පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් නිහාල් සෙනෙවිරත්න මහතාගේ හදිසි වියෝව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සියලු දෙනාම බලවත් ශෝකයත් සාතිශය සංවේගයත් පුදකර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
එතුමා මහලේකම්වරයා ලෙස ඒ ඒ තනතුරට පත්වූයේ දෙවැනි සහකාර ලේකම්වරයා ලෙස සේවාව පාර්ලිමේන්තුව තුළ ආරම්භ කරමින් බවත් 1981 මහලේකම් ධුරයට පත්ව 1994 දක්වා විශිෂ්ට සේවාව ක්‍රියාත්මක කළ බවත් විශ්‍රාම යෑමෙන් පසුවත් විවිධ අයුරින් පාර්ලිමේන්තු ක්‍රියාදාමය ශක්තිමත් කරන්නට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න විශාල සේවාවක් ඉටු කළ බවත් ඒ සේවාව අගය කරමින් සියලු දෙනා වෙනුවෙන් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කර බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.










