පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සදහා එළඹෙන සතියේ ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනි සිටින ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට දැනුම් දී තිබේ.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එළඹෙන 21 වනදා ජනාධිපති කොමිසමේ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති අතර එදිනම විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාටද දැනුම් දී ඇති බව වාර්තා වේ.
එසේම හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට එළඹෙන 18 වනිදා විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.










