• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝ ප්‍රකට විශේෂඥයන් 1300කගේ අදහස් අරන් ලෝක ආර්ථික සංසදය භයානක වාර්තාවක් ඉදිරිපත් කරලා! ඉදිරි වසර 2ක ඇතුළත ලෝකයේ ආර්ථික කුණාටුවක්! ලංකාවේ ආර්ථික පසුබෑමක්! ආර්ථික අවස්ථාවල හිඟකම-විරැකියාව-දක්ෂ ශ්‍රමික හිඟය සහ කම්කරු හිඟකම-උද්ධමනය-ණය බර ගැනත් බය හිතෙන අනාවරණයක්! I Sri Lanka Latest News

January 16, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
ලෝ ප්‍රකට විශේෂඥයන් 1300කගේ අදහස් අරන් ලෝක ආර්ථික සංසදය භයානක වාර්තාවක් ඉදිරිපත් කරලා! ඉදිරි වසර 2ක ඇතුළත ලෝකයේ ආර්ථික කුණාටුවක්! ලංකාවේ ආර්ථික පසුබෑමක්! ආර්ථික අවස්ථාවල හිඟකම-විරැකියාව-දක්ෂ ශ්‍රමික හිඟය සහ කම්කරු හිඟකම-උද්ධමනය-ණය බර ගැනත් බය හිතෙන අනාවරණයක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉදිරි දශකය ඉතා අස්ථාවර සහ අවිනිශ්චිත කාල පරිච්ඡේදයක් වනු ඇති බව ලෝක ආර්ථික සංසදය පවසනවා.Sri Lanka Latest News

ඒ 2026 වසරේ ගෝලීය අවදානම් පිළිබඳ වාර්තාව නිකුත් කරමින්.

ලොව පුරා විසිරී සිටින විශේෂඥයන් 1,300කට අධික පිරිසකගේ අදහස් අනුව සකස් කළ මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකාව වැනි රටවලට ද බලපාන වැදගත් කරුණු රැසක් ද අනාවරණය කර තිබුණා.

ඉදිරි වසර දෙක තුළ මෙරටට එල්ල වන ප්‍රධානතම තර්ජන වන්නේ ආර්ථික පසුබෑම, ආර්ථික අවස්ථාවල හිඟකම හෝ විරැකියාව, දක්ෂ ශ්‍රමික හිඟය සහ කම්කරු හිඟකම, උද්ධමනය, ණය බර එනම් රාජ්‍ය, පුද්ගලික සහ නේවාසික ණය මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

මෙම වාර්තාවට අනුව ලෝකයේ සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 251 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙය ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 235% ක්.

මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව වැනි ණය බරින් පීඩා විඳින රටවලට විදේශ ආයෝජන ලබා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වඩාත් අසීරු වනු ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

ගෝලීයව බලපාන පීඩනය සහ ණය අර්බුදය, වැරදි තොරතුරු සහ තාක්ෂණික තර්ජන, පරිසර අවදානම් යන කරුණු ද අදාළ වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

වාර්තාවට අනුව විශේෂඥයන්ගෙන් 50% ක් ඉදිරි වසර දෙක ලෝකයට ඉතා අස්ථාවර හෝ කුණාටු සහිත කාලයක් වනු ඇතැයි අපේක්ෂා කරනවා.

ඉදිරි වසර 10 තුළ එම අගය 57% දක්වා ඉහළ යනු ඇති බව ද ඔවුන් පවසා තිබෙනවා.

ලෝකය සාමකාමී වනු ඇතැයි සිතන්නේ 1% ක් වැනි ඉතා සුළු පිරිසක් පමණයි.

රටවල් අතර පවතින සහයෝගීතාවය සහ විශ්වාසය පළුදු වෙමින් පවතින අතර, සහයෝගීතාව වෙනුවට ගැටුම්කාරී බව ඉහළ යමින් පවතිනවා.

මින් පෙර පැවති ඒකීය ලෝක පාලනය වෙනුවට බලවතුන් අතර බෙදී ගිය සහ තරඟකාරී පාලන ක්‍රමයක් ඇති වනු ඇතැයි 68% ක් විශ්වාස කරනවා.

2026 වසරේ ලෝකයට එල්ල වන ප්‍රධානතම තර්ජනය ලෙස භූ-ආර්ථික ගැටුම් හඳුනාගෙන තිබෙනවා.

