• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර යාපනේ ගිහින් කරපු කතාවට නාමල් අනුරගේ ගමටම ගිහින් උත්තර දෙයි! දකුණේ අය උතුරේ සිල්ගන්න යන එකටත් උතුරේ අය කතරගම දෙවියන් වඳින්න එන එකටත් ජාතිවදී හංවඩුව ගහන්න ලෑස්ති වෙන්න එපා! PHOTOS I Sri Lanka Latest News

January 18, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ අපේ ජනාධිපතිතුමා අපේ ගමට දෙවතාවක් ආවා.මම ටිකක් පරක්කු වුණා.හැබැයි ගරු ජනාධිපතිතුමනි මමත් ඔබේ ගමට ආවා.හැබැයි මම ඔබේ ගමට ඇවිල්ලා වෛරය පතුරවන්නේ නෑ,මම ඔබේ ගමට ඇවිල්ලා ඊර්ෂ්‍යාව ක්‍රෝධය පතුරවන්නේ නෑ.හැබැයි අපි විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්තියක් තියනවා.අපි විශ්වාස කරනවා මේ රටේ හෙළ සංස්කෘතිය ඇතුලේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයක් තුළ සියළු සංස්කෘතින් ආරක්ෂා වෙන්න ඕන යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ 2026/01/17 දින තඹුත්තේගම දී පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ Sri Lanka Latest News

“අපේ හාමුදුරුවනේ අපි විශ්වාස කරනවා මේ රටේ මහ පොළොවට ආදරේ කරන දේශපාලන බලවේගයක් ගොඩ නැගෙන්න ඕන කියලා.අවස්ථාවාදී දේශපාලනය තුල තමන්ගේ රට ජාතිය ආගම පවාදීලා හරි තමන්ගේ දේශපාලන බලය රදා පවත්වාගන්නා දේශපාලනයක් නොවෙයි අපට ඕන කරන්නෙ.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ පහුකරගෙන තමයි අපේ හාමුදුරුවනේ නාගදීපෙට යන්නේ දැන් යුද්ධය නෑනේ දැන් යන්න පුලුවන්.ඒ වගේම තමයි පල්ලි බොහොමයක් පහු කරගෙන තමයි මිත්‍රවරුණි මඩු මෑණියොත් වන්දනාමාන කරගෙන්නේ.ඒ වගේම තමයි ජනාධිපතිතුමනි නල්ලූර් දේවස්ථානයේ ඉදලා යාපනයේ කෝවිල් ගණනාවක් පහුකරගෙන තමයි පා ගමනින් කතරගම පුදබිමට ඇවිල්ලා කතරගම දෙයිහාමුදුරුවෝ වැද පුදාගන්නේ.ඒක ජාතිවාදය නෙමෙයි ඒක විශ්වාසය.බෞද්ධයාට නාගදීපය ගැන තියෙන විශ්වාසයම තමයි කතෝලිකයාට මඩු මෑණියන් ගැන තියෙන්නේ. ඒ හා සමාන වූ විශ්වාසයක් භක්තියක් තමයි හින්දු සංස්කෘතිය විශ්වාස කරන කතරගම දෙවි හාමුදුරුවෝ විශ්වාස කරන අයට කතරගම පුදභූමිය ගැන තියෙන්නේ.ඒ භූමිය කඩාගෙන වෙන් කරගෙන පාලනය කරන්නවත් තියන ආසාව නෙමෙයි.
දෙවියන් කෙරෙහි ආගම කෙරෙහි තියෙන විශ්වාසය.ඒ නිසා ඔබ විශ්වාස කරනවනම් ජනාධිපතිතුමනි බෞද්ධ දර්ශනයට ඇගිල්ල දික් කරලා ඔබේ දේශපාලනය උතුරේ ගොඩනගා ගන්න උතුරේ දමිළ ජනතාව ඒකට සූදානම් නෑ.ඔවුන් සංස්කෘතිය විශ්වාස කරනවා.අපිත් සංස්කෘතිය විශ්වාස කරනවා.ඒ වගේම හමයි අමතක කරන්න එපා අද ලෝකේ බොහෝ රටවල ආගමික අර්බුද තියනවා.මහා බ්‍රිතාන්‍ය ගත්තත් එහෙමයි ඇමරිකාවේ ගත්තත් එහෙමයි.අද අපේ රටේ ආගමික ප්‍රශ්නයක් නැහැ.ආගම් අතර මරාගෙන ඇනකොටා ගන්නේ නැහැ ඇයි ඒ. අපේ හාමුදුරුවනේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ ගොඩනැගිච්ච සමාජයේ අනෙක් සියළු ආගම් රැකෙනවා.

