• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා විපක්ෂනායක කාර්යාලයේ මාධ්‍ය හමුවේ වාඩිවෙයි! ලංකාවට වෙන්න යන දේ ගණන් හිලව් එක්කම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

January 8, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා විපක්ෂනායක කාර්යාලයේ මාධ්‍ය හමුවේ වාඩිවෙයි! ලංකාවට වෙන්න යන දේ ගණන් හිලව් එක්කම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා, දැක්වූ අදහස් මෙසේය.Sri Lanka Latest News

‘‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති එකඟතාවයන් සංශෝධනය කර ගැනීමේ වැදගත්භාවය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීන් ප්‍රකාශ කරනු ලැබුවා. ඒ වැදගත්භාවය ආර්ථික විද්‍යානුකූලව මතුවෙලා තිබෙන තත්ත්වයන් සමඟ කෙතෙක් දුරට අවශ්‍ය වන්නේදැයි සොයා බැලිය යුතුයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියත් සමඟ ණය තිරසර කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව යම් එකඟතාවලට පැමිණ තිබෙනවා. ඒ වගේම දිනකට ඩොලර් 4.2 කට අඩු ආදායමක් ලැබීම අන්ත දුක්ඛිතභාවයක් බව ලෝක බැංකුව අර්ථ දක්වනවා. ඩොලර් 4.2 ක යනු ජාත්‍යන්තර දරිද්‍රතා ඉම ලෙස හඳුන්වා දෙනවා.

ඒ වගේම 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ දරිද්‍රතා රේඛාව සියයට 22.4 ක් වන බව ලෝක බැංකුව පුරෝකථනය සිදුකරනවා. ඒ වගේම 2027 දී ශ්‍රී ලංකාවේ අන්ත දුක්ඛිත දරිද්‍රතාවයනේ පෙළෙන ප්‍රතිශතය සියයට 20 කට වඩා වැඩි බවත් ලෝක බැංකුව දත්ත මගින් පෙන්වා දී තිබෙනවා.

ඒ වගේම අධ්‍යාපනය , සෞඛ්‍ය සහ ජිවන තත්ත්වය වගේම තවත් දර්ශක 10 ක් මත පදනම්වන බහුමාන දරිද්‍රතා දර්ශකය පිළිබඳවත් ලෝක බැංකුව තොරතුරු වාර්තා කර තිබෙනවා. බහුමාන දරිද්‍රතා දර්ශකයට අනුව ලංකාවේ ජන ගහනයෙන් සියයට 50 ක් පමණ දුප්පත්භාවයෙන් පෙලෙනවා. එ් අතරයින් වතු ආශ්‍රීතව සියයට 68 ක පිරිසත් දුප්පත්භාවයෙන් පෙළෙන බවත් , ග්‍රාමීය දුප්පත්භාවය සියයට 48 ක් සහ නාගරික අංශයේ දුප්පත්භාවය සියයට 38 ක් බවත් ලෝක බැංකු වාර්තාවල සඳහන් වෙනවා.

ඒ වගේම ශ්‍රී ලංකාවේ මන්දපෝෂණයෙන් පෙළෙන ප්‍රතිශතයත් ඉහළ ගොස් තිබෙනවා. අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන සියයට 22.4 ක ප්‍රතිශතයට ඉහළින් සියයට 10 ක් සිටින බව ලෝක බැංකු වාර්තාවල සඳහන් වෙනවා. එම සියයට 10 ක ප්‍රමාණය මොනයම් හෝ අවස්ථාවක දරිද්‍රතා ප්‍රතිශතයට එකතුවීමේ අවදානමක් තිබෙන බවත් ලෝක බැංකුව ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් රටේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ අන්ත දරිද්‍රතාවයෙන් පසුවෙනවා.

ඒ වගේම ලෝක බැංකුව මෙම දරිද්‍රතා දර්ශක පිළියෙළ කර තිබුණේ දිට්වා සුළි කුණාටුව ඇතිවීමට පෙරයි. දිට්වා සුළි කුණාටුවෙන් පසු ඩොලර් බිලියන 4.1 ක සමස්ත පාඩුවක් රටට සිදුවී ඇති බව ලෝක බැංකු වාර්තාවල සඳහන් වෙනවා. දළ දේශිය නිෂ්පාදනයෙන් එය ප්‍රතිශතයක් ලෙස එය සියයට 4 ක පමණ ප්‍රමාණයක් වනවා. විශේෂයෙන්ම මිලියන 2 ක ජනතාවක් මෙම සුළි කුණාටුව හේතුවෙන් ඇතිවුණ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව තිබෙනවා. ඒ වගේම මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් ලක්ෂ 5 ක් පමණ දැඩි පීඩාවකට පත්ව තිබෙනවා.

