එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වසර 26ක් තිස්සේ එක දිගට දැරූ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීන්දු කර ඇත.
මෙවර මහමැතිවරණයෙන් ලැබූ අන්ත පරාජයෙන් පසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේ වික්‍රමසිංහ මහතා මෙම තීන්දුව ගෙන ඇති බව පැවසේ.
මේ බව අද දිනයේදී ඒ මහතා විසින් පක්ෂයට දැනුම් දී ඇති බවද පැවසේ.