සියළු ආගම් රැකිලා තියෙන්නේ බෞද්ධ සංස්කෘතිය මත මේ මාතෘභූමිය ගොඩනැගිච්ච නිසා.නිර්මල බුදුදහමේ ඉගැන්වීම මත ගොඩනැගිච්ච මේ රටේ ජන සමාජය හැම ආගමකටම හැම සංස්කෘතියකටම ගරු කරනවා.ඒ නිසා දකුණේ ජනතාව යාපනේ සිල්ගන්න යන එකටත් උතුරේ ජනතාව කතරගම දෙවිහාමුදුරුවෝ වැදපුදාගන්න එන්න එකටවත් ජාතිවාදියෝ කියලා හංවඩු ගහන්න ලෑස්තිවෙන්න එපා.ඒක අපේ විශ්වාසය සහ බැඳීම.මම එකකට සතුටු වෙනවා මගේ තාත්තා රණවිරුවන් කළ ඒ කැප කිරීම මත ලබපු නිදහස අනුර කුමාර ජනාධිපතිතුමා යාපනයේ උපරිමයෙන් භුක්ති විදීම පිලිබඳව මම හදවතින්ම සතුටු වෙනවා.ඔබත් සතුටු වෙන්න.මොකද අපේ දේශපාලනය තුළ වෛරය නැහැ.අපිට අවශ්‍යයි මේ රටට ගැලපෙන දේශපාලන සංස්කෘතියක්.අපිට ඕන මේ රට දියුණු වෙනවා දකින්න ආපස්සට ඇදගෙන යන දේශපාලන සංස්කෘතියක් නෙමෙයි.වෛරය කරන්න එපා කියමින් වෛරය පතුරුවන්න එපා කියමින් ඔබ මේ රටේ ජාතින් අතර අසමගිය ඇති කරන්න උත්සාහ කරනවා.අද එක පැත්තකින් මහා ව්‍යසනයකට අපි මුහුණ දීලා තියනවා.ඒ මහා ව්‍යසනය ඇතුළේ ජීවිත විශාල ප්‍රමාණයක් නැතිවුණා.ආණ්ඩුවේ මැදිහත් වීමක් තිබුණද මදිද මේ කාරණා පිළිබඳව හොයන්න ඕන.ජීවිත ගණනාවක් බේරගන්න තිබ්බා කියන විශ්වාසය ව්‍යසනයට ලක්වෙච්ච ජනතාව තුළ තියෙනවා.

ආණ්ඩුව ක්‍රියාත්මක වෙච්ච ආකාරය පිලිබඳව මහ දැවැන්ත කලකිරීමක් හා අප්‍රසාදයක් තියෙනවා.අසීමිත බදු බරක් ජනතාවට දරාගන්න බැරි බදු බරක් ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරනවා වෙනුවට ඉතිහාසයේ කවදාවත් නැති විදියට පිටරටින් එලවලු පලතුරු ගෙනල්ලා කන්න දෙන සංස්කෘතියක් අපේ රටේ හදන්න උත්සාහ කරනවා.අපි හැමදාම අපේ ගමේ අහිංසක අම්මලා තාත්තලා අපේ සීයලා මේ මහපොළවත් එක්ක පොරබැදුවා රන් අස්වනු නෙළා ගත්තා.එදා තුන් වේලම බත් කාලා සතුටින් ජීවත් වෙච්ච සමාජයක්.පිටරටින් හාල් ගෙනල්ලා පිටරටින් එලවලු පලතුරු ගෙනල්ලා කන්න දෙන එක ආණ්ඩුවකට ලේසි වෙන්න පුලුවන්.ආණ්ඩුවට වාසි වෙන්නත් පුලුවන්.හැබැයි මේ සමස්ත මාතෘභූමිය තුල ගොවි ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම ධීවර ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම ව්‍යවසායකයා ආරක්ෂා කිරීමේ වගකීම පවතින ආණ්ඩුවට මගහරින්න බෑ කියන එකත් අපි මතක් කරන්න ඕන.එක පෑන් පාරින් මාෆියාව නවත්තන එක කෙසේ වෙතත් එක පෑන් පාරින් කන්ටේනර් 323 ක් වරායෙන් එළියට දාලා තියෙනවා.එදා අපිට මඩගැහුවා ඒ විදියටම අදටත් මඩ ගහනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය ඔවු මත්ද්‍රව්‍ය මේ රටෙන් තුරන් කරන්න ඕන.සංවිධානාත්මක අපරාධකරුවන් මේ රටෙන් තුරන් කරන්න ඕන. හැබැයි ආණ්ඩුවට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් පෝෂණය කරන්නත් ඔවුන්ට විරුද්ධ සංවිධානාත්මක අපාරධකරුවන් විපක්ෂයට සම්බන්ධයි කියලා හංවඩු ගහන්නයි කියන ප්‍රතිපත්තිය ඇතුලේ කවදාවත්ම ඒක කරන්න බෑ කියන එකත් ආණ්ඩුව මතක තියාගන්න ඕන.කවදාවත් එහෙම කරන්න බෑ.ඒ හින්දා අවංකයෙන් සද්භාවයෙන් ඒ කටයුත්ත කෙරුවොත් මේක මේ රටින් තුරන් කරන්න පුලුවන් කියලා විශ්වාසයක් අපිට තියෙනවා.

