• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආපදාවෙන් විනාශ වූ රට හදන www.rebuildingsrilanka.gov.lk වෙබ් අඩවිය අනුර අද එළිදක්වයි! සිද්ධ වෙච්ච වැරදි ව්‍යසන සහ වසංගතවලට හේත්තු කර පාලකයන් ඇඟ බේරාගත් යුගය ඉවරයි! හොඳ රටක් ජනතාවට හදනවා! I Sri Lanka Latest News

January 13, 2026
in Exclusive
Reading Time: 8 mins read
A A
Share on WhatsAppShare on Facebook

බොහෝ දේ, ව්‍යසන සහ වසංගතවලට හේත්තු කර පාලකයන් ඇඟ බේරාගත් යුගය වෙනුවට ව්‍යසනය හමුවේ යළි නැගී සිටිමින් තිබුණාට වඩා හොඳ රටක් ජනතාවට උරුමය කර දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News

සියලු ක්ෂේත්‍රවල පරිවර්තනයක් සමඟ රට තිරසාර සංවර්ධන මාවතක ඉදිරියට ගෙන යාම වෙනුවෙන් රජය සැලසුම් කර තිබූ වැඩපිළිවෙළ ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට ව්‍යසනය ආවරණයක් කර නොගන්නා බව අවධාරණය කළ ජනාධිපතිවරයා සියලු ශක්‍යතාවන් ඒකාබද්ධ කර ගනිමින්, රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාමට එක් වෙමු’යි සියලුදෙනාට ආරාධනා කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී අද (13) පෙරවරුවේ පැවති Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙලට එක් වෙමිනි.

මිනිස් ජීවිතවලට මෙන්ම පෞද්ගලික සහ පොදු දේපළවලට සිදු වූ හානියද ඇතුළත්ව ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශ කෙරෙහි බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ ව්‍යසනයට අදාළ පශ්චාත් ආපදා පුනරුත්ථාපන සහ ප්‍රතිසාධන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉහළ මට්ටමේ මනා සම්බන්ධීකරණයෙන් යුතු ජාතික ප්‍රතිසාධන යාන්ත්‍රණයක කඩිනම් සහ හදිසි අවශ්‍යතාව අනුව යමින් ‘Rebuilding Sri Lanka’ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

‘Rebuilding Sri Lanka’ වැඩසටහන වෙනුවෙන් සිදු කෙරෙන මුල්‍යමය පරිත්‍යාග සහ අනෙකුත් පරිත්‍යාග හා ඒ ආශ්‍රිත තොරතුරු ඇතුළත් කළ www.rebuildingsriLanka.gov.lk වෙබ් අඩවිය එළිදැක්වීමද මෙහිදී සිදු කෙරිණි.

ශක්තිමත් සාධාරණ සහ තිරසාර ලෙස නැවත ගොඩනඟන ලද අලුත් ශ්‍රී ලංකාවක් යන දැක්මෙන් යුතුව සියලු දෙනා ඇතුළත් කර ගත් විනිවිද පෙනෙන තිරසාර ක්‍රියාමාර්ග තුළින් ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම සඳහා ජනතාව, සම්පත් සහ අදහස් එකට ගෙන එන වේදිකාවක් ලෙස මෙම වෙබ් අඩවිය හඳුන්වා දී ඇත.

මෙම වෙබ් අඩවිය හරහා ප්‍රදාන සිදුකළ හැකි අතර එම ප්‍රදාන පිළිබඳ සියලු තොරතුරු මෙම වෙබ් අඩවියෙහි ප්‍රදර්ශනය කෙරේ. මෙය විශ්වාසය සහ වගවීම තහවුරු කිරීම සඳහා වන ප්‍රයත්නයකි. මූල්‍යාධාර, ද්‍රව්‍යාධාර, ඉඩම් ආදී වශයෙන් මෙන්ම නිශ්චිත ව්‍යාපෘති සඳහා ප්‍රදාන සිදු කිරීමට මෙහි අවස්ථාව සලසා තිබෙන අතර, ව්‍යසනයෙන් සිදුව ඇති හානියේ ප්‍රමාණය සහ ස්වභාවය පිළිබඳ නිශ්චිත සහ සත්‍ය තොරතුරු දිස්ත්‍රික්ක වශයෙන් මෙහි දක්වා ඇත.

