ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් ආසන කැඳවුම්කරුවන් වෙත පත්වීම් ලිපි ලබාදීම අද (07) දින බත්තරමුල්ල, නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.Sri Lanka Latest News
ඒ අනුව ආසන කැඳවුම්කරුවන් ලෙස,
හක්මන – ලක්මාලී සුභාෂිණි බුලේගොඩ
දෙවුන්දර – සුජීව වෙදගේ
වැලිගම – සුසන්ත ජයලත්
කඹුරුපිටිය – කීර්ති විජයවංශ
දෙනියාය – රුවන් ජයසිංහ යන මහත්ම මහත්මීන් පත්වීම් ලිපි ලබා ගන්නා ලදී.
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, මාතර දිස්ත්‍රික් නායක ලක්ෂ්මන් යාපා අබේවර්ධන , හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් සහභාගී විය.










