• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස ගානක් හදන්න යන රොකට් ලෝන්චර් දවසෙන් හැදුවා ! කාටවත් හිතාගන්න බැරි විදියට රොකට් ලෝන්චර් රීප්‍රොග්‍රෑම් කළා ! දිලිඳු රටවල තියෙන මිසයිල් පද්ධති අක්‍රීය කලා! ඊශ්‍රායල් මොසාඩ් එකත් බයවෙච්ච ලංකාවේ මොළකාරයා ඊශ්‍රායලයේදීම මැරුණාද – මාරුවාද? Sri Lanka Latest News

January 24, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
මාස ගානක් හදන්න යන රොකට් ලෝන්චර් දවසෙන් හැදුවා ! කාටවත් හිතාගන්න බැරි විදියට රොකට් ලෝන්චර් රීප්‍රොග්‍රෑම් කළා ! දිලිඳු රටවල තියෙන මිසයිල් පද්ධති අක්‍රීය කලා! ඊශ්‍රායල් මොසාඩ් එකත් බයවෙච්ච ලංකාවේ මොළකාරයා ඊශ්‍රායලයේදීම මැරුණාද – මාරුවාද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ලෝකය දකින්නේ අපේ රටේ ලස්සන විතරයි, ඒත් ලෝකයටම බය හිතෙන මොළවල් මේ මහ පොළොවේ ඉපදුණා කියලා කීයෙන් කී දෙනාද දන්නේ?’
අද අපි කතාකරන්න යන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අසහාය විද්‍යාඥයෙක්, ඒ වගේම අබිරහස් ලෙස අපට අහිමි වුණු ඒ මහා ප්‍රාඥයා, ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ගැන. 2003 වසරේදී ඔහු අපෙන් සමුගත්තේ සාමාන්‍ය මරණයකින්ද? නැත්නම් ලෝකයේ ප්‍රබලතම බුද්ධි අංශයක් වන ඊශ්‍රායලයේ මොසාඩ් ආයතනය විසින් සැලසුම්සහගතව කළ වැඩකින්ද…?Sri Lanka Latest News

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අංශයේ ප්‍රධානියා විදියට කටයුතු කරපු ඔහු, නිකම්ම දේශකයෙක් විතරක් නෙවෙයි. ඔහු ‘සංවේදක තාක්ෂණය’ (Sensor Technology) සහ ‘නැනෝ තාක්ෂණය’ පිළිබඳ ලෝකයම පිළිගත් විශේෂඥයෙක්. සරලවම කියනව නම් ලෝකෙම අවධානය දිනාගත්ත සුපිරිම වැඩකාරයෙක්,

ඔහුගේ දැනුම කෙතරම්ද කියනවා නම්, ලෝකයේ සුපිරි බලවතුන් පවා තමන්ගේ ආරක්ෂක පද්ධති සහ අවි ආයුධ තාක්ෂණය දියුණු කරගන්න ඔහුගේ සහාය ඉල්ලුවා. ඒත් ඔහු තෝරාගත්තේ තමන්ගේ මවුබිම වෙනුවෙන් සේවය කරන්නයි.

90 දශකයේ අග සහ 2000 මුල් කාලේ කියන්නේ ලංකාවේ යුද්ධය උපරිමයටම තිබුණු කාලයක්. දැන් නම් ගොඩක් අයට ඒවා මතක නැතිව ඇති. කොහොම හරි ඒ කාලේ කොටි සංවිධානයට මුහුණ දෙන්න අපේ හමුදාව පාවිච්චි කරපු ප්‍රබලම ආයුධයක් තමයි මල්ටිබැරල් රොකට් ලෝන්චර්. මේවා අපි සල්ලිවලට ගත්තේ චෙකොස්ලොවැකියාව වගේ රටවලින්. හැබැයි මේවා පාවිච්චි කරද්දී එකපාරටම ලොකු ප්‍රශ්නයක් ආවා.

