අද දින ලංකාදීප පුවත්පතේ මුල් පුවත මගින් වාර්තා කොට ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය ට්ව්ටර් ගිණුමේ සදහන් කොට ඇත.Sri Lanka Latest News
අද දින ලංකාදීප පුවත්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරන ලද නාමයෝජනා පිළිබඳ පළ කරන ලද ඊනියා පුවත ව්‍යාජ හා පදනම් විරහිත වූවකි. ලිපිය හුදෙක් නිර්මාණය කරන ලද කතන්දරයක් පමණි. සත්‍ය වශයෙන්ම මෙම ලිපිය තුළින් පුවත්පත් කලාවේ ගුණාත්මකභාවය අතිශයින් පහත් මට්ටමකට ඇදදමා ඇත. යනුවෙන් විපක්ෂනායකවරයා සිය ට්විටර් පණිවුඩයේ දක්වා ඇත.
මව්රට කලින්ම හෙළිකළා!
සජබ-UNP එකතුව කඩන්න රහස් කුමන්ත්‍රණය පටන් ගත්තා!
බොරු ප්‍රවෘත්ති වැලක් පෝලිමේ එනවා!
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සම්බන්ධයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රුවන් විජේවර්ධන, අකිල විරාජ් කාරියවසම් සහ නවීන් දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවලින් අනතුරුව රට ඇතුළේ විශාල පාක්ෂික පිබිදීමක් මතුවීමත් සමග පසුබැස සිටි යම් යම් කණ්ඩායම් නැවත වතාවක් හිස ඔසවා එම එකමුතුව කඩාකප්පල් කිරීමේ උත්සාහය යළිත් ආරම්භ කර ඇති බවක් වාර්තා වේ.
ඒ අනුව, ගේම් ගැසීම සඳහාම ප්‍රසිද්ධව සිටින එක්තරා පාර්ශ්වයක් මෙම එකමුතුව කඩාකප්පල් කිරීම සඳහා සුපුරුදු පරිදි පුවත් පැළකිරීමේ ‘නිවුස් ප්ලාන්ට් මෙහෙයුම’ යළිත් වතාවක් ආරම්භ කර ඇති බවක් දැකගන්නට ඇත.
මෙහි ආරම්භය සනිටුහන් කරමින් කොළඹින් පිට පන්සලක සිදුවූ එක්තරා හමුවක් එක්තරා පාර්ශ්වයකට අවාසිසහගත ලෙස සමාජ මාධ්‍ය තුළ පළකරවා මෙම එකමුතුව කැඩීමේ මෙහෙයුම යළිත් ආරම්භ කිරීමට මෙම කණ්ඩායම කටයුතු කොට තිබේ.
එම පුවත ඔවුන්ට හිතවත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි සහ පුවත්පත්වල පළකිරීමටත්, ඉදිරියේදී එය තවත් තීව්‍ර කිරීමටත් මෙම කණ්ඩායම සැලසුම් කරමින් සිටින බවක්ද වාර්තා වේ.
මේ සම්බන්ධ සියලු තොරතුරු ‘මව්රට’ පුවත්පත සතුව පවතින අතර, අවශ්‍ය වුවහොත් යම් තීරණාත්මක අවස්ථාවකදී එම තොරතුරු රටට අනාවරණ කිරීමටද ‘මව්රට’ පුවත්පත සූදානම් බවද මෙහිදී සඳහන් කළ යුතුය.











