• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර අනුරපුරෙන් කුරුණෑගලට! රනිල් කියපු 2048 කතාවට පොඩි ෂොට් එකක් දෙයි! PHOTOS I Sri Lanka Latest News

January 10, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
අනුර අනුරපුරෙන් කුරුණෑගලට! රනිල් කියපු 2048 කතාවට පොඩි ෂොට් එකක් දෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ව්‍යසනයෙන් අහිමි වූ ජීවිත යළි ලබා දිය නොහැකි වුවත් බිඳ වැටුණු ජන ජීවිතය යළි ආරම්භ කිරීම වෙනුවෙන් රජයෙන් ලබා දිය හැකි සෑම අනුග්‍රහයක්ම ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News

තම අරමුණ වන්නේ ව්‍යසනයට මුහුණ දුන් ජනතාවට පෙර පැවති තත්ත්වයට වඩා උසස් ජීවන තත්ත්වයක් අත්කර දීම බව පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් වූ ශක්තිමත් වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක කරමින් තිබෙන බවත්, එම ජනතාවට 2048 වන තුරු බලා සිටින ලෙස පැවසීමට තමා කටයුතු නොකරන බවත් සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ආපදාවෙන් පූර්ණ ලෙස නිවාස අහිමි වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමේ සහ වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාවට කොබෙයිගනේ, විතිකුලිය ප්‍රදේශයේ එක් වෙමිනි.

ආපදාවෙන් පසු ජන ජීවිතය යළි ගොඩනැංවීම වෙනුවෙන් ආරම්භ කළ ‘Rebuilding Sri Lanka’ යටතේ වූ ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක PROJECT 5M වැඩසටහන යටතේ ‍නිකවැරටිය, කොබෙයිගනේ, රස්නායකපුර, කොටවෙහෙර, පන්නල, බිංගිරිය, මහව, වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදා තත්ත්වයෙන් පූර්ණ නිවාස හානි සිදු වූ, නැවත එම ස්ථානයේම නිවස ඉදිකළ හැකි බවට තත්ත්ව සහතිකය ලද නිවාස වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම ආරම්භ කිරීම සහ වන්දි ප්‍රදානය මෙහිදී සිදු කෙරිණි.

ආපදාවෙන් පසු යළි නැගීසිටීමට විශාල කාලයක් ගතවනු ඇතැයි ඇතැමුන් අපේක්ෂා කළද, මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් රට සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට රජය සමත් වී තිබෙන බවත්, එහිදි වෙහෙස නොබලා ධෛර්යයෙන් සහ කැපවීමෙන් කටයුතු කළ ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළු සියලුදෙනා වෙත තම ප්‍රණාමය පුද කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම, ඉදිරියේදී ඕනෑම ව්‍යසනයකට මුහුණ දිය හැකි අන්දමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් එක්ව වැඩකරමු’යිද ජනාධිපතිවරයා සියලුදෙනාට ආරාධනා කළේය.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශවාසී ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-01-09

SendShareShare
Previous Post

ලැබෙන දේවල් හොඳ නම් ආසාව වැඩිවෙනවා…! ඇත්ත ජීවිතයයි රංගනයයි කියන්නේ දෙකක්…! වාසනාව හොයාගන්න ඕනේ…! ෆර්නි රෝෂනී I Sri Lanka Latest News

Next Post

මේ පින්තූරය 68 ලක්ෂයක් බලලා! සජබ-එජාප එකතුවට රැල්ලක්! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.