යුද පිටියේ ඉතාම තීරණාත්මක වෙලාවක, එකපාරටම මේ රොකට් ලෝන්චර් වැඩකරන්නේ නැතුව ගියා. රොකට් විදිනයේ වයර් පද්ධතියේ සහ ඒක පාලනය කරන ඉලෙක්ට්‍රොනික පද්ධතියේ (Firing Control System) හිතාගන්න බැරි දෝෂයක් ආවා. මේක යුද පිටියේ හිටපු අපේ කොල්ලන්ට විශාල තර්ජනයක් වුණා,
ඒ වෙලාවේ විදෙස් රටවලින් ආපු ඉංජිනේරුවෝ කිව්වේ, ‘මේක ලොකු අවුලක්, මේක හදන්න නම් අලුතින්ම කෑලි ගේන්න ඕනේ, ඒකට ලොකු මුදලක් යනවා, ඒ වගේම සෑහෙන කාලයක් යනවා’ කියලා. යුද්ධයක් අස්සේ මාස ගණන් බලන් ඉන්න කාලයක් අපේ හමුදාවට තිබුණේ නැහැ.

අන්තිමට මේ ප්‍රශ්නය යන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික අංශයට. ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස මේ අභියෝගය භාරගත්තා. ඔහු කිසිම හෙලවිල්ලක් නැතුව කෙළින්ම ගියා යුද පිටියටම. ඔහු මේ දැවැන්ත යන්ත්‍ර ඇතුළේ තියෙන ඉතා සංකීර්ණ පරිපථ (Circuits) පරීක්ෂා කළා. ඔහු රෑ දවල් නැතුව මේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය අධ්‍යයනය කරලා, අපේ රටේ තියෙන සරල උපාංග පාවිච්චි කරලා ඒ පද්ධතිය සුපිරියට අලුත්වැඩියා කළා විතරක් නෙවෙයි, ඒක කලින් තිබුණට වඩා වේගවත් කළා.

ඒ කාලේ ඊශ්‍රායලය වගේ රටවල් අපිට මල්ටිබැරල් රොකට් සහ ඒවට ඕනෙ කරන අමතර කොටස් විකුණලා කෝටි ගණන් හම්බ කළා. අමිත් මුනින්ද්‍රදාස මහත්තයා මේ රහස හොයාගත්තට පස්සේ, අපිට තවදුරටත් ඊශ්‍රායලය වගේ රටවලට ගැති වෙන්න වුවමනාවක් තිබුණේ නැහැ. සරලවම කියනව නම් ඔහු මේ තාක්ෂණය ලංකාවේම ප්‍රතිනිර්මාණය කළා. ඒ වගේම රොකට් එකක් විදින්න යන පිරිවැය භාගයකටත් වඩා අඩු කළා. රොකට් එකක් ඉලක්කයට යන නිරවද්‍යතාව වැඩි කළා.

පිටරටින් ගේනකම් බලන් ඉන්නේ නැතුව, ඕනෑම දෝෂයක් විනාඩි කිහිපයකින් හදන්න පුළුවන් සිම්පල් ක්‍රමයක් අපේ හමුදාවට හඳුන්වා දුන්නා.
කතාවක් තියෙනවා අමිත් මුනින්ද්‍රදාස මහත්තයා රොකට් ලෝන්චර් එකක තියෙන කන්ට්‍රෝල් බොක්ස් එකක් ගලවලා ඒක ඇතුළේ තියෙන ප්‍රොසෙසර් එකක් නැවත ක්‍රමලේඛනය (Reprogram) කළා කියලා. ඒක සාමාන්‍ය මොළයක් තියෙන කෙනකුට හිතන්නවත් බැරි විදියේ වැඩක්,

මේකෙන් ලංකාවේ යුද්ධය දිනන්න ඕනෙ කරන තාක්ෂණික කොන්ද පණ ගැන්වුණා. අමිත් මුනින්ද්‍රදාස කියන නම ජාත්‍යන්තර ආයුධ වෙළෙන්දන්ගේ ඊක්ජන ඛසිඑ එකට වැටුණේ අන්න එතැනදී.

2003 සැප්තැම්බර් මාසයේදී ඔහු ඊශ්‍රායලයට යන්නේ වැදගත් සමුළුවකට සහභාගි වෙන්න. ඔහු නැවතී සිටියේ හෝටල් කාමරයක. නමුත් මුළු ලංකාවම කම්පා කරමින් ආරංචිය ආවා, ඔහු තමන්ගේ හෝටල් කාමරය තුළ මියගොස් සිටියදී හමුවුණා කියලා.