ඉඩම් පරිත්‍යාග සිදු කළ කිහිප දෙනෙකුගේ ඉඩම් පිළිබද තොරතුරු අන්තර්ජාලයට එක් කිරීමද මෙහිදී සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ස්වභාවික විපත්වලට උස් මිටිකම් බල නොපෑවද, අපේ රටේ තිබෙන අසමානතාව නිසාම මෙම ව්‍යසනයේ ගොදුරු වූ පිරිසෙන් 80%කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් පීඩාවට පත් වු ජනතාව බවයි. ඉතිහාසයේ වැඩිම වන්දි මුදලක් ඔවුන්ට ප්‍රදානයට කිරීමට තීරණය කළේ එම ජනතාවගේ ජීවන තත්ත්වය පැවති තත්ත්වයට වඩා ඉදිරියට ඔසවා තැබීමේ අරමුණින් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම ලොව බොහෝ රාජ්‍යයන් ගොඩනැඟී ඇත්තේ ඔහේ ගලාගෙන යාමෙන් නොව කම්පනයන්ට මුහුණදීම, ඔරොත්තු දීම සහ යළි ගොඩනැඟීම මත බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම යළි ගොඩනැඟීම වෙනුවෙන් ලැබෙන සෑම රුපියලකම වගකීම භාර ගනිමින් මූල්‍ය විනය සහ විනිවිදභාවය ආරක්ෂා කරන බවද අවධාරණය කළ ජනාධිපතිවරයා එම වැඩපිළිවෙළේදී තමා තමා
කෙරෙහි විශ්වාස තබන අතරම, රාජ්‍ය යාන්ත්‍රණය, විශේෂඥයන් සහ තාක්ෂණවේදීන් මෙන්ම ශ්‍රී ලාංකික ජනතාවට අනන්‍ය සාරමය ගුණය පිළිබඳවද දැඩි විශ්වාසයක් තබා තිබෙන බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා

පසුගිය වසරේ අවසන් කාලයේදී අපිට රටක් ලෙස විශාල ව්‍යසනයකට මුහුණ දීමට සිදු වුණා. අපිට ඊට මුහුණ දීමට සිදු වුණේ මීට පෙර අපේ රට මුහුණ දුන් විශාල ව්‍යසනයකින් පසුව ක්‍රමානුකූලව පියවරෙන් පියවර ආර්ථිකය ගොඩනැඟෙමින් තිබූ මොහොතකයි. අපි කවුරුත් දන්නවා මීට වසර කිහිපයකට පෙර සිදු වූ ආර්ථික බිඳ වැටීමේ මහා ඛේදවාචකයෙන් අපේ රටේ සියලු පුරවැසියන් බලපෑමට ලක් වුණා. සියලු ජන ප්‍රජාවන් තමන්ගේ ක්ෂේත්‍රයට අනුව, එම ව්‍යසනයේ මහා ගොදුරක් බවට පත් වුණා.

ඒ නිසා යළි එවැනි ව්‍යසනයකට අපේ රට පත් නොකර රට යථාවත් කර ගැනීමේ අපේක්ෂාවක් සහ තිර අදිටනක් ජනතාවට තිබුණා. ඒ අනාගතය නිර්මාණය කිරීම වෙනුවෙන් ජනතාව අප කෙරෙහි විශ්වාස තබා අපිව බලයට පත් කර ගනීමේ නිර්භීත තීන්දුව ගත්තා.

අපි බලයට පත් වීමෙන් පසු, අනාගතය සැලසුම් කරමින් සහ ඇතැම් ක්ෂේත්‍රවල සුවිශේෂී ජයග්‍රහණ අත්පත් කර ගනිමින් සිටි අවස්ථාවක තමයි මේ ව්‍යසනයට මුහුණ දීමට සිදු වුණේ. බොහෝ පැතිවලින් ගත් විට 2025 වසර බොහෝ හැරවුම් ලක්ෂ සනිටුහන් කළ වසරක්. නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඇති කිරීම, දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම, ආර්ථික පරිවර්තනයක්, අධ්‍යාපන පරිවර්තනයක් ඇතුළු මහා පරිවර්තනීය යුගයකට පියවර තබමින් සිටි මොහොතක තමයි අපිට මේ ව්‍යසනයට මුහුණ දීමට සිදු වුණේ.

