• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පවුලකටම ගිනිතැබූ මොකක්ද ගිනිගෙඩිය! Sri Lanka Latest News

January 10, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
පවුලකටම ගිනිතැබූ මොකක්ද ගිනිගෙඩිය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගලෙන්බිඳුණුවැව ගම්මානයේ නිවෙසකින් පසුගියදා රාත්‍රියේ අහසට නැගුණු ගිනි දැල් සමග මුළු ගම්මානයම කම්පනයට පත්වුණා. ඒ ගින්න සාමාන්‍ය ගින්නක් නොවිණි. ඒ ගින්න දරු පවුලක සිහින, මවුපිය ආදරය, දරුවන්ගේ අනාගතය යන සියල්ලම අළුකර දැමූ කඳුළු ගඟක් වුණා. ගින්නට පෙර දින ඔවුන් සතුටෙන් කාලය ගත කළත් ගින්නෙන් පසුව එකම කඳුළු ගංගාවක් බවට පත්වුණේ තම පවුලේ අයට මෙන්ම අසල්වැසියන්ටද මහා දුකක් ඉතිරි කරමිනි.Sri Lanka Latest News

තාත්තා කෙනෙක් දරුවන්ගේ ජීවිතයට කොයි තරම් ආලෝකයක්ද කියන දේ අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. නමුත් මේ සිදුවීම ඊට හාත්පසින්ම වෙනස් කතාවක් ගෙනදුන්නේ. ජීවිත කිහිපයක් ගිනිබත් වුණේ පියෙකුගේ නොහික්මුණු ගතිපැවතුම් හේතුවෙනි. ඔහු තම පවුලම නිහඬ කරන්නට වුණා. කුඩා දියණියකගේ අහිංසක හිනාව, මවකගේ සෙනෙහස, පියෙකුගේ වගකීම් ක්ෂණයකින් ගිනිබත්ව තිබෙනු අසන්නට ලැබීම අප කාගේත් හදවත් කම්පනයට පත්කරනු ලැබුවේ පියෙකුට මෙවැනි සාපරාධී තීරණයක් මොන හිතකින් ගත්තාද යන්නයි. එකම මොහොතක අඳුරට ගලාගිය කතාන්දරයක් බඳු මෙවැනි දෙයක් මේ මහපොළොවේ සිදුවුණාද? කොහොමෙද මෙහෙම දරුණු තීරණයක් මේ තාත්තා ගත්තේ?

එකම වහලක් යට ජීවිත කිහිපයකටම ජීවිත තර්ජනය වුණේ මේ පියා පෙට්‍රල් ඉසීමෙන් ආරම්භ වූ මෙම දුක්බර සිදුවීම නිසා මව පියා මෙන්ම දියණියද එකම මොහෙ‌ාතක ගිනිබත් වී අවසන් වීම සමාජයම කම්පනයට පත්කරනු ලැබුවා. මෙයට හේතුව ආර්ථික අර්බුදයද පවුල් තුළ සඟවාගත් වේදනාවක්ද යන්න අපට නොදැනී ගිය නොදුටු හඬක්ද යන්න සෑම කෙනෙකුගේම හදවතට නැගෙන ප්‍රශ්නයක් බවට පත්වුණා. මේ සිදුවිවීම සිදුවීමට පෙර දින රාත්‍රියේ පවුලේ සැවොම එක්ව කේක් කැපුවේ තම කුඩා දියණියගේ උපන්දිනය සැමරීමටයි. එහෙත් අනතුරුව මේ පියා ‌කුරිරු අළුගෝසුවකු ලෙස ක්‍රියා කළේ කොහොමද?

