ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර නිල සංචාරය අතරතුර ජනවාරි 20 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ Kristalina Georgieva මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වීමට අගමැති හරිනි අමරසූරිය පියවර ගෙන තිබිණ.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ද සහභාගී වී සිටියේය.














