණත් බොහෝ බැංකුවල මේ විශේෂ ක්‍රමය යටතේ මාසිකව 12%කට ආසන්න ප්‍රමාණයේ පොලී අනුපාත ක්‍රියාත්මක වෙනවා. වාර්ෂික ආදායම් බදු අයකිරීමේ සීමාව රුපියල් මිලියන 2.4 දක්වා ඉහළ නැංවීමට ඔවුන් පොරොන්දු වුණා. 2025 අප්‍රේල් මාසයේ පළමුවැනි දින සිට බලපැවැත්වෙන පරිදි 2025 අංක 2 දරන දේශීය ආදායම් සංශෝධන පනත මගින් වාර්ෂික බදු නිදහස් සීමාව රුපියල් මිලියන 1.2 සිට රුපියල් මිලියන 1.8 දක්වා ඉහළ නංවන්නට ඔවුන් සමත් වෙලා තිබුණා.

ක්‍රියාත්මක වෙමින් පවතින පොරොන්දු අතරට අයිති වෙනවා ජීවන වියදමට සාපේක්ෂව කඳුරට වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ නැංවීම කියන පොරොන්දුව. ඒ වගේම වතු ආශ්‍රිත ප්‍රදේශවල නිවාස ඉදිකිරීම සම්බන්ධ වූ පොරොන්දුව. ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 2,000ක සූර්ය බලශක්තිය එකතු කිරීමේ පොරොන්දුව මේ වෙනකොට ඉටුවෙමින් තියෙන බව තමයි සඳහන් වෙන්නේ. මෙගාවොට් 120ක ධාරිතාවයකින් යුත් සාම්පූර් සූර්ය බලශක්ති බලාගාර ඉදිකිරීම් කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඊට අදාළ සම්ප්‍රේෂණ ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන හතරක වහල මත සවිකරන සූර්ය බලශක්ති වැඩසටහන් සඳහා රුපියල් බිලියන 1.5ක මුදල් අයවැයෙන් වෙන්කරලා තියෙනවා.
උසස් පෙළ සමත් සිසුන් 200ක් සඳහා විදේශයන්හි උපාධි හැදෑරීමට ශිෂ්‍යත්ව ලබාදීම පිළිබඳවත් පොරොන්දුවක් තිබුණා. වසර පහක සීමාවක් යටතේ මෙම පොරොන්දුව ඉටුකරන්නට ඔවුන් කටයුතු කරමින් ඉන්නවා. 200 දෙනෙක් වෙනුවෙන් තමයි මේ ශිෂ්‍යත්ව වැඩසටහන් අනුමත කරලා තියෙන්නේ. ඒ වගේම සොරකම් කරපු වත්කම් නැවත ලබාගැනීම කියන එක මේ ආණ්ඩුවේ තිබිච්ච ලොකු පොරොන්දුවක්. හැබැයි ඒ පොරොන්දුවේ සමහර කොටස් පසුව සංශෝධනය වුණා. නමුත් ඒ සංශෝධන යටතේ ඔවුන් දැන් මේ සඳහා ආයතනයක් පිහිටුවීම සම්බන්ධව වැඩකටයුතු කරමින් යනවා. දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නම්කළ නිලධාරීන් සමග එක්ව කළමනාකරණ අධිකාරිය විසින් මේ කටයුතු සිද්ධ කරන බවට අපිට පැහැදිලි වෙනවා. බොහෝ වෙලාවට මේ කටයුත්තත් ඉටුවෙමින් පවතින පොරොන්දුවක් විදියට සලකන්න පුළුවන්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ සමීපතමයන් රජය සමග ව්‍යාපාරික සබඳතා පැවැත්වීම වැළැක්වීම කියලා පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දුවත් ඉටුවෙමින් තියෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කරලා විධිවිධාන ඉවත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් සංශෝධනය කිරීම, ඒ වගේම උතුරු සහ නැගෙනහිර ඇතුළු සියලු ප්‍රදේශවල අතීත දේශපාලන ඝාතන, ප්‍රහාර සහ අතුරුදන් වීම් පිළිබඳ පරීක්ෂණ අවසන් කර යුක්තිය තහවුරු කිරීම, ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ මත පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කියන පොරොන්දු ඉටුවෙමින් පවතින පොරොන්දු විදියට සඳහන් කරන්න පුළුවන්.