බොහෝ අය අපේක්ෂා කළා මේ ව්‍යසනය විසින් අප සකස් කර තිබෙන න්‍යාය පත්‍රය අවුල් කරාවි කියලා. අපි සකස් කර තිබෙන න්‍යාය පත්‍රය තිරසාර ලෙස රටේ අනාගතය ගොඩනැගෙන ව්‍යාපෘතියක්. ඒ නිසා කුමන ව්‍යසනයක් හමුවේ හෝ අපි සකස් කර තිබෙන න්‍යාය පත්‍රය හකුළවන්නේ නැහැ කියන තිර අධිෂ්ඨානයට අපි පැමිණියා. බොහෝ දේ ව්‍යසනයට හේත්තු කර අපිට ඇඟ බේරා ගැනීමට හැකියාව තිබුණා. ව්‍යසනයකට සියලු විනාශ, අපරාධ, කඩා වැටීම් සියල්ල හේත්තු කරනවා. අපේ ඉතිහාසයේ සිදු වුණේ එයයි. අවුරුදු 30ක් සියලු විනාශ යුද්ධයට හේත්තු කළා.

යම් වසංගත තත්ත්වයන්ගෙන් ව්‍යසන ආවරණය කළා. අපිට කිසිදු අවශ්‍යතාවක් තිබුණේ නැහැ මේ ව්‍යසනය අපි සකස් කර තිබෙන වැඩපිළිවෙළ ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට ආවරණයක් කර ගැනීමට.අපි සකස් කළ න්‍යාය පත්‍රය තුළ ඉදිරියට යාමේ අභිප්‍රාය අපිට තිබුණා.

මේ ව්‍යසනයට මුහුණ දෙන විට පාර්ලිමේන්තුවේ අපේ අයවැය ලේඛනය සකස් කරමින් තිබුණා. ඒ අයවැය අත්හිටුවා අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරන්න කියලා ඇතැම් අය යෝජනා කළා. ඒ වගේම අයවැය ලේඛනය මුළුමනින්ම වෙනස් කර මේ ව්‍යසනයට අනුරූපී වන පරිදි අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්න කියලා කිව්වා. අපි එහෙම කළේ නැහැ. අපි එහෙම නොකළේ ඒ අයවැය ලේඛනය අපේ රට, අපේ ආර්ථිකය, ජන ජීවිතය ඉදිරියට ගෙනයාමට දැක්මක් සහිත අයවැය ලේඛනයක් නිසා. අපි පොරබදන්නේ සකස් කර තිබෙන එම න්‍යාය පත්‍රය හකුළුවන්නේ නැතිව මෙම ව්‍යසනයට මුහුණ දෙන්නේ කොහොම කියලා. ඒ නිසා දෙසැම්බර් මාසයේ 05 වෙනි දා අපි පාර්ලිමේන්තුවේ සම්මත කළ අයවැය ලේඛනය මේ සුළි කුණාටුව ඒමට පෙර සකස් කරන ලද අයවැය ලේඛනයමයි. එය ඉතා වැදගත් කරුණක්.

ඊළගට අපි මුහුණ දුන් අභියෝගය වූයේ අයවැය ලේඛනයේ සකස් කර තිබූ උපායමාර්ගවලට හානි නොවන ආකාරයෙන් මීට අතිරේක මුදල් ප්‍රතිපාදන යොදා ගන්නේ කොහොමද කියන එකයි. මේ රටේ
පුරවැසියන් ලබා දී තිබෙන ජන වරමට අපි යටත් වී තිබෙනවා. ඒ නිසා කිසිදු සංවිධානයකට, කිසිදු බලපෑමකට අපේ ජනවරම පාවා දෙන්නේ නැතිව අපි රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනාවා මේ සඳහාම වියදම් කිරීම සඳහා. ඒ වගේම අවශ්‍ය නම් අයවැය යෝජනා ප්‍රමුඛතාව දක්වා ක්‍රියාත්මක කළ හැකියි.

