ඉන්දියාවේ ආරාධනය පරිදි ජනවාරි 26 වෙනිදාට යෙදෙන ඉන්දීය ජනරජ දිනය සැමරීමට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාම නාමල් රාජපක්ෂ, සජබයේ පා.ම. වන චිත්‍රාල් ප්‍රනාන්දු, චාමිද්‍රිනී කිරිඇල්ල, චතුර ගලප්පත්ති සහ ප්‍රසාද් සිරිවර්ධනත් පොදුජන පෙරමුණේ හිටපු පාම වන ඉන්දික අනුරුද්ධ, සංජීව එදිරිමාන්න, සම්පත් අතුකෝරාල සහ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂත් ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තය බලා පිටත්වීමට නියමිතය.Sri Lanka Latest News
එමෙන්ම මෙම කණ්ඩායම ලෝකයේ විශිෂ්ඨතම ආපදා කළමනාකරණ මධ්‍යස්තානයක් වන ඔඩිසා ආපදා කළමනාකරණ මධ්‍යස්තානයේ නිරීක්ෂණ චාරිකාවකට සහ අසෝක රජුගේ සමයට අයත් බෞද්ධ පුරාවස්තු නැරඹීමේ සංචාරයකටද එක්වීමට නියමිතය.
මෙම සංචාරය පිලිබද සුහද සාකච්ඡාවක් පසුගියදා ඉන්දියානු මහාකොමසාරිස්තුමාගේ නිල නිවසේදී පැවැත්විනි.