එතැනදී තමයි ප්‍රශ්න වැලක් මතු වෙන්නේ. ඔහු මියයන විට ඉතාම නිරෝගී තරුණ වියේ පසු වූ අයෙක්. මරණයට හේතුව විදියට සඳහන් වුණේ හෘදයාබාධයක්. නමුත් ඔහුගේ සමීපතමයන් කියන විදියට ඔහුට එවැනි කිසිදු රෝගයක් තිබුණේ නැහැ. ඔහු ඒ වෙද්දී අත්හදා බලමින් හිටියේ ලෝකයේ යුද බලය වෙනස් කරන්න පුළුවන් තාක්ෂණික ක්‍රමවේදයක් ගැනයි.

මේ මරණය පිටුපස මොසාඩ් සංවිධානය ඉන්නවා කියන සැකය නිකම්ම ආපු එකක් නෙවෙයි. ඒකට හේතු කිහිපයක් තියෙනවා
අමිත් මුනින්ද්‍රදාස මහතා ඒ කාලේ අපේ රටේ හමුදාවට රේඩාර් පද්ධති දියුණු කරන්න සහ මල්ටි බැරල් රොකට් ලෝන්චර්වල තාක්ෂණික දෝෂ හදන්න උදව් කළා. ඒ වගේම ඔහුට පුළුවන්කම තිබුණා ඉතාම අඩු වියදමකින්, ලෝකයේ දියුණු රටවල් ළඟ තියෙන මිසයිල පද්ධති අක්‍රීය කරන්න පුළුවන් ෑකැජඑරදබසජ න්‍්පපසබට තාක්ෂණයක්.
ශ්‍රී ලංකාව ඒ කාලේ ඊශ්‍රායලයෙන් විශාල වශයෙන් ආයුධ මිලදී ගත්තා. අමිත් මුනින්ද්‍රදාස මේ තාක්ෂණය ලංකාවේම හැදුවොත් ඊශ්‍රායලයට තමන්ගේ ලොකුම ගැනුම්කරුවෙක් අහිමි වෙනවා.

මොසාඩ් එකේ ප්‍රසිද්ධම ක්‍රමයක් තමයි පුද්ගලයෙක්ව හෘදයාබාධයකින් මියගිය බව පෙනෙන්නට සලස්වා සිදුකරන ඉවත් කිරීම්. මේ සඳහා ඔවුන් ඉතා සියුම් විෂ වර්ග භාවිත කරනවා. අමිත් මහතාගේ මරණයේ ස්වභාවයත් මීට සමානයි කියලා සමහර අය කියනවා.

අමිත් මුනින්ද්‍රදාස කියන්නේ තමන්ගේ දැනුම සල්ලිවලට පාවාදුන්නු කෙනෙක් නෙවෙයි. ඔහු නිතරම කිව්වේ, ‘අපේ රටේ ප්‍රශ්නවලට විසඳුම් තියෙන්නේ පිටරට නෙවෙයි, අපේම විද්‍යාඥයන්ගේ අත්වල’ කියලා.

මියගිය පසුව ඔහු කළ පර්යේෂණ පත්‍රිකා සහ ලේඛන ගොඩක් අතුරුදන් වුණා කියලා කතාවක් තියෙනවා. ඔහු සොයාගත්තු ‘නැනෝ තාක්ෂණික රහස්’ වැළලී ගියේ ඔහුත් එක්කමයි.

අදටත් මොරටුව විශ්වවිද්‍යාලයේ කොරිඩෝවක් ගානේ ඔහුගේ නම කියැවෙනවා. ඒත් ලාංකීය විද්‍යාඥයකුට ජාත්‍යන්තර මට්ටමේ රැකවරණයක් දෙන්න අපේ පාලකයෝ අසමත් වුණා නේද කියන වේදනාව අපිට තියෙනවා.

SendShareShare
Previous Post

රට පුරා අලුත් කොල්ලකෑමේ රටාවක්! Sri Lanka Latest News

Next Post

කිරි දියෙන් දෙව්වත් අඟුරු සුදු වෙන කලෙක් නම් නැත්! Sri Lanka Latest News

MORE NEWS

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.