එය ලෝක අර්බුදයකට මුල පිරිය හැකි බව 18% කගේ අදහසයි.

රාජ්‍යයන් අතර සන්නද්ධ ගැටුම් දෙවැනි ප්‍රධාන අවදානම ලෙස මෙමගින් නම් කර තිබෙනවා.

මෙම වාර්තාව පෙන්වා දෙන්නේ ආර්ථික පසුබෑම සහ උද්ධමනය යන අවදානම් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 8 කින් ඉහළ ගොස් ඇති බවයි.

ණය තිරසාරභාවය පිළිබඳ ගැටලු සහ ආර්ථික බුබුළු පිපිරීමේ අවදානම ඉදිරි වසර දෙක තුළ සමාජ සහ ව්‍යාපාර අස්ථාවර කිරීමට හේතු විය හැකි බව ද එහි සඳහන්.

මෙය ණය අර්බුදයෙන් ගොඩ ඒමට උත්සාහ කරන ශ්‍රී ලංකාව වැනි රටවලට සෘජුවම බලපාන බවයි එහි දැක්වෙන්නේ.

ධනවත් සහ දුප්පත් පරතරය ඉහළ යාම හෙවත් අසමානතාව ලෝකයේ වඩාත්ම බැඳී පවතින අවදානම ලෙස පවතිනවා.

ප්‍රභූන් සහ සාමාන්‍ය ජනතාව අතර පවතින මත ගැටුම් සහ පාලකයන් කෙරෙහි ඇති විශ්වාසය පළුදු වීම නිසා ජනතාව පාලන තීරණවලින් බැහැර වී ඇතැයි හැඟීමක් ඇති වී තිබෙන බව වාර්තාවේ දැක්වෙනවා.

අසත්‍ය සහ වැරදි තොරතුරු ප්‍රචාරය වීම ඉදිරි වසර දෙකේ ඇතිවන දෙවැනි ප්‍රධාන අවදානම බවයි වාර්තාවෙන් අවධාරණය කරන්නේ.

එසේම සයිබර් අනාරක්ෂිතභාවය 6 වැනි ස්ථානයේ පසුවනවා.

කෘතිම බුද්ධිය (AI) නිසා ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල ඉදිරි වසර 10 තුළ 5 වැනි ප්‍රධාන අවදානම බවට පත්වනු ඇතැයි ගණන් බලා තිබෙන්නක්.

කෙටි කාලීනව පරිසරය පිළිබඳ අවධානය අඩු වී ඇති බව පෙනී ගියද, ඉදිරි වසර 10 තුළ ලෝකයට ඇති ලොකුම තර්ජනය අහිතකර කාලගුණික තත්ත්වයන් වනු ඇති බවට එමගින් අනාවැකි පළකරනවා.

විශේෂඥයන්ගෙන් 75% ක් පමණ පරිසර අවදානම් පිළිබඳ ඉතා අසුබවාදී ආකල්පයක පසුවන බව සඳහන්.

ඉදිරි වසරවලදී ජාතික අවශ්‍යතාවලට මුල්තැන දීම නිසා දේශගුණික විපර්යාස, ගෝලීය සෞඛ්‍ය සහ ආර්ථික ස්ථාවරත්වය වැනි පොදු අභියෝග ජය ගැනීමට ඇති හැකියාව පිළිබඳව දැඩි අවිශ්වාසයක් පවතින බව වාර්තාව අවධාරණය කරනවා.

SendShareShare
Previous Post

එදා අපි ගමේ ඉස්කෝලවලට ස්මාර්ට් බෝඩ් දීලා අධ්‍යාපනය ‘ස්මාර්ට්කරණය’ කරද්දී අපිට හිනාවුණු.. අපහාස උපහාස කරපු අය අද බලයට ඇවිත් අධ්‍යාපනය ‘අසභ්‍යකරණය’ කරලා! විපක්ෂනායක සජිත් කොලොන්නෙන් තෝරගලට! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ජනපති මදුරෝ අමෙරිකානු අත්අඩංගුවේ සිටියදී විපක්ෂනායිකා මචාඩෝ අමෙරිකාවට ඇවිත් ට්‍රම්ප් හමුවෙයි! තමන්ට ලැබුණු නොබෙල් තෑග්ග ධවල මන්දිරයේදී ට්‍රම්ප්ට පිරිනමයි! I Sri Lanka Latest News

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යෑමට සිදුවනු ඇති බව නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.