සමානාත්මතාව, ප්‍රජාතන්ත්‍රවාදය හා පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටම් වෙත බලය වැඩි වශයෙන් විමධ්‍යගත කිරීම සහ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ප්‍රගතියක් අපිට දැනගන්න ලැබෙන්නේ නැහැ 2025 නොවැම්බර් 11 වෙනකොට. විකල්ප ණය තිරසරකරණය විශ්ලේෂණය සකස් කිරීම කියන පොරොන්දුව, පසුගිය රජයන් විසින් ලබාගත් විදේශ ණය පිළිබඳ සවිස්තරාත්මක නව විගණනයක් පැවැත්වීම, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කියන පොරොන්දු මේ වනවිට ඉටුවෙන බවක් පේන්නවත් නැහැ. මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කියන එක ලොකු පොරොන්දුවක්. නමුත් අපිට එහි ප්‍රගතියක් තාම නම් දකින්න ලැබෙන්නේ නැහැ.
සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම කියන පොරොන්දුව ඉටුවී නැත කියන බව තමයි දැනගන්න ලැබෙන්නේ 2025 නොවැම්බර් 11 වනවිට. 2024 නොවැම්බර් මාසයේදී වවුනියාවේ පැවැති ප්‍රසිද්ධ රැස්වීමකදී නීතිපතිවරයාගේ උපදෙස් පරිදි දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන් බව සඳහන් වෙනවා මේ මීටරයේ. කෙසේ වෙතත් එම පොරොන්දුවේ ප්‍රගතියක් පෙන්නුම් කරන කිසිදු තොරතුරක් රජය විසින් මෙතෙක් ප්‍රසිද්ධ කර නැති බවත් මේ සටහනෙන් අපිට දැනගන්න ලැබෙනවා.
කෙටි කාලයක් තුළ සෞඛ්‍ය සඳහා වන රජයේ වියදම් ක්‍රමයෙන් 3% හෝ ඊට වැඩි ප්‍රමාණයක් වැඩි කිරීම කියන පොරොන්දුවත් තියෙනවා. එහෙම එකක් පේන්න නැහැ. පාසල් දරුවන් සඳහා වන ජාතික විභාග ප්‍රතිඵල මාසයක් ඇතුළත ඇගයීමට ලක්කර මාස දෙකක් ඇතුළත නිකුත් කිරීම ප්‍රගතියක් නැති පොරොන්දුවක් විදිහටයි සඳහන් වෙන්නේ. අපි මේ ලිපිය ලියන දවස වෙද්දී 2025 උසස් පෙළ විභාගය අවසන් වුණා. අපි බලමු මාසයක් ඇතුළතදී ප්‍රතිඵල නිකුත් කරන්න පුළුවන් වෙයිද කියලා. මොකද අපි දන්නවා ජීව විද්‍යා, ගණිත විෂය ධාරාවන්වල සිසුන් විභාගය ලියලා ඉවර වෙලත් දැන් මාසයකට වඩා කාලයක් ගතවෙලා ඉවරයි.

ජාතිවාදය හා ආගමික අන්තවාදය ඇතුළත් වන පරදි සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා විෂය පථය පුළුල් කිරීම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබෙන පැමිණිලි මාස හයක් තුළ විමර්ශනය කිරීම, එසේ නොමැති නම් ඒ පිළිබඳ පාර්ලිමේන්තු වාර්තාවක් ඉදිරිපත් කිරීම කියන ඒවා සිද්ධ කරන්න තාම සමත් වුණු බවක් පේන්න නැහැ.

අවසාන වශයෙන් වසරක් තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීම කියන පොරොන්දුව දැන් කල් ඉකුත්වූ පොරොන්දුවක් බවට පත්වෙලා තියෙනවා. ඇත්තටම පළාත් සභා මැතිවරණය තාමත් පැවැත්වූයේ නැහැ. ඔවුන් මෙය යාවත්කාලීන කරන්නේ 2025 නොවැම්බර් 11 වැනිදා. අපි මේ ලිපිය ලියන්නේ 2026 ජනවාරි. අද වෙනකොටත් මේ පොරොන්දුව ඉෂ්ට කරන්න ඔවුන් අසමත් වෙලා තියෙනවා. ඒ නිසා බොහෝ පොරොන්දු ඉටු නොකළ තත්ත්වයට යළිත් වතාවක් ආණ්ඩුවට පත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා කලින් ආණ්ඩුවලට වගේම.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

නුවරඑළියෙ ගියා තමයි තාමත් කඳු කැඩිලා – අතරමගදි තැන් තැන්වල ගල් එහෙමත් රැඳිලා! Sri Lanka Latest News

Next Post

ලෝකෙටම 25ක් විතරක් තියෙන රෝල්ස් රොයිස් එක ගෙන්වද්දී ගහපු කෝටි 7ක දඩය ගැන ඩඩ්ලි කතාකරයි! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.