සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් වන නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම් සහ උපසභාපති නවීන් දිසානායක යන මහත්වරුන් අතර පැවැති සාකච්ඡාවට අදාළ ඡායාරූපය මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල රැල්ලක් බවට පත්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.Sri Lanka Latest News

ඒ අනුව, ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටර්ග්‍රෑම් ඇතුළු ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලවල මෙම ඡායාරූපයට අදාළ පුවත ලක්ෂ 68 ඉක්මවූ ප්‍රමාණයක් නරඹා ඇති බවක් දැකගත හැකිය.
මෙසේ මෙම ඡායාරූපයට ඉතා ඉහළ ප්‍රතිචාරයක් හිමිව ඇත්තේ ලක්ෂ සංඛ්‍යාත සජබ සහ එජාප පාක්ෂිකයන් මෙම එකමුතුව හේතුවෙන් දැඩි ලෙස සතුටට පත්ව තිබීම හේතුකොට ගෙනය.
ඉකුත් ජනාධිපතිවරණයෙන්, මහ මැතිවරණයෙන් සහ පළාත් පාලන මැතිවරණයෙන් පසුව සමගි ජන බලවේගයේ පාක්ෂිකයනුත්, එජාප පාක්ෂිකයනුත් සිටියේ මෙම පක්ෂ දෙක ඉතාම ඉක්මනින් එක්විය යුතුය යන ස්ථාවරයේය.
නමුත් එවැන්නක් සිදුවීමේ අවස්ථා කිහිපයක් පැනනැගුණද එජාපයේ සිටින ඇතැම් නායකයන්ගේ ක්‍රියාකලාපය හේතුකොට ගෙන එම අවස්ථාවන් ලත් තැනම ලොප් වී තිබිණි.
එසේ වුවත් මෙවර සාම සාකච්ඡා සඳහා සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ඍජුව සහභාගි වී සිටීමත්, එජාපයෙන් පිළිගත හැකි තරුණ නායකයන් ඊට සම්බන්ධ වී සිටීමත් හේතුකොට ගෙන මේ වන විට පක්ෂ දෙකේ එකමුතුව සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම පාක්ෂිකයන් විශාල විශ්වාසයක් තබා ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන.