අපි මේ මහපොළවේ ජනතාවගෙන් ගොඩනැගිච්ච දේශපාලන බලවේගයක්.අපි හැමදාමත් මේරටේ ගොවිජනතාව වෙනුවෙන් පෙනී හිටියා.අපි ඉදිරියටත් අනාගතේදිත් මේ මාතෘභූමියේ වවන්න පුලුවන් හැම භෝගයක්ම වවනවා වගේම ගොවියාගේ දරුවට තාක්ෂණයත් එක්ක නූතන පරම්පරාවේ ගොවි පරම්පරාවක් බිහිකරන්න අපි මැදිහත් වෙනවා කියන එකත් අපි මතක් කරන්න ඕන.ඒ වගකීම අපි බාරගන්නවා.අපි නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක්.අපි තාක්ෂණයත් එක්ක බද්ධ වෙච්ච කණ්ඩායමක් ඒ වගේම අවංක චේතනාවකින් මේ රටේ තරුණ පරම්පරාව ගොඩනගන්න ඕනේ ලෝකේ රැකියා වෙළෙඳ පොලට තරුණයන් සූදානම් කරන්න ඕනේ වෙළෙඳ පොලට වගේම නූතන රැකියා වෙළඳපොලට ගැලපෙන වගේම අපේ සංස්කෘතියට ආගම දහමට ගැළපෙන දේශපාලන පරිවර්තනයක් කරන්න ඕනේ කියලා දැඩි අධිෂ්ඨානයකින් ඉන්න දේශපාලන කණ්ඩායමක්.

අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ඔබ තමුන්නාසේලාට මම ස්තූතිවන්ත වෙනවා. අපි දීර්ඝ ගමනක් ආවා.අභියෝග ගණනාවක් අපි පහු කළා.පහුගිය කාලේ අපි පසුබැස්සා.ඔව් අපේ අඩුපාඩුකම් තියෙනවා.අපි ඒවා හදාගත්තා,අපි ඒවා හදාගනිමින් ඉන්නවා.මා විශ්වාස කරනවා උද්ධච්චකමෙන් රටේ ජනතාවට පක්ෂයට පාක්ෂිකයන්ට ඇහුම්කන් නොදී පාලනය කරනවා වෙනුවට අවංකව පාක්ෂිකයා එක්ක ගැටිලා පාක්ෂිකයා එක්ක කතා කරලා මාතෲ භූමියේ මහපොළොවේ බලාපොරොත්තු පිළිබඳව අවබෝධයක් ඇතුව අපි ඉස්සරහට යන්න ඕනේ.අන්න එවැනි දේශපාලන පරිවර්තනයකට අපේ පක්ෂය අද සූදානම්.මම ආරධනා කරනවා අපෙන් ඈත් වෙච්ච තව බොහෝ පිරිසක් ඉන්නවා අද විශාල පිරිසක් අපිත් එක්ක එකතු වෙනවා.ඒ එකතුවීම තුළ අපිත් එක්ක රැදිච්ච අපි එක්ක පෙනීහිටපු ජනතාව ශක්තිමත්ව ගොඩනැගෙනවා.ඒ වගේම මම ආරාධනා කරනවා අපෙන් ඈත් වෙලා වෙන් වෙලා හිත් අමනාප වෙලා හිත් බිඳිච්ච පිරිස් ඉන්න්වනම,තව ඉන්නවනම් අපි ඒ අයට කතා කරනවා අපි එක්ක කතා කරලා අපි කවුරුද කියලා පැහැදිලි කරමු,බොරුවට වෛරයට ආණ්ඩුවේ ඊර්ෂ්‍යාවට ආණ්ඩුව මේ රටට ගැලපෙන්නේ නැති දේශපාලන ප්‍රතිපත්ති වලට අද ආණ්ඩුව ඇතුළෙන්ම විරුද්ධව ගොඩනැගෙන බලවේගය ඇතුළෙම අපේ ජනතාව විශාල ප්‍රමාණයක් ඉන්නවා.අපි ඒ අයටත් ආරාධනා කරනවා අපි සාකච්ඡා කරමු.යම් වෙනස්කමක් තියනවනම් ප්‍රතිපත්ති මාලාවක් ඇතුළේ අපි එකඟ වෙමු.අපෙන් ඈත්වෙච්ච දුරස්වෙච්ච සියලු දෙනාටම අපි ගෞරවයෙන් ආරාධනා කරනවා එන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක අත්වැල් බැඳගමු එන්න මීලඟට ගැලපෙන දේශපාලන සංස්කෘතියක් මේ මාතෲ භූමිය තුළ පැල කරන්න එක්කාසුවෙන්න කියලා අපි ආරාධනා කරනවා.”

