‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාසක් වෙනුවෙන් ‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ නව නිවසක් ඉදි කරගැනීමට රජයෙන් රුපියල් ලක්ෂ 50ක් ලබාදීමේ නිල වැඩසටහන ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (9) අනුරාධපුරයේ දී පැවැත්වේ.Sri Lanka Latest News
මීට අදාළ NDRSC/02/04/10 අංක දරණ චක්‍රලේඛය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් නිකුත්කර ඇත.
එහි යම් නිවසකට පූර්ණ හානි සිදු වූ බවට හඳුනාගැනීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ලබාදෙන නිර්දේශ ඇතුළත් කර තිබේ.
මේ අතර අද (8) පාර්ලිමේන්තුවේ පැවැති විවාදය අතරතුර දී මතුවූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය බිමල් රත්නායක මහතාද මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීය.
එහිදී ඔහු පවසා සිටියේ රුපියල් ලක්ෂ 50 මුදල ලබා දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) නිර්දේශ අවශ්‍ය නොමැති කුරුණෑගල, අනුරාධපුර, පුත්තලම දිස්ත්‍රික්කවල මෙම නිවාස ඉදිකිරීම් ආරම්භ කරන බවය.










