එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවී තවදුරටත් නායකත්වයේ රැදී සිටීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු කර ඇත.
දැනට නායකත්වය ගැනීම සදහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු අතර විශාල තරගයක් මතුවීම හේතුවෙන් අර්බූදයක් පැන නැගී තිබීම මේ සදහා හේතු වී ඇති බව පැවසේ.
අවසන් වරට පැවැත් පක්ෂ කළමනාකරණ කමිටු රැස්වීමේදී වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබුණේ තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බවකි.
කෙසේවෙතත් මෙය වික්‍රමසිංහ මහතාගේ තවත් එක් මවාපෑමක් පමණක් බවත්, නායකත්වය මුල්කරගෙන ව්‍යාජ අර්බුදයක් පක්ෂය ඇතුළේ නිර්මාණය කොට තවදුරටත් පක්ෂ නායකයා ලෙස කටයුතු කිරීමට වික්‍රමසිංහ මහතා සැලසුම් කරන බවත් ඊයේ (10) දින අපි අනාවරණය කර සිටියෙමු.
එම අනාවරණය මෙසේය.
රනිල් අද සිරිකොතේදී ගහන්න යන ගේම මෙන්න
දැවැන්ත මැතිවරණ පරාජයකින් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සහ ජාතික ලයිස්තු අපේක්ෂක ධූරය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අද (10) සිරිකොතේදී පැවැත්වෙන විශේෂ සාකච්ජාවේදී වත්මන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ජාව තුළ හිතාමතාම අර්බූදයක් නිර්මාණය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කොට ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව නව පක්ෂ නායකත්වය සම්බන්ධ මාතෘකාව පැමිණී විට නම් කිහිපයක් ඒ සදහා යෝජනා කොට අර්බූදයක් ඇති කිරීම එහි සැලැස්ම වී තිබේ.
පසුගිය දින කිහිපය තුළ නව පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ නම යෝජනා කිරීමට රවි කරුණානායක මහතා ඇතුලු පිරිසක් සාකච්ජා කොට ඇත.
දැනට පවතින තත්ත්වය යටතේ කරු ජයසූරිය මහතාගේ නායකත්වයට පක්ෂ නියෝජිතයන්ගේ බහුතරයක එකගතාව ලැබෙනු ඇති බව දැනගන්නට තිබේ.
එවැනි තත්ත්වයක් යටතේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සැලසුම වී ඇත්තේ සිය ඥාතියා වන පරාජිත රුවන් විජයවර්ධන මහතාගේ නම එජාප නායකත්වයට යෝජනා කිරීමය.
දැනටමත් එම නම යෝජනා කිරීම වික්‍රමසිංහ මහතාගේ සමීපතමයකු වන තිලක් මාරපන මහතාට පවරා ඇති බව දැනගන්නට ඇත.
මීට අමතරව ගාල්ලෙන් අන්ත පරාජයකට පත්වූ හිටපු කැබිනට් අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ නමද පක්ෂ නායකත්වයට සහ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට යෝජනා කරවීමට වික්‍රමසිංහ මහතා සැලසුම් කොට ඇති බව පැවසේ.
දැනටමත් වජිර අබේවර්ධන මහතා ගාලු දිස්ත්‍රික් එජාප බලමණ්ඩලය තුළ ඒ සදහා යෝජනාවක්ද සම්මත කොට ගෙන ඇත.
ඒ අනුව පක්ෂ නායකත්වය සදහා මෙම නම් 3ම යෝජනා වීමෙන් පසු මතුවන අර්බූදය හමුවේ පක්ෂ නායකත්වය මේ අවස්ථාවේ වෙනස් කළහොත් පක්ෂය තුළ බෙදීමක් මතු විය හැකි බව පවසමින් තවදුරටත් එය තමා සන්තකයේ තබා ගැනීමටත්,ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය නම් කිරීම තමා වෙත පවරා ගැනීමටත් වික්‍රමසිංහ මහතා සැලසුම් කර තිබේ.










