• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

6 පන්තියේ ඉංග්‍රීසි මොඩියුලයට අසැබි වෙබ් අඩවියක් ඇතුළත් කොට අධ්‍යාපනය විනාශ කිරීමට එරෙහිව සජබය නිදහස් අධ්‍යාපනයේ පියා වූ CWW කන්නන්ගර පිළිරුව ඉදිරිපිටට ඇවිත් උද්ඝෝෂණ කරයි! විපක්ෂයේ පක්ෂ නායකයනුත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 11, 2026
in Exclusive
Reading Time: 14 mins read
A A
6 පන්තියේ ඉංග්‍රීසි මොඩියුලයට අසැබි වෙබ් අඩවියක් ඇතුළත් කොට අධ්‍යාපනය විනාශ කිරීමට එරෙහිව සජබය නිදහස් අධ්‍යාපනයේ පියා වූ CWW කන්නන්ගර පිළිරුව ඉදිරිපිටට ඇවිත් උද්ඝෝෂණ කරයි! විපක්ෂයේ පක්ෂ නායකයනුත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ සාක්ෂරතාව සහ ආර්ථිකය වර්ධනය වූයේ, මාතෘ මරණ සහ ළමා මරණ අනුපාත අඩු වූයේ පුරවැසියන්ගේ ආයු භාවය වැඩි වූයේ මේ දියුණු අංශයන් සියල්ලම ඉදිරියට ගියේ අප රටේ නිදහස් අධ්‍යාපනය නිසා බවත් එදා සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාට නිදහස් නිවහල් නොමිලේ අධ්‍යාපන සංකල්පය ගෙන ඒමට විශාල අරගලයක් සිදු වූ බවත් මෙරට ප්‍රභූ පැළැන්තිය පවුල් බලය සහිත කණ්ඩායම් ධනපතියන් එදා කියා සිටියේ ඒ අයගේ වතුවල පොල් කඩන මිනිසුන් නිදහස් අධ්‍යාපනය නිසා නැති වෙයි කියා බවත් ප්‍රභූ පැළැන්තිය ධනපති පැළැන්තිය ඒ ආකාරයෙන් නිදහස් අධ්‍යාපනට විරුද්ධ වන විට පවා මේ බාධා නොසලකා නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කර ආරක්ෂා කර රැක ගන්නාවා සේම අපේකම ගමේකම නගරයේකම ඉතිහාසය සභ්‍යත්වය රැකගෙන අධ්‍යාපන ක්ෂේත්‍රය අලුත් වි නවීකරණය විය යුතු බවත් ඇති හැකි අයගේ දුවා දරුවා පමණක් smart board, Tab, Computer භාවිත නොකර සමස්ත නිදහස් අධ්‍යාපනයේ 41 ලක්ෂයක් දරු පරපුරටම ඒ අයිතිය තිබිය යුතු බවත් අපේකම රැකගෙන සභ්‍යත්වය සංස්කෘතිය රැකගෙන මේ ප්‍රතිසංස්කරණය සිදුවිය යුතු වුවත් මේ යන ආකාරයට නම් අධ්‍යාපනයට අනාගතයක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහතාගේ පිළිරුව අභියස දී ‘නිදහස් අධ්‍යාපනය රැකගමු’ යනු තේමාව පෙරදැරි කර ගෙන විපක්ෂයේ පක්ෂ නායකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති නූතන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළට අසභ්‍යත්වය ඇතුළත් කිරිම සම්බන්ධයෙන් දැනුවත් කරන ජන හමුව හා එක්වෙමිනි.

අධ්‍යාපනය අලුත් වෙනවා යනු අධ්‍යාපනයට අසභ්‍යත්වය ඇතුළත් කිරීම නොවන බවත් මේ වන විට ලෝකයෙන් ගත යුතු දේ මෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු දේ ඇති බවත් ලෝකයේ අධ්‍යාපන ශ්‍රේණිගත කිරීම්වලින් පාඩම් ඉගෙන ගෙන මාර්ගගත අධ්‍යාපනය තුළ අසභ්‍යත්වය වළක්වා ගැනීමට දමා ඇති බාධක තවදුරටත් ශක්තිමත් කර අප යොදා ගත යුතු බවත් මේ අධ්‍යාපනයෙ අසභ්‍යත්වයට විරුද්ධව ජනතාව අද පෙළ ගැසී ඇති බවත් ලබන සතියේ මැද වන විට නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ ජාතික එකමුතුව දියත් කර මෙරට සිදුවිය යුතු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පුළුල් සංවාදයක් ඇති කර ජාත්‍යන්තර ශ්‍රම වෙළෙදපොළේ ඔ්නෑම නිපුණතාවකට මුහුණ දිය හැකි සංස්කෘතිය අගය කරන සුහුරු පුරවැසි පරපුරක් නිර්මාණය කිරිමට නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් විය යුතුයි