අනුරාධපුර ගලෙන්බිඳුණුවැව නුවරගම් කොලනිය පඩිකාරමඩුව ප්‍රදේශයට පසුගිය 06 වැනිදා උදා වෙද්දී ගම්මානයට උදාවන්නේ මහා මූසල පෙනුමකි. මේ ප්‍රදේශයේ නිවසක් ගිනිබත්ව තිබුණේ කාහටත් ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි. කලක් තිස්සේ පැවැති පවුල් ආරවුලක් මත සැමියා සහ බිරිඳ අතර ඇතිවූ විරසකභාවයට වන්දි ගෙවන්නට සිදුවුණේ අහිංසක දරුවන්ටයි. දියණියන් දෙදෙනා රාත්‍රියේ නින්දට ගියේ හිතේ සතුටින්. ඔවුන් හීනෙකින්වත් නොසිතන්නට ඇති තමන්ගේ තාත්තා, තමන්ගේ ජීවිත ගිනි ගොඩකට ඇදදමාවි කියා. දරුවන්ට මවුපියන්ගේ ළඟ ඇරෙන්න ආරක්ෂිත ස්ථානයක් වෙන කොහෙවත් නැති බව අපි හැමෝම දන්නා කාරණයකි. මොවුන් කවුරුත් නොසිතන්නට ඇති මරණය තමන්ගේ ගෙදර දොර ඉදිරියේ සිටින බව. ගින්න පත්තුවුණා. මවුපිය උණුසුමට වඩා දැනුණේ ගින්නේ වේදනාවයි. දරුවන්ගේ කෑගැසීම මවකගේ අහිංසක උත්සාහය මේ ගිනි පුපුරු අතර මැකී ගියේ ක්ෂණයකිනි. මේ පියා දරුවන් නිදා සිටි කාමරයට ගොස් ඊට පෙට්‍රල් ඉස ගිනි තබා ඇති බවයි පොලිසිය අනාවරණ කර තිබුණේ.

මේ ආරවුලක් බවට පත්කළ පියා වන සමන් අනුරුද්ධ ප්‍රදීප්ප්‍රිය 43 හැවිරිදි වියේ පසුවූ අතර මව ප්‍රභාෂා සඳමාලි ජයරත්න 36 වැනි වියේ පසුවුණා. නිවස තුළ මව පියා සහ ඊට පෙරදින රාත්‍රියේ උපන්දිනය සැමරූ ඩිමල්කා ජයශානි 13 හැවිරිදි දියණියද එම ස්ථානයේම පිලිස්සී මියගොස් තිබුණේ කාහටත් මේ සිදුවීම තේරුම් ගැනීමට නොහැකිවයි. දැරිය මේ ඛේදවාචකය සිදුවීමට පෙර දින සතුටින් ගතකළා. ඒ සතුට ඇගේ අවසාන සිනාව බව කිසිවකු නොදැන සිටියා. තාත්තා කියන වචනය ඇයට තවදුරටත් හඬනැගීමට ලැබුණේ නැත.

ගින්නෙන් පිලිස්සුම් තුවාල ලැබූ 15 හැවිරිදි නිශා ඉඳුලි වැඩිමහල් දියණිය හා විශ්‍රාමික ගුරුවරියක වන 66 හැවිරිදි පී. කමලාවති වන බිරිඳගේ මව සහ ගින්න පාලනය කිරීමට උත්සාහ ගත් 20 හැවිරිදි වැඩිමහල් පුතු බරපතළ පිලිස්සුම් තුවාල ලබා හුරුළුවැව ප්‍රාදේශීය රෝහලටද, පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලටද ඇතුළත් කර තිබුණේ අසල්වැසියන්ගේ උපකාරයෙනි. පොලිසිය අනාවරණ කළේ සැමියා හා බිරිඳ අතර කලක සිට ආරවුලක් තිබූ බවයි. අවස්ථා කිහිපයකදීම මොවුන් දෙදෙනා පොලිසියට කැඳවා අවවාද කර තිබූ අතර, මීට මාස දෙකකට පෙර වඩු වැඩවල නිරත මෙම සැමියා බීමතින් පැමිණ සිය බිරිඳට පහරදී තිබෙනවා. මොවුන්ව අවස්ථා කිහිපයකදීම පොලිසියට කැඳවා අවවාද කර යවා තිබූ බව පොලිස් පොත්වල සඳහන්ව තිබුණා. ඔහු බිරිඳට සහ දරුවන්ට නිතර පහරදීම පුරුද්දක් කරගෙන තිබුණා. අනතුරුව බිරිඳ දියණියන් දෙදෙනා සමග පඩිකාරමඩුව ප්‍රදේශයේ පිහිටි මවගේ නිවසට ගොස් තිබුණා.

