අමෙරිකාවේ අත්අඩංගුවට පත්වූ නිකොලස් මදුරෝගේ පුත්‍රයා වන වෙනිසියුලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිකොලස් අර්නස්ටෝ මදුරෝ ගුවේරා ඊයේ එරට පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිකොලස් මදුරෝ පැහැරගෙන යෑමෙන් පසු පළමුවරට පාර්ලිමේන්තුව ඇමතූ ඔහු සඳහන් කර ඇත්තේ අමෙරිකාව විසින් සිදුකළ නීතිවිරෝධී මෙහෙයුම ජාත්‍යන්තරයට භයානක පූර්වාදර්ශයක් බවය.Sri Lanka Latest News
රාජ්‍ය නායකයකු පැහැරගැනීම සාමාන්‍ය සිදුවීමක් ලෙස සැලකීමෙන් කිසිදු රාජ්‍යයක් ආරක්ෂිත නොවන බව ප්‍රකාශ කර ඇති මදුරෝගේ පුත්‍රයා අද වෙනිසියුලාවට අත් වූ ඉරණම හෙට තවත් රටක සිදුවිය හැකි බවට ද අනතුරු අඟවා තිබේ.
සිය මවුපියන් වහාම නිදහස් කරන ලෙසත් ඔහු අමෙරිකාවෙන් ඉල්ලීමක් කර ඇති අතර, අධිකරණයේ ගොනු කළ අධිචෝදනා පත්‍රයට ඔහුගේ නම ඇතුළත් කිරීම හෙළා දකින බව ද ප්‍රකාශ කර තිබේ. ඔබ නැවත පැමිණෙන තුරු අපගේ රාජකාරිය ඉටු කරන බව කියමින් ඔහු සිය කතාව අවසානයේදී පියාට පණිවුඩයක් ද නිකුත් කළ බව වාර්තා වේ.