රටක් ලෙස ඉදිරියට යාමට නම් සුහුරු රටක් නිර්මාණය විය යුතු බවත් එය පෙරපාසල පාසල හරහා සුහුරු සිසුවා සුහුරු තාරුණ්‍යය ගොඩනගා සුහුරු රටක් ගොඩනැගිය හැකි බවත් මේ තුළින් අපේ රට සභ්‍යත්වය අපේකමට අනුකූලව ක්‍රියාත්මක වන ශිෂ්ටසම්පන්න රාමුවක් තුළ නිදහස් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය විය යුතු බවත් අලුත් අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා සේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් ලෙස සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සේම අධ්‍යාපනය ද මූලික හා මානව අයිතිවාසිකමක් විය යුතු බවත් ඊට අමතරව නිදහස් සෞඛ්‍ය ද මූලික අයිතිවාසිකමක් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එදා අපි white paper, green paper ගැන කියන විට මේ රජය හිනා වුණා

වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිර්මාණය වන විට වෙට්ස්මිනිස්ටර් ක්‍රමය තුළ white paper, green paper ගැන විපක්ෂය යෝජනා කරන විට එයට උද්දච්ච විහිලු කර අපහාස කිරීමට රජයේ මැති ඇමතිවරු කටයුතු කළ බවත් මේ ප්‍රතිසංස්කරණය ගැන කිසිදු අංශුමාත්‍රයක වැදගත්කමක් නොමැතිව power point presentation එකකට පමණක් මෙය සීමා කළ වැඩබැරි ආණ්ඩුවක් රටේ ඇති බවත් මේ නිසා අධ්‍යාපනය ද කඩා වැටී ඇති බවත් මේ රට ඉදිරියට යාමට නම් STEAM අධ්‍යාපනයට මූලික තැන ලබා දිය යුතු බවත් මේ දේ කරනවා සේම ඉතිහාසය විෂය ද අනිවාර්ය විෂය සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ඒ අයගේ පෞද්ගලික කැමැත්ත රටේ ජනතාවගේ කරපිට බලහත්කාරයෙන් පටවන්න දෙන්න බෑ

මේ ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කළ අයගේ පෞද්ගලික ජීවිතය ඒ අයගේ ජීවිතයට සීමා විය යුතු බවත් ඒවා රටේ ජාතික ප්‍රතිපත්තිය නොවිය යුතු බවත් පුද්ගලයකුගේ නිදහස සහ කැමැත්තේ රටේ අනික් මිනිසුන්ගේ කැමැත්ත ලෙස බලහත්කාරයෙන් පැවරිය නොහැකි බවත් එය ගමේකම අපේ කම රටේ කම නොවන නිසා ගමේකම අපේකම රටේකම දිනවන වැඩපිළිවෙළකට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පෞද්ගලික සහ රජයේ පාසල් අතර ඇති බෙදීම නැතිවිය යුතුයි

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපනයට යුක්තිය සාධාරණය ඉටු වීමට නම් ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික පාසල් අතර ඇති පරතරය නැති විය යුතු බවත් මෙය රැකියා වෙළෙදපොළට පවා බලපාන කරුණක් නිසා සියලුම පාසල් දූදරුවන්ට චතුර ලෙස ඉංග්‍රීසි භාෂා ඇතුළු අනෙකුත් භාෂා හැසිරවීමට හැකියාව තිබිය යුතු බවත් දුපත් මානසිකත්වයෙන් කොටුපවුරු බැද අපි තමයි හොදම කියා සිටිනවා වෙනුවට ලෝකයේ සෙසු රටවල් 193ට වැඩි ප්‍රමාණයත් සමග තරග කිරිමට එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

කටුගම්පොලින් සජබ ප්‍රමුඛ විපක්ෂයට ඓතිහාසික ජයක්! සමූප ඡන්දයෙන් සජබ ප්‍රමුඛ විපක්ෂයට සභිකයන් 108යි… මාලිමාවට 8යි! මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීගේ කොට්ඨාසයේ මාලිමාව බිංදුවටම වැටෙයි! සභිකයන් 12න් 12ම විපක්ෂයට! I Sri Lanka Latest News

Next Post

නිදහස් අධ්‍යාපනය රැකගන්න සජිත් විපක්ෂයත් අරන් මතුගමට එද්දී මාලිමාවේ කොට්ටහච්චිත් කාන්තා අයිතීන් රැකගන්න කියලා කාන්තාවොත් අරන් මතුගමට එයි! සමහර කාන්තාවො උස්සන් හිටපු බෝඩ් එකේ තිබ්බෙ මොනවද කියලා දන්නෙත් නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.