ඔබට මම වගකීමෙන් කියනවා මේ මාතෘ භූමිය ඇතුළේ ඊළඟට ගොඩනැගෙන ආණ්ඩුවක් ඇතුළෙ වගේම ඊළඟට ගොඩනැගෙන දේශපාලන බලවේගය ඇතුලේ අපේකම අපේ ජාතිය අපේ ආගම වගේම මේ මහ පොළොව ඇතුලේ පය ගහලා ඉන්න සියලු දෙනාට ගෞරවාන්විතව ජීවත් වෙලා ඉන්න පරිසරයක් හදනවා කියන එකත් අපි ඔබ තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා.එහෙමනම් අලුත් අවුරුද්දේ පළවෙනිම වැඩසටහන මං ස්තූතිවන්ත වෙනවා තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීතුමා ඇතුළු මේ දිස්ත්‍රික්කයට නායකත්වය දෙන අපේ ආසනේ කැඳවුම්කරුවන් ඒ වගේම කොට්ඨාස සංවිධායකවරු ඔබට විශාල වගකීමක් තියෙනවා.ඔබ යන්න ගෙයින් ගෙට ඡන්දයක් තියෙන්න ඕන නෑ ගෙන් ගෙට යන්න අද අපි යමු ගෙයින් ගෙට අපිත් එක්ක හිත්තමනාප වෙලා ඉන්න අය දුරස් වෙලා ඉන්න අය එක්ක අපි සාකච්ඡා කරමු.ඒ අය එකතු කරගමු ඒ අය එකතුකරගෙන ශක්තිමත්ව ඉදිරි කාල සීමාව තුළ ගොඩනැඟෙන්න ඔබ ගමට නායකත්වය දෙන්න.ඔබ ගමට නායකත්වය දෙනකොට දිස්ත්‍රික්කයට වගේම පක්ෂයට නායකත්වය දෙන අපේ නායක නායිකාවන් ශක්තිමත් බලවේගයක් විදියට මේ පක්ෂය ගොඩ නගනවා.

