• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුම් බීලා වසරකට 22000ක් මැරෙනවා! 37%ක් කසිප්පු බොනවා! කටින් නැතිව මතින් බේරමු! Sri Lanka Latest News

January 18, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
දුම් බීලා වසරකට 22000ක් මැරෙනවා! 37%ක් කසිප්පු බොනවා! කටින් නැතිව මතින් බේරමු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව තුළ වර්තමානය වන බොහෝ මරණයන්ට මූලික හේතුවක් වී ඇත්තේ මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතයයි. මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ නවතම දත්තයන්ට අනුව දුම්කොළ හා දුම්වැටි භාවිතය මගින් වසරකට ශ්‍රී ලංකාවෙන් 22,000කට ආසන්න ප්‍රමාණයක් මියයන බව වාර්තා කරනු ලබයි. මෙය ඉතාමත් බරපතළ තත්ත්වයකි. මන්දයත් මෙරට සිදුවන සමස්ත මරණයන්ගෙන් 83%ක්ම බෝ නොවන රෝගවලින් මියයන බවත් එම රෝග ඇතිවීමට බලපාන්නා වූ ප්‍රධානතම අවදානම්සහගත තත්ත්වයන් හතරෙන් එකක් ලෙස දුම්කොළ භාවිත කිරීම හඳුන්වා දීමට පුළුවන. Sri Lanka Latest News

දුම්වැටියට ඇබ්බැහිවීම සම්බන්ධයෙන් වන සංඛ්‍යාලේඛන දිනෙන් දින ඉහළ යමින් පවතී. ඒ අනුව මේ වනවිටත් මෙරට වැඩිහිටියන්ගෙන් මිලියන 1.5 පමණ දුම්පානයට දැඩි ලෙස ඇබ්බැහිවී ඇති බැව් වාර්තා වේ. ඒ අනුව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වන වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසන පරිදි ලෝක මට්ටමෙන් සෑම තත්පර හයකට වරක් දුම්කොළ හේතුවෙන් එක් මරණයක් සිදුවන බවය. දුම්කොළ කර්මාන්තයේ සූක්ෂ්ම මැදිහත්වීම හමුවේ දුම්කොළ පාලන උත්සාහයන්ටද දැඩි බලපෑම් එල්ල වන බවත් මෙහිදී සඳහන් කළ යුතුමය. මෙවැනි තත්ත්ව හමුවේ මත්ද්‍රව්‍ය අවසන් කරනු බව පවසා නිරන්තර බස් තෙපලන ආණ්ඩුවේ බලවතුන් හට මේ සිදුවන බලපෑම්කාරී තත්ත්වයන් ඇස නොගැටීම හුදෙක් ඛේදවාචකයකි.

සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙන තවත් එක් කරුණක් වනුයේ 2021න් පසු දුම්වැටි සඳහා අයකෙරූ බදු අඩු වීමක් දක්නට ලැබෙන බවය. මෙවැනි තත්ත්වයන් නිතැතින්ම මත්ද්‍රව්‍ය පාලනයට ඇති බාධාවන් වේ. මේ අතර මත්පැන් භාවිතය රටේ සෞඛ්‍යයට හා ආර්ථිකයට මුළුමනින්ම බලපෑම් එල්ල කරනු ඇත. ඒ අනුව නවතම සමීක්ෂණවලට අනුව මෙරට සමස්ත මත්පැන් භාවිත කරන්නන්ගෙන් 37%ක්ම පාහේ නීති විරෝධී මත්පැන් හෙවත් හොර මත්පැන් භාවිත කරන්නන් වීම කනගාටුදායක තත්ත්වයකි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කරනුයේ ශ්‍රී ලංකාවේ නීති විරෝධී ලෙස මත්පැන් භාවිතය සියයට තුන්සියයකින් පමණ ඉහළ ගොස් ඇති බවය. නිතැතින්ම මෙය දැවැන්ත අර්බුදයකි. ගෝලීය වශයෙන් සිදුකෙරූ දත්ත වාර්තාවන්ට අනුව මෙරට සමස්ත මත්පැන් භාවිතය 95%කින් පමණ වර්ධනය වී ඇත. විශේෂයෙන් හොර මත්පැන් නැතහොත් නීති විරෝධී මත්පැන්හි අඩංගු මැතිල් ඇල්කොහොල් හා බැරලෝහ වැනි අහිතකර රසායනික ද්‍රව්‍ය ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට දැඩි හානි පමුණුවනු ලබයි. එමෙන්ම දරුණු රෝගාබාධයන්ටද ලක්විය හැක. අක්මාවේ දුර්වලතා, සිරෝසිස්, වකුගඩු රෝග හා පිළිකා වැනි දරුණු රෝගාබාධ තත්ත්ව එහිදී ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ සඳහන් කරනු ලබයි.