මේ හේතුවෙන් සැමියා බිරිඳ ගැන කෝපයෙන් සහ සැකයෙන් පසුවූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. පුතුන් දෙදෙනා තම පියා සමග ගලෙන්බිඳුණුවැව කරවක්කුලම ප්‍රදේශයේ පිහිටි නිවසේ ජීවත්ව තිබෙනවා. පිලිස්සී මියගිය දියණියගේ උපන්දිනය මේ සිදුවීමට පෙර දින සමරා තිබුණා. මොවුන්ගේ කරවක්කුලමේ පිහිටි නිවසේ සිට පියා තම පුතුන් දෙදෙනා සමග ලොරි රථයෙන් දියණියගේ උපන්දිනය සැමරීමට පැමිණ තිබුණා. සාදය සැමරීමට කේක් සහ තෑගිද රැගෙන මොවුන් පැමිණියේ සන්තෝෂයෙන් යුතුවයි. සාදය නිම වීමෙන් පසු පුතුන් දෙදෙනා නිවසේ තබා ඔහු පිටව යන බව බිරිඳට පවසා තිබුණා. මෙසේ පැවැසුවද ඔහු පිටත්ව නොගොස් නිවස අසල ලොරිය නවතා ඒ තුළ රැඳී සිට ඇති බවයි පොලිස් විමර්ශනවලදි අනාවරණ වූයේ.

ඔහු ලොරියේ වහලයට නැග ඒ හරහා නිවසේ ඉහළ මහලට ගොඩවී බිරිද හා දරුවන් නිදාසිටි කාමරයට ගොස් මෙම අහස පොලොව නූහුලන ගිනිතැබීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ. පසුව මුළු කාමරයම එකම ගිනි ගොඩක් බවට පත්ව තිබූ බවද, ගින්නෙන් කිසිදු අයකුට බේරීමට නොහැකිව තිබූ බවද සඳහන්ය. 20 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා වන තරුෂ දිල්හාන් වෙනත් කාමරයක නිදා සිට ඇති අතර, ගින්න ඇවිළෙන බව දැනගත් වහාම ඔහු තම මව සහ සහෝදරියන් බේරාගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරුවද එය ව්‍යර්ථ වීම කනගාටුවට කරුණක් වුණා. ගිනි ජාලාවට පැන තම පවුලේ සාමාජිකයන් බේරා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුද බරපතළ ලෙස පිලිස්සුම් තුවාල ලබා ඇති අතර, ඔහුව පසුව අනුරාධපුර රෝහලට ඇතුළත් කළ බවයි සඳහන් වන්නේ.

‘නංගිගේ උපන්දිනයට තාත්තා ඇවිත් කේක් කපලා අපිට කවලා යන්න ගියා. ඊට පස්සේ අපි නිදාගත්තා. 06 වැනිදා පාන්දර ලොකු ගින්නක් ඇවිළෙනවා දැකලා මම ඇහැරුණා. අම්මයි නංගිලායි ආච්චියි ඒ ගින්නට අහුවෙලා. මම එයාලා බේරගෙන එළියට ගත්තා. තාත්තා එයාලට ගිනි තියලා එයත් ගිනි තියාගෙන කියලා මම දැනගත්තේ පස්සේ….’ යනුවෙන් දිවි බේරාගත් 20 හැවිරිදි පුතු පොලිසියට පැවසීම කාගේත් හදවතට කඳුළක් එක්කරනු ලැබුවා. මිත්තණියගේ සහ 15 හැවිරිදි දියණියගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

