• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර උතුරු පළාත් තෛපොංගල් උත්සවයට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

January 15, 2026
in Exclusive
Reading Time: 21 mins read
A A
අනුර උතුරු පළාත් තෛපොංගල් උත්සවයට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කුමන භාෂාවක් කතා කළත්, කුමන ආගමක් ඇදහුවත් සියලු පුරවැසියන්ට අභිමානයෙන් ජීවත්විය හැකි ජාතිවාදයෙන් තොර, ජාතික සමඟිය පිරුණු පොහොසත් රටක් ගොඩනැඟීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) පස්වරුවේ යාපනය, වේලනෙයි, අයියනාර් කෝවිල් ක්‍රීඩා පිටියේ පැවති උතුරු පළාත් තෛපොංගල් උත්සවයට සහභාගී වෙමිනි.

තෛපොංගල් උත්සවය සඳහා සහභාගී වූ ජනාධිපතිවරයා චාරිත්‍රානුකූලව පිළිගනු ලැබූණු අතර, සංස්කෘතිකාංග රැසකින්ද මෙම අවස්ථාව විචිත්‍රවත් විය.

තෛපොංගල් සැමරුම සියලු දෙනාට නව අපේක්ෂා සහ බලාපොරොත්තු ඇති කරන අවස්ථාවක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා තිබෙනවාට වඩා සෑම අතින්ම දියුණු, පොහොසත් රටක් නිර්මාණය කරමින් දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දීමට තිර අදිටනින් යුතුව පෙරට එන ලෙස සියලුදෙනාට ආරාධනා කළේය.

තෛපොංගල් උත්සවය ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
වැඩිදුරටත් මෙසේද පැවසීය,

දෙමළ ජනතාවගේ වැදගත්ම සංස්කෘතික දිනය වන තෛපොංගල් දිනයේදී මටත් ඔබ සමඟ එක් වීමට ලැබීම භාග්‍යයක් කොට සලකනවා. ඒ වගේම දෙමළ ජනතාවගේ සංස්කෘතිය අනුව අද තමයි නව වසර උදා වන්නේ. නව වසරකින් අපි සියලුදෙනාට නව ප්‍රාර්ථනා, නව බලාපොරොත්තු ඇති වෙනවා. විශේෂයෙන් ජනතාව ලෙස ඔබට විශාල බලාපොරොත්තු සහ අපේක්ෂාවන් ඇති. ඒ වගේම රටක් ලෙස අපට නව බලාපොරොත්තු සහ අපේක්ෂාවන් තිබෙනවා. අපේ අපේක්ෂාව සහ බලාපොරොත්තුව වන්නේ තිබෙනවාට වඩා සෑම අතින්ම දියුණු පොහොසත් රටක් නිර්මාණය කිරීමයි.

අපි පොහොසත් රටක් කියන්නේ ධනයෙන් ඉදිකිරීම්වලින් පමණක් පොහොසත් රටක් නොවෙයි. ඊට වඩා විශාල අංශ ගණනාවකින් පොහොසත් රටක් නිර්මාණය කළ යුතුයි. අපි බලයට පත්ව දැන් අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගතව තිබෙනවා. එම වසර ඉතිහාසයේ ජාතිවාදී ගැටුම් අඩුම, ජාතිවාදය පෝෂණය කරන ව්‍යාපාර දුර්වල වූ සහ ජාතික සමගිය වෙනුවෙන් පොරබැදී වසරක්. වෙනදා අපේ රටේ බොහෝ ජාතිවාදී ගැටුම්, ජාතිවාදී ප්‍රවණතා පැන නගිනවා. අපිට අවශ්‍ය ජාතිවාදයෙන් තොර ජාතික සමඟිය පිරුණු පොහොසත් රටක්.

කුමන තැනක ඉපදුණත්, කුමන භාෂාව කතා කළත්, කුමන ආගමක් ඇදහුවත් මේ සෑම කෙනෙකුටම අපේ රටේ අභිමානවත් පුරවැසියෙක් ලෙස, අයිතින් සමඟ ජීවත්වීමේ වටපිටාව සකස් කිරීම අපගේ අපේක්ෂාවයි. ඒ වගේම අප අතර විවිධ සංස්කෘතීන් තිබෙනවා. රටක් ලස්සන වීමට සහ ජනතාව අතර විශ්වාසය ඇති වීමට සෑම සංස්කෘතියකටම ගරු කිරීම සහ පිළිගැනීම ඉතා වැදගත්. අපි එවන් රටක් ගොඩනැගිය යුතුයි. එය අපේ අපේක්ෂාව බවට පත්ව තිබෙනවා.

ඒ වගේම ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් අපි උරුම කර දිය යුතුයි. විශේෂයෙන් හොඳ නිවසක් ලබා දීම, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම, නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් හොඳ සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කිරීම, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය දියුණු කර හොඳ ආදායම් මාර්ගයක් නිර්මාණය කිරීම, තරුණ තරුණියන්ට හොඳ රැකියා අවස්ථා නිර්මාණය කිරීම ආණ්ඩුවක් ලෙස අප තුළ තිබෙන අපේක්ෂාව සහ බලාපොරොත්තුවයි.

මම දන්නවා මෙහි සිටින බොහෝ අය පසුගිය මහ මැතිවරණයේදී අප කෙරෙහි විශ්වාසය තැබුවා. මේ යාපනයේ දිස්ත්‍රික්කය ලංකාවේ පළමු වතාවට අපි ජයග්‍රහණය කළා. ඒ කියන්නේ ඔබ අප කෙරෙහි විශ්වාස තබා තිබෙනවා. මම ඔබට සහතික වෙනවා ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය බිඳකින්වත් බිඳ වැටීමට ඉඩ නොතබා ජාතිවාදයෙන් තොර, ජාතික සමගිය පිරුණු රටක් නිර්මාණය කරනවා කියලා. ඔබේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දෙනවා. අපි කාටත් සතුටින් සිටිය හැකි රටක් අපි හදනවා. ඔබ සියලුදෙනාගේ අපේක්ෂාව එයයි. එම අපේක්ෂාව ඉටු කිරීම වෙනුවෙන් අපි නොපිරිහෙළා වගකීම් ඉටු කරන බවට මම ඔබට සහතික වෙනවා.

මෙම තෛපොංගල් දිනයේදී අපි එක ප්‍රාර්ථනාවක් කරමු. අපි එක්ව සිටිමු. අපි දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදමු. ඒ වෙනුවෙන් තිර අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරියට එන ලෙස සියලුදෙනාට ආරාධනා කරනවා.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා

වේලනෙයි ප්‍රදේශයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙවන් උත්සවයක් පැවැත්වීම පිළිබඳ සතුටු වෙනවා. මේ ප්‍රදේශය ඇතුළු දූපත් ආශ්‍රිත ප්‍රදේශවල අවම පහසුකම් සහිතව තමයි ජනතාව ජීවත් වෙන්නේ. එවැනි පසුබිමක වුවද අද ඉතා විචිත්‍රවත් සංස්කෘතිකාංග රැසක් මේ දරුවන් විසින් වේදිකාවේ ඉදිරිපත් කළා. ජනාධිපතිවරයාගේ මගපෙන්වීම අනුව යාපනය ප්‍රදේශයේ සංවර්ධන කටයුතු රාශියක් මේ වන විට ක්‍රියාත්මක වෙනවා. ක්‍රිකට් ක්‍රිඩාංගණය ඉදිවීමත් එම සංවර්ධන ක්‍රියාවලිය යටතේ සිදු වෙනවා. වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ අද යාපනය ජනතාවට නව සංවර්ධනයක් ලැබී තිබෙනවා.

උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෙයචන්ද්‍ර මූර්ති රජීවන්, කේ. ඊලන්කුමරන්, ශ්‍රී බවානන්ද රාජා යන මහත්වරු ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයෝද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහුද, යාපනය දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-01-15

SendShareShare
Previous Post

අහන්නත් බය හිතෙන කතාවක් එළියට එයි! ලංකාවේ දවසකට 50 දෙනෙක් බීම නිසා මැරෙනවා! I Sri Lanka Latest News

Next Post

දරුවන්ට දිය හැකි.. කාටවත්ම සොරාගත නොහැකි ලොකුම සම්පත වන අධ්‍යාපනයත් මාලිමා ආණ්ඩුවෙන් පැහැරගෙන! උද්දඡ වෙලා නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බෑ! විපක්ෂනායක සජිත් කොලොන්නට එයි!  VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.