එහෙමනම් අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මිත්‍රවරුනි අපි අභියෝගාත්මක කාලයක් පහු කරගෙන ආවේ.ඒ වගේම තමයි අභියෝග ගණනාවක් ඉස්සරහට මුහුණ දෙන්න වෙනවා.මේ හැම අභියෝගයකටම ශක්තිමත්ම අපි මුහුණ දෙමු.ආණ්ඩුවේ මර්ධනයට නම් අපිව නවත්තන්න බෑ.හිර ගෙවල් පෙන්නලා අපිව නවත්තන්න බෑ.කොඩි කණුවක් ගලවලත් අපිව නවත්වන්න බෑ.ඒ නිසා ඔබේ මර්ධනය ඔබ තියාගන්න ඒ 88/89 සෙල්ලම් දැන් දාන්න ලෑස්ති වෙන්න එපා.එදා මහින්ද රාජපක්ෂ හිටියා දැන් ඉන්නව නාමල් රාජපක්ෂ ආයි 88/89 සෙල්ලම් දාන්න ලෑස්ති වෙන්න එපා ඒවා ඒ කාලේ.මේ අද අලුත් පරම්පරාවක් වෙනස් දේශපාලන සංස්කෘතියක්.ඒ හින්දා ඔය 88/89 සෙල්ලම් මතක් කරලා අපේ තාත්තා කියලා එව්ව ඒ වචනේ කියන්න එපා කියලා ඒ හින්දා මම කියන්නේ නෑ.ඒ හින්ද ඒවා තියාගන්න ලෑස්ති වෙන්න එපා.හැබැයි ඔබ හොරු අල්ලන්න ඒ හොරු අල්ලන ගමන් කන්ටේනර් 323 පන්නපු එකාවත් අල්ලගන්න. අර කුඩු කන්ටේනර් වරායෙන් පන්නපු එකාවත් අල්ලන්න.ගල් අඟුරු ගෙනාපු ගෙනාවත් අල්ලන්න.කැබ් 1700 ගෙනාවත් අල්ලන්න.පිටරටින් හාල් ගේන කෙනාවත් අල්ලන්න.

ජනාධිපතිතුමා චොපර් එකේ යන්න ඕන.මම ඒකට බනින්නෙ නෑ.එයා යන්නෙ නෑ කියලා ආපු එකට අපි මොනවා කරන්නද.දැන් එතුමා පාරේ ගියා නම් ශ්‍රී මහා බෝධීන් වහන්සේටත් වැඳගෙන තමයි යන්න වෙන්නේ.චොපර් එකේ ගිය නිසා ශේප් එකේ ගියා.ආ උගන්ඩාවේ සල්ලි ඒක ගේන්න.ඒක ගේන්න ඕනේ.අර ඩුබායි මැරියට් හෝටලේ ඒක ගේන්නත් ඕනේ.ඒ හින්දා අපි ගෞරවයෙන් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ බොරුව නවත්තන්න.රැවටිල්ල නවත්වන්න මර්ධනය නවත්වන්න ඔබ මේ රටේ ජනතාවට පොරොන්දුවක් වුණා ඒ පොරොන්දු ඉටු කරන්න.

ඔබ මැදිහත් වෙන්න. අපේ හාමුදුරුවනේ ඒ වගේම අපි ගෞරවයෙන් ඉල්ලනවා මේ මාතෘ භූමිය තුළ දිනාගත් නිදහස මේ මාතෘ භූමිය තුළ රණවිරුවන් දහස් ගණනක් ජීවිත කැප කරලා දිනාගත් නිදහස මේ රටේ දමිළ සිංහල මුස්ලිම් බර්ගර් මැලේ සියලු ජාතීන් නිදහසේ ජීවත් උන පරිසරය ඒ වගේම තමයි හෙළ සංස්කෘතියත් එක්ක ගොඩනැගිච්ච සමාජය ඇතුලේ බිහිවන නූතන පරම්පරාවේ දරුවා ගොඩනගන්න වර්තමානයේ මේ ආණ්ඩුව අරගෙන යන ඒ මර්ධනය සංස්කෘතිය විනාශය ආගමික විනාශය දේශපාලනික විනාශය ආර්ථික විනාශය එරෙහිව අපේ හාමුදුරුවනේ ඔබ නායකත්වය ගන්න ඔබ වහන්සේලාගේ ආරක්ෂාවට අපි ඉන්නවා කියන එකත් ඔබ වහන්සේලාට මතක් කරමින් ඔබ සියලු දෙනාට සුභ අනාගතයක් පතමින් ගරු ජනාධිපතිතුමනි මම ආවා හැබැයි මම ආයෙත් ඔබතුමාගේ ගමට එනවා කියලා මතක් කරමින් මම සමුගන්නවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොට්ඨාස නායක නායිකාවන්ගේ පත්වීම් ප්‍රධානයද නාමල් රාජපක්ෂ අතින් සිදුවිය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ඇතුළු හිටපු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පළාත් සභා මන්ත්‍රීවරුන් සහ කොට්ඨාස සංවිධායකවරුන්ද සහභාගී විය.

SendShareShare
Previous Post

පෙන්ෂන් කැපිල්ලට එරෙහිව හිටපු මන්ත්‍රීවරුන් උසාවි යයි! I Sri Lanka Latest News

Next Post

දුම් බීලා වසරකට 22000ක් මැරෙනවා! 37%ක් කසිප්පු බොනවා! කටින් නැතිව මතින් බේරමු! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.