සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ සම්බන්ධීකාරකවරුන් හමුවිය.
මැතිවරණයේදී ලබා දුන් සහයෝගය පිළිබදව සිය ස්තූතිය පළ කළ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි කටයුතු පිළිබඳව ද අදහස් දැක්වීය.
‘කොළඹ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කමිටු සාමාජිකයින් හැටියට විශාල කැපකිරීමක් කළා. සීමිත සම්පත් මැද වැඩ කළා.ඊට මාගේ ස්තූතිය. මැතිවරණයකදී විශාල ධන බලයක් යනවා. නමුත් අපි එහෙම ධන බලයක් නැතිව කැප වුණා. ආසන සංවිධායකවරු ඔවුන්ගේ නියෝජිතයින් අපි එක්ක විශාල ලෙස කැපවුණා.
අපි තුන් හතරදෙනෙකුගේ කල්ලියක් නෙවේ. අපි ප්‍රබුද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අපි සෘජු තීරණ ගන්නවා. කෙළින් කතා කරනවා. යම් යම් තීන්දු යම් හෙයකින් පමා වෙනවානම් ඒක වෙන්නේ හොදම තීන්දුව ගන්නයි. සද් ජාතිකත්වය කියන දර්ශනය තුළ අපි වැඩ කරනවා. අපි මේ රටේ සුවහසක් පුරවැසියන් රකින්න, රටට ජීවය දෙන්න, වගේම හැමෝම භුක්ති විදින සංවර්ධනයක් වෙනුවෙන් කැපවෙනවා.
අපි රට වෙනුවෙන් කළ යුතු සියල්ල කරනවා. අපි අභියෝගවලට නොසැලෙන, නිවැරදි කණ්ඩායමක්. එන පළාත් සභා මැතිවරණයට අද සිටම අපි සූදානම් වෙනවා. ජනතාවාදී,ශක්තිමත් හොද කණ්ඩායමක් හරහා අපි ජය මාවතට එමු. මාස දෙකහමාරක් වගේ කෙටි කලක් තුළයි අපි මේ ජයග්‍රහණය ලැබුවේ.’ යනුවෙන් ප්‍රේමදාස මහතා කියා සිටියේය.