අසල්වැසියන් කිහිපදෙනකුද මේ ඛේදවාචකය පිළිබඳ මෙලෙස අදහස් දක්වා තිබුණා.
‘මේක ඇත්තටම කනගාටුදායක, රටක් කතාකරන ඛේදවාචකයක් බවට පත්වුණා. මොකද ගෙවල්වල ආරවුල් ඇතිවෙනවා. ආරවුල්වලට මේක පිළිතුරක් නෙවෙයි. ඇත්තටම මොනවත් නොදන්නා දරුවෝ මේකට සම්බන්ධ කරගන්නේ නැතිව මේ වාගේ ප්‍රශ්නවලට පිළිතුරු තියෙනවා. මේ පුද්ගලයා මේක පොඩ්ඩක් හරි ඉවසුවා නම් කී දෙනෙක් බේරෙනවද? එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ප්‍රශ්නවලට අද කීදෙනෙක් වන්දි ගෙවනවද? මේ වගේ හදවත් කම්පාකරන සිද්ධියක් කාටවත් අහන්න දකින්න නොලැබේවා. මේක ඉතිරිවෙලා ඉන්න මනුස්සයන්ට ලොකු පණිවුඩයක්. මේවා අහලා දැකලා ක්ෂණික කේන්ති යන අයට හොඳ පණිවුඩයක්. මේ පුද්ගලයා විතරක් ගියා නම් කමක් නැහැ. බිරිඳ අහිංසක දරුවෝ කී දෙනෙක් අද වන්දි ගෙවනවද? දකින කිසි කෙනකුට දරාගන්න අමාරුයි. ඇත්තටම කනගාටුයි. ඉවසීම නැති තැන තමයි මේ වගේ දෙයක් සිද්ධ වුණේ. අනාගතය දකින්න ඉන්න දරුවෝ. අපි අසල්වැසියෝ සියලු දෙනා දුක්මුසුව තමයි ඉන්නේ. මෙහෙම සිදුවීමක් මේ ගමේ මීට ඉස්සෙල්ලා සිදුවෙලා නැහැ. අපිට හරිම දුකයි…’
මේ සිදුවීමට හේතුව කෝපය බීමත්කම. මේ සියල්ල එක්ව මිනිස් සිතක් අමානුෂික ප්‍රතිරූපයකට හැරෙද්දී දරුවාටත් මවටත් තමන්ටත් මරණයම උරුම කර දීමයි. පවුල තුළ ප්‍රශ්න සාමකාමීව විසඳා නොගැනීමෙන් අහිංසක ජීවිතවලට සමුදෙන්නට සිදුවීම කනගාටුවට කරුණක්. මේ මව දරුවන් වෙනුවෙන් දරුණු වේදනාවකට පත්ව ඇය අවසන් වරටත් මවක් ලෙස සටන්කර ගින්නෙන් පිලිස්සී රෝහලේ ඇඳක් මතදී අවසන් හුස්ම හෙළුවා. ඇය ගියේ දරුවන් අතහැර නොයන මවක් ලෙසයි.

මේ කතාව අපට කියන්නේ එකම දෙයයි. මොහොතකින් හටගත් කෝපය නිසා විනාශය සදාකාලිකයි. අහිංසක දරුවන් කවදාවත් මවුපියන්ගේ වැරදිවලට වන්දි ගෙවිය යුතු නැත. අපේ හදවත්වල දැනටත් ඉතිරිව පවතින්නේ අහිංසක මවකගේ කඳුළු දරුවන්ගේ නිහැඬියාවයි. මෙය පවුලක විනාශයක් පමණක්ව නොව සමාජයක් විදියට අසාර්ථක වූ තැනක් පිළිබඳ අනතුරු ඇඟවීමකි. කෝපය, මත්පැන් සහ පවුල් ආරවුල් මිනිත්තු කිහිපයකින් විසඳිය හැකි ප්‍රශ්නයි. දරුවන් කිසි විටකත් වැඩිහිටියන්ගේ වැරදිවල දඬුවම විය යුතු නැත. මවක් පියෙක් කියන්නේ දරුවන්ගේ ආරක්ෂාවයි. මෙයින් අප ආදර්ශයට ගත යුතු එකම දෙයයි. කෝපය පාලනය නොකළහොත් පසුතැවිල්ලට කාලයක් නැත. සමාජයේ මෙවැනි ඛේදනීය සිදුවීම් සිදු නොවන්නට අප වගබලා ගත යුතුය.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

සරත්ගේ ’17 PAINTINGS’ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී! PHOTOS I Sri Lanka Latest News

Next Post

වමේ වංචාව හෙවත් ඒකා-අධිපතියකුගේ අවසානය! රතු පාටින් එන පාලකයන්ට වෙනිසියුලාව දෙන අමතක නොවන අනතුරු ඇඟවීම! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.