රක්ෂිත, පරිවාර රක්ෂිත හා වනාන්තර සුරක්ෂා කිරිම ගැන පරිසර අමාත්‍යවරයා පැහැදිලි කළ බවත් මේ වනාන්තර සුරක්ෂා කිරීම සිංහරාජය ඇතුළු රට පුරාම ක්‍රියාත්මක විය යුතු බවත් හක්වටුනාව ජලාශ්‍රයේ රක්ෂිතය ආරක්ෂා කරන්න හේරත්ගම අඩවිවන නිලධාරි කාර්යාලයේ චතුර ගුණරත්න මහතා මාරු කරන බවත් ඊට අමතරව ගල්ගමුව කුඹුක්වැව වන සංරක්ෂණයට අයිති භූමියක අනවසර පස් කැපීම සිදු කරන විට රජයේ නිලධාරින්ට බාධා කරන බවත් මෙවැනි දේවල් මැද රක්ෂිත ආරක්ෂා කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
මේ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ ගැටලු සම්බන්ධයෙන් ප්‍රශ්න කරන විට කතානායකවරයා ඇතුළු ආණ්ඩුවේ මන්ත්‍රීවරු දිගිින් දිගටම එයට විරෝධය පළ කරන ලදී.