එහිදී ශාරීරික සෞඛ්‍ය පිරිහීමටත් වඩා ඒ මගින් ඇතිවන පවුල් ආරවුල් හා මානසික ආතතිය වැනි සමාජ ගැටලු වර්ධනය වන බවද ඔවුන් සඳහන් කරයි. එමගින් හුදෙක් දරුවන්ට සිදුවන හානිය සුළුපටු නොවේ. මන්දයත් දරුවන් යනු අපේ රටේ අනාගතයයි. වැඩිහිටි ප්‍රජාව මෙවැනි අහිතකර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම මගින් දරුවන්ට සිදුවනුයේ කුමක්ද? එහිදී රටේ අනාගතයට සිදුවනුයේ කුමක්ද? වර්තමානය තුළ බොහෝ සෙයින් දරුවන් මෙන්ම තරුණ ප්‍රජාවද දැඩි සේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත. මේ තත්ත්වය නිසැකවම පාලනය කළ යුතුමය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව මත්පැන් භාවිතය හේතුවෙන් ඍජුව හෝ වක්‍රව වසරකට මරණ පහළොස්දහසක් හෝ විසිදහසක් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව සඳහන් කරයි. එය දිනකට සිදුවන පුද්ගල මරණ හතළිහත් පනහත් අතර ප්‍රමාණයක් බවද ඔවුන් තවදුරටත් සඳහන් කරනු ලබයි.

මෙම අර්බුදය තවදුරටත් වර්ධනය වීමට ප්‍රථම ආණ්ඩුව වහාම ක්‍රියාත්මක වී විසඳුම් සෙවිය යුතුය. එසේ නොවුණහොත් නුදුරේදීම මෙරට සෞඛ්‍ය පද්ධතිය මෙන්ම ආර්ථිකයද දැඩි සේ පරිහානියට පත්වනු ඇති බව සඳහන් කළ යුතුමය. එමෙන්ම කටින් පමණක් බතල සිටුවීම සිදු නොකර, ක්‍රියාවෙන් සියල්ල ඔප්පු කිරීමට ආණ්ඩුව වගබලාගත යුතුමය. මන්දයත් ආණ්ඩුව පත්වූයේ මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කරන බව පවසාය. තුරන් කිරීම විනා මත්ද්‍රව්‍ය නමින් හොර මත්පැන් එසේත් නැතිනම් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජනතාවට ලබාදී ඔවුන් දැඩි සේ රෝග තත්ත්වයන්ට ගොදුරුකොට රටේ අනාගතයට විනාස කිරීම සිදු නොකළ යුතු බැව් ආණ්ඩුව තරයේ සිහි තබාගත යුතුමය.

පී.එම්. සඳලි සත්සරණි රත්නායක

SendShareShare
Previous Post

අනුර යාපනේ ගිහින් කරපු කතාවට නාමල් අනුරගේ ගමටම ගිහින් උත්තර දෙයි! දකුණේ අය උතුරේ සිල්ගන්න යන එකටත් උතුරේ අය කතරගම දෙවියන් වඳින්න එන එකටත් ජාතිවදී හංවඩුව ගහන්න ලෑස්ති වෙන්න එපා! PHOTOS I Sri Lanka Latest News

Next Post

සජබය ප්‍රමුඛ විපක්ෂය අලව්වත් හොල්ලයි! විපක්ෂයට 83යි! මාලිමාවට 17යි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.