ඒ නිසා අපි සකස් කළ වැඩපිළිවෙළ ආපසු හරවන්නේ නැතිව මෙම අභියෝගයට මුහුණ දීම සඳහා දරන ප්‍රයත්නය ඉතා වැදගත් වෙනවා. ව්‍යසනය ආරම්භයේදීම අපි මුහුණ දුන් ප්‍රශ්නය තමයි ජනතාව මුදා ගැනීම. ආසන්න වශයෙන් පවුල් ලක්ෂ 07ක් සහ සාමාජිකයන් ලක්ෂ 24ක් කුමන හෝ ආකාරයෙන් මේ ව්‍යසනයෙහි ගොදුරක් බවට පත්ව තිබුණා. නිවාස 6,000ක් පමණ පූර්ණ ලෙස සහ තවත් නිවාස 110,000ක් පමණ අර්ධ හානියට පත්ව තිබණා. නිවාස හානි සිදු නොවූ එහෙත්, එම කලාප අවදානම් නිසා පදිංචි වීමට නුසුදුසු නිවාස 10,000ක පමණ ප්‍රමාණයක් මේ වන විට හදුනාගෙන තිබෙන අතර තවමත් හඳුනා ගනිමින් සිටිනවා. මේ සියල්ල එක් කළ විට 20,000ක් ඉක්මවන නව නිවාස ඉදි කළ යුතුව තිබෙනවා.

2026 අයවැය ලේඛනයෙන් අලුතින් නිවාස 31,000ක් ඉදි කිරීමට සැලැස්මක් සකස් කර තිබුණා. 2009 යුද්ධය අවසන් වුවත් යුද්ධය නිසා නිවාස අහිමි වූ විශාල පිරිසක් උතුරේ අවතැන් කඳවුරුවල සහ තාවකාලික නිවාසවල තවමත් ජීවත් වෙනවා. එවැනි නිවාස 2500ක් ඉදි කිරීමට අයවැය ලේඛනයෙන් මිලියන 5000ක් වෙන් කර තිබුණා. අපි එය වෙනස් කළේ නැහැ. ඒ වගේම ආර්ථික අපහසුතා ඇති ජනතාව වෙනුවෙන් එම ජනතාවගේ දායකත්වය සහිත නිවාස වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන අතර, එම නිවාස 10,000ක් මේ වසරේ ඉදිකිරීමට සැලසුම් කර තිබුණා. ඒ වෙනුවෙන්, මිලියන 10,000ක් වෙන් කර තිබුණා. මේ සියල්ල ගත් විට 2026 වසරේ නිවාස 50,000 ඉක්මවා යන නිවාස ප්‍රමාණයක් ඉදි කළ යුතුව තිබෙනවා. ඒ වගේම ලෝක බැංකුවේ ආධාර සහිතව මූලික දළ ඇස්තමේන්තුවක් සකස් කළා. ඒ ඇස්තමේන්තුව ඩොලර් බිලියන 4.1ක් බවට පත් වෙනවා. දැනට අපි සකස් කර තිබෙන ව්‍යාපෘතිවල ඇස්තමේන්තුව ඩොලර් බිලියන 2.8ක් පමණ වෙනවා. ඒ වගේම තව ව්‍යාපෘති හඳුනා ගැනීමට තිබෙනවා.

ඕනෑම සමාජයක් පරිවර්තනය වෙන්නේ ගලාගෙන යන ධාරාව ඔහේ ගලාගෙන යාමෙන් නොවෙයි. ඒ සමාජයට, රටට ඇති කරන කම්පන විසින් රාජ්‍ය ගොඩනඟනවා. රාජ්‍ය ඉදිරි පිමි ගන්නේ, ලෝකයේ රාජ්‍ය ගොඩනැගී තිබෙන්නේ ඇති වන කම්පන ඔරොත්තු දීම සහ ඒ මත යළි ගොඩනැගීමෙන්.