ඒ වගේම දරිද්‍රතා රේඛාවේ සිටින පුද්ගලයෙකුට 2021 දී රුපියල් 8000 ක් අවශ්‍ය වුයේනම් අද වනවිට එම මුදල රුපියල් 16,000 දක්වා වැඩි වෙලා තිබෙනවා. ජිවන වියදම දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම සුළි කුණාටු තත්ත්වයට පෙර රටේ ජනගහයෙන් සියයට 15 ක පමණ වහලයක් නැහැ. කෙසේ නමුත් දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙම තත්ත්වය තවත් බැරැරුම් ලෙස වර්ධනය වී තිබෙනවා. ඒ වගේම රටේ සියයට 20 කට වැඩි තරුණ තරුණියන් පිරිසක් විරැකියාවෙල් පෙළෙනවා. ඒ වගේම විදුලිබිල , ජලබිල ගෙවා ගැනීමට නොහැකිව තවත් විශාප පිරිසක් අපහසුතාවයන්ට පත්ව තිබෙනවා.

කෙසේ නමුත් ආර්ථික අර්බුදය හමුවේ බැට කමින් සිටි , ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා අනුව දැඩි බදු බරකින් පීඩාවට පත්ව සිටි ජනතාවට ගහෙන් වැටුණ මිනිසාට ගොනා ඇන්නා වගේ වැඩක් සිද්ධවෙලා තිබෙනවා. ඒ නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම රටට ඵලදායි ලෙස ප්‍රතිසංස්කරණය කරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ විදේශිය ණය අත්හිටුවීම සිදුකළ යුතු බව ලෝකයේ පිළිගන්නා සංවර්ධන ආර්ථික විද්‍යාඥයින් 120 ක් දැනුම් දී තිබුණා. ඒ වගේම නැවත වතාවක් ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියක් ආරම්භ කළ යුතු බවත් ඔවුන් ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය සමගි ජනබලවේගය දැන ගැනීමට කැමැතියි.

ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහෝදර ආයතනයක් වන ලෝක බැංකු දත්ත අනුව රටේ දරිද්‍රතාවය ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම දුප්පත් ජනතාවගේ ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙනවා. ඒ වගේම නිවාස නැති විශාල පිරිසක් රටේ සිටිනවා. ඒ වගේම ජිවන වියදම ඉහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වයන්ට ආණ්ඩුවේ ආර්ථික මොඩලයෙන් ලැබෙන පිළිතුර කුමක්ද? ඒ වගේ ආර්ථිකය වර්ධනය වී එහි ප්‍රතිලාභ ජනතාව ලැබේවේ යැයි පිරිසක් සිතනවා. නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ලැබෙන්නේ ණය දුන්න පිරිසටයි. ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට ලැබෙන්නේ නැහැ. යම් යම් සුළු ප්‍රතිලාභ ජනතාවට ලැබුණත් එහි වැඩි ප්‍රතිලාභයක් ලැබෙන්නේ ණය ලබාදුන් පිරිසකට. සියයට 40 කට වඩා වැඩි ප්‍රතිශතයක් ණය හිමිකරුවන්ට ලැබෙනවා. ඒ වගේම මෙම තත්ත්වය ඉදිරියට ගියහොත් ණය කපාහැරිම් ප්‍රතිශතය සියයට 15 සිට සියයට 7 දක්වා අඩුවිය හැකියි.

ඒ වගේම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා හොඳින් ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකාව ධනාත්මක වෙනස්කම් අත්කරගෙන තිබෙන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කර ගෙන තිබෙනවා. ඒ වගේම අවදානම් සහිත තත්ත්වයන් වැඩි වී ඇති බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කරනවා. කෙසේ නමුත් රටේ ඇතිවී තිබෙන අවදානම් තත්ත්වයන් මොනවාද කියලා ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි. ඒ වගේම ප්‍රාථමික ගිණුමේ හිඟය ගණනය කරද්දී දේශිය වශයෙන් කොන්ත්‍රාත්කරුවන්ට සහ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ණය සහ පොලි අත්හැරදමා තමයි ගණය කර තිබෙන්නේ.

ඒ වගේම වර්තමාන රජයේ ආර්ථික මොඩියුල තුළ සියලුදෙනා අන්තර්ගතවන තත්ත්වයක් පෙනෙන්න නැහැ. දුප්පත් ජනතාවගේ දුප්පත්භාවය වැඩි වෙමින් පවතිනවා. පහළ මධ්‍යම පාන්තිකයින්ට ආර්ථික පීඩාව දැනෙනවා. බදු ගෙවන්නන්ට ඉහළ බදු ප්‍රතිශතයක් ගෙවන්න සිදුවෙලා තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ ආර්ථිකය සියලුම දෙනාට අත්කර දෙනවා වෙනුවට ණය දුන්න පුද්ගලයින්ට වැඩි වාසියක් හිමි වන බවත් තමයි පෙනෙන්න තිබෙන්නේ. ඒ නිසයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාවය පිළිබඳව නැවත සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලිය සාදා ගතයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන්නේ.‘‘

SendShareShare
Previous Post

ආයෙමත් සුළිකුණාටුව සිහිවෙයි! බදුල්ලට මහ වැසි! පාරවල් දිගේ වතුර දෝරේ ගලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අසභ්‍ය වෙබ් අඩවියක නමක් මුද්‍රණය වෙච්ච එක ගැන අගමැතිවරිය මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක කරුණු පැහැදිලි කරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.