මේ ව්‍යසනය හමුවේ අපි තෝරාගත යුතු මාවත් දෙකක් තිබෙනවා. ව්‍යසනය හමුවේ කම්පා වෙමින් සිටිය හැකියි. එසේ නොමැතිව කම්පනය මත නැවත ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නැඟි සිටිය හැකියි. අපි ආණ්ඩුවක් ලෙස තෝරාගෙන තිබෙන්නේ දෙවන මාවතයි. තිබුණාට වඩා හොඳ රටක් ගොඩනැගීම වෙනුවෙන් අපි මේ කම්පනය මත යළි නැඟී සිටීමට පොරබදනවා.

සාමාන්‍ය කියමනක් තිබෙනවා ස්වභාවික ව්‍යසනවලට උස් මිටිකම් බලපාන්නේ නැහැ කියලා. අපේ රටේ තිබෙන අසමානතාව විසින්ම ස්වභාවික විපත්වලට මුහුණ දෙන්නේ සමාන ලෙස නොවෙයි. දැඩි අවදානම් කියන ස්ථානයක නිවසක් ඉදි කර ගෙන ජීවත්වීම, තමන්ගේ නිවස සුළඟට, කුඩා ගංවතුරට ඔරොත්තු දෙන නිවසක් නොවීම යන කරුණු මත 80%කට වැඩි ප්‍රමාණයක්ගොදුරු වී සිටින්නේ සමාජ අසමානතාව නිසාම පීඩාවට පත්ව සිටින ජන ප්‍රජාවයි.

එසේ නම්, අප හමුවේ තිබෙන වගකීම වන්නේ එම ජන ප්‍රජාව පැවති මට්ටමට ගොඩනැගීම නොවෙයි, ඉන් ඉදිරියට ගෙන යාමයි. අපේ අවශ්‍යතාව එම ජනතාවට පැවති ජීවිත තත්ත්වයම අත් කර දීම නොවෙයි, එතනින් ඉහළට ගිය ජීවන තත්වයක් ඇති කර දීමයි. ඒ නිසා මේ අලුතින් ඉදි කෙරෙන නිවාස සඳහා මිලියන 05ක් ලබා දීමට කටයුතු කරනවා.

සමහර අය අපෙන් ප්‍රශ්න කරනවා එච්චර වටිනාකමක් එම නිවසේ නැහැ නේද? කියලා. එහෙත් ඔවුන්ට හිමි විය යුත්තේ ඔවුන් ජිවත් වූ නිවසට වඩා හොඳ නිවසක් කියලා අපි විශ්වාස කරනවා.

ඒ වගේම අර්ධ හානි සිදු වූ නිවාස සඳහා තක්සේරුවකින් තොරව රුපියල් ලක්ෂ 05ක් ලබා දීමට කටයුතු කරනවා. අපේ අරමුණ ඔවුන්ගේ නිවසට අලුත් කොටසක් එක් කර ගනිමින් පැවති නිවසට වඩා හොඳ නිවසක් ඉදි කර ගැනීමයි. පුර්ණ හානි, අර්ධ හානි මේ සියල්ල ගත් විට ඊට මුහුණ දී සිටින්නේ අපේ ආර්ථිකයේ පහළම ස්ථරයේ ජීවත්වන ජනතාව. ඔවුන්ට අපි අවස්ථාවක් දිය යුතුයි. ඒ වගේම වගා කටයුතු, සත්ත්ව පාලනය, කර්මාන්ත යළි ආරම්භ කිරීමට අපි සහන ලබා දිය යුතුයි.

අපේ පළමු අරමුණ වුණේ, ජනතාව මේ ව්‍යසනයෙන් මුදා ගැනීමයි. එහිදී අවම ජීවිත හානි සිදු වන පරිදි අපි ඒ කාර්යය ඉටු කළා. දෙවෙනි පියවර සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා ගැනීම සහ පහසුකම් ලබා දීම. තුන්වන පියවර ඔවුන් සුරක්ෂිත මධ්‍යස්ථානවලින් එළියට ගැනීම. අපි ඒ වෙනුවෙන් දීමනා ලබා දෙමින් ඒ පියවර ක්‍රියාත්මක කළා. ඊළඟට අපේ අභිප්‍රාය වූයේ ඔවුන්ගේ සාමාන්‍ය ජන ජීවිතයට අවශ්‍ය යටිතල පහසුකම් සපයා දීමයි. විදුලිය, සන්නිවේදන, ජලය සහ මංමාවත් යන පහසුකම් යථා තත්ත්වයට පත් කරමින් සති දෙකක් වැනි කාලයක් තුළ එම කටයුතු අවසන් කළා. තාවකාලිකව හෝ එම ජනතාවගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීමට කඩිනමින් කටයුතු කළා. ඉන් පසුව, ඔවුන්ගෝ ජීවනෝපායමාර්ග යළි ආරම්භ කිරීමට අවශ්‍ය සහාය ලබා දුන්නා. එම කටයුතු සැලකිය යුතු ප්‍රමාණයක් දැන් අවසන් වී තිබෙනවා. අපේ ඊළග පියවර බවට පත්ව තිබෙන්නේ මේ තාවකාලික ඉදිකිරීම්, ස්ථාවර ඉදිකිරීම් බවට පරිවර්තනය කිරීම.

අපි කවුරුත් දන්නවා මධ්‍ය කඳුකරය කියන්නේ අපේ රටේ හදවත. අපේ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරය තුළ මෙම මධ්‍ය කඳුකරයේ බලපෑම විශාල බලපෑමක් බවට පත් වුණා. එක කාලයක් මේ මධ්‍ය කඳුකරය විශාල වනාන්තරවලින් පිරි තිබුණා. අපේ මුතුන් මිත්තන් විසින් මධ්‍ය කඳුකරය ඉතා හොඳින් සුක්ෂිත කර, එයින් ගලා යන ගංගා, තැන්නෙන් හරස් කර වගා කටයුතු සිදු කළා. අංගම්මැඩිල්ල, මිණිපේ වේල්ල බැඳුණේ එහෙමයි. එහෙත් කුමන හෝ විකෘතියක් හේතුවෙන් අපි තැන්න වනාන්තර බවට පත් කර කඳුකරය එළිපෙහෙළි කරන්න පටන් ගත්තා. එම ව්‍යසනයට තමයි අද අපි මුහුණ දී තිබෙන්නේ.

මධ්‍ය කඳුකරය අපේ හදවත, එයින් රූරා හැළෙන ගංගා 103ක් තිබෙනවා. මේ සියල්ල අද ව්‍යසනයේ ආසන්න ගොදුරු බවට පත්ව තිබෙනවා. ඒ නිසා අපි දිගුකාලීන සැලැස්මකට යා යුතුයි. මධ්‍ය කඳුකරයට ඇති වී තිබෙන මෙම ව්‍යසනය ශත වර්ෂවලින් සිදු වූ ව්‍යසනයක්. ඒ නිසා මේ ව්‍යසනය යළි යථා තත්වයට ගෙන ඒමට අපිට දශක ගණනාවක් ගත වෙයි. අඩපණ වී, වියළි ගිය මධ්‍ය කඳුකරයට අපි යළි ප්‍රාණය කැඳවා ගෙන ආ යුතුයි. මෙම මධ්‍ය කඳුකරයට යළි හුස්ම දීම අනාගත පරපුර වෙනුවෙන් අත්‍යවශ්‍යම කරුණක්. අපි ඒ සඳහා සැලසුම් සකස් කර තිබෙනවා. අපේ රටට තිරසාර සංවර්ධන මාවතක් අවශ්‍යයි. ඒ අනුව, මධ්‍ය කඳුකරයට කිසිදු හානියක් කිරීමට ඉඩ දෙන්න බැහැ. ඒ වගේම, මේ මධ්‍ය කදුකරය යථා තත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය සැලැස්ම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ පිළිබඳ අපි දැඩි තීරණයක සිටිනවා.

ඒ වගේම මෙවැනි ව්‍යසනයකදී අපි අත්දැකපු අත්දැකීම් තිබෙනවා. එහිදී මුල්‍ය විනය ඉතා ශක්තිමත් ලෙස ආරක්ෂා කළ යුතුයි. ව්‍යසනයකදී සාමාන්‍ය ක්‍රියාපරිපාටිය බිඳ වැටෙනවා. ව්‍යසනය නිසා ඇති වන කලබලය විසින් මූල්‍ය විනයට වෙන වෙන පාරවල් ඇති වෙනවා. ඒ නිසා අපි තිර අදිටනින් යුතුව ඔබ ලබා දෙන සෑම රුපියලකම වගකීම භාර ගන්නවා. ඒ මූල්‍ය විනය අපි මුළුමනින්ම ආරක්ෂා කරනවා. ඒ වගේම විනිවිදභාවය මුළුමනින්ම තහවුරු කර තිබෙනවා.

ඒ වගේම, මෙම යළි ගොඩනැගීමේදී ජනතා සහභාගිත්වය අවශ්‍යයි. ඒ වගේම විශ්වාසය අවශ්‍යයි. මෙම ව්‍යසනයෙන් යළි ගොඩනැගීමේදී තමන්, තමා කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි. මම, මා කෙරෙහි විශ්වාසය තබනවා. ඒ වගේම අපේ රාජ්‍ය යාන්ත්‍රණය කෙරහි විශ්වාස තබනවා. විශේෂයෙන්ම තාක්ෂණවේදීන්, විශේෂඥ ඥානය තිබෙන මේ සියලු දෙනා විශ්වාස කරනවා. ඒ වගේම අපේ ජනතාව තුළ ඇති අනෙකාගේ දුක, වේදනාව හමුවේ සංවේදී වන තමන්ටම අනන්‍ය වූ සාරය කෙරෙහි අපි විශ්වාස තබනවා. මම දන්නවා ව්‍යසනයට මුහුණ දුන් ලක්ෂ 24ක ජනතාව පමණක් නොවෙයි එදා නිදා ගත්තේ නැත්තේ. නිදා ගත්තේ නැති තවත් ජනතාවක් සිටිනවා. මේ සහකම්පනය අපේ ජනතාව තුළ තිබෙනවා. අපේ ජනතාව තුළ තිබෙන මෙම සාරය නිසා අපිට යළි ගොඩනැඟිය හැකියි. ඒ සාරය නිසා තමයි ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව දහස් ගණනක් ජනතාව වැඩ කළේ. තමන් ඉතා සීරුවෙන් උපයා ගත් ධනයෙන් කොටසක් වැය කළේ.

ඒ වගේම විදේශ මිත්‍ර රාජ්‍යයන් අපිට විශාල සහායක් ලබා දුන්නා. ජනතාව මුදා ගැනීම සඳහා, ඒ වගේම සුරක්ෂිත මධ්‍යස්ථානවල ජනතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සපයා දීම සහ යළි ගොඩනැගීම සඳහා අපිට විශාල සහායක් ලබා දෙනවා. අපි තවත් එම සහාය අපේක්ෂා කරනවා. කුඩා කුඩා කෙඳි එකට ගොතා මහ කඹයක් නිර්මාණය කරනවා වගේ මේ සියලු ශක්‍යතාවන් එක තැනකට ගොනු කර ගොතා ගැනීමට හැකි වුවහොත් අපි ශක්තිමත්ම යළි නැගී සිටීමේ ආදර්ශය බවට පත් වෙනවා. ඒ නිසා අපේ ආදර්ශය වන්නේ විසිරුණු සියලු හැකියාවන් ඒකාබද්ධ කර මහ හූයකින් මේ සමාජය යළි ගොඩනැගීමයි. ඒ සඳහා සහාය ලබා දෙන සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, සෙඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි යන මහත්වරු ඇතුළු අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහූද, විදෙස් තානාපතිවරු සහ එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු මූල්‍ය ආධාර සපයන ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන්, විද්වතුන්, කලාකරුවන්, පෞද්ගලික අංශ නියෝජිතයන්, ආරක්ෂක අංශ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-01-13

SendShareShare
Previous Post

ලාල්කාන්තගේ ‘මිහින්තලේ වනචාරියා’ කතාව පත්තු වෙයි! මිහින්තලේ නාහිමියෝ අද උදේම නීතීඥවරුන් පිරිවරා CIDයට ඇවිත් පැමිණිලි කරයි! ලාල්කාන්තට හොඳම එකෙන් අමතයි! අවුරුදු එකහමාරකට කලින් නිරාගමික කතා.. සමලිංගික කතා ඔක්කොම වෙයි කියලා මම කිව්වා! කරපු වැරැද්දට සමාව ගන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

26000කට ආණ්ඩුවේ රස්සා ලෑස්